IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මෙම වසරේ සංචාරකයන් ලක්‍ෂ 20 කඩයිම පසුකරයි

(ටී.කේ.ජී.කපිල)

මෙම වසරේ (2025) ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම (මිලියන 02) ලක්ෂ 20 කඩඉම පසු කර යාමට අද (17) සමත් විය.

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රි ලන්කන්  ගුවන් යානයේ පැමිණී රෆායෙල් කැරොන් (Raphael Caron සහ ඔහුගේ බිරිද ක්ලෙයා චාලට් ( Claire Charlet) මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත වෙත පැමිණීමත් සමග මෙම ලක්ෂ 20 කඩඉම පසු කර යාමට හැකිවී තිබේ

මොවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතර ඔවුන් සති දෙකක කාළයක් මෙරට රැදී සිටිමින් , සංචාරයෙහි මෙන්ම සාප්පු සවාරිවල යෙදීමට නියමිතය.

රෆායෙල් කැරොන් මහතා ප්‍රංශයේ මූල්‍ය කළමනාකරුවෙකු ලෙස සේවයේ නිරත වී සිටින්නෙකි.

ඔවුන් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) පස්වරු 01.30ට පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ පාලන සහ මානව සම්පත් අනූෂා දමයන්ති මහත්මිය ඇතුළු එම කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.



අදහස් (0)

මෙම වසරේ සංචාරකයන් ලක්‍ෂ 20 කඩයිම පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site