
(අංජුල මහික වීරරත්න)
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදී චාල්ස් කැලනන් මහතා මේ බව කීය.
මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විශ්ලේෂණය කරමින් අවශ්‍යතාවය පරිදි එම ව්‍යාපෘති කඩිනම් කිරීම, ඉදිරි සැලසුම් සකස් කිරීම වැනි කරුණු මූලික කර ගනිමින් මෙහි දී සාකච්ඡා පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තම අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම මෙරට ජනතාවට ගුණාත්මක,තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව මෙරට රෝහල් පද්ධතිය වෙත ලබා දීම බවත්, එම කාර්ය සිදු කිරීමේ දී නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බවත් කීය.
මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ රාජ්‍ය හා පෞද්ගලික අංශ හරහා නුදුරේ ම ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය

COMMENTS
රටේම ජනතාවට අවබෝධයෙන්ම බොරු කියලා කියලා ඔවුනොවුන් එකිනෙකාට වෛරය කරවලා කරවලා ජාති ආගම් භේදභින්න කරවලා කරවලා ගොබ්බ ජනතාව අරගලයකට පොළඹවලා මහ පොළව නොපැතූ ම්ලෙච්ඡ ත්‍රස්තවාදි සංවිධානයක් මේක. දැන් දැන් බෝධි සත්වයින් ලෙසයි කටයුතු කරන්නේ...
එම උසස් අදහස ඉක්මණින්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා !
එතකොට විදේශීය සමාගම් වලින් දොස්තරට එන කොමිස් මුදල... කැත වැඩ කරන්න එපා මහත්තයෝ එතකොට දොස්තර V8 ගන්නේ කොහොමද? හැමදාම මරුටියෙන් යන්න වෙන්නේ...!
කරන්නට පුළුවන් වැඩක් කථා කරන්න.
කොච්චර හොඳින් වැඩ කරන්න හැදුවත් අර md කියලා අදහස් දාපු විදිහේ මානසික රෝගීන් ඉන්නවා. ඔවුන් මනෝරම්‍ය ලෝකයේ ඉඳලා යථාර්ථයට ගල් ගහනවා. පුළුවන් නම් ඔවුන් කොහේ හරි දූපතකට අර රිලවුන් එක්ක දාලා තියලා රට දියුණු වුණාට පස්සේ ගන්න වැඩපිළිවෙළක් හදන්න කරුමයක් නැත්තන්.
මේවා විශ්වාස කරන්න පුළුවන් දේවල්ද? ඉස්සෙල්ලා හාල්, පොල්, ළූණුවලින් පටන් ගන්න.
මේවා වහලුන්ට ලොකු වුණාට... මීට අවුරුදු ගාණක සිට රටේ බෙහෙත් නිෂ්පාදනය කරනවා. ග්ලැක්සෝ සහ ෆයිසර් සමාගම් පෙරමුණේ ඉන්නේ.