
(සුජිත් හේවාජුලිගේ)
රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව එම බලපත්‍රය අද සිට අත්හිට වෙනු ඇත. එම මුදල් සහ අධිභාරය ගෙවීම දිගටම පැහැර හරින්නේ නම් සමාගමේ ප්‍රවාහන කටයුතුද අත්හිටුවන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි
මේ අතර මත්පැන් බලපත්‍රය ලබන තිස් එක වැනිදා අවසන් වීමට නියමිත අතර එය තව දුරටත් දීර්ඝ නොකිරීමටද සුරාවට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත
COMMENTS
අඩෝ කවුද ඩෝ අපේ ගජයා ඇලෝශියෂ් මලයාගේ අරක්කු ලයිෂන් එක කැන්සල් කළේ? ඒම කෝමද? සුරාබදු කාරයා මටත් වැඩිය ලොක්කෙක්ද? වහාම ලයිෂන් එක ආපහු දීලා, වැඳලා සමාව ගන්න. නැත්නම් මම නරක මිනිහයි කියන්න එපා.. හරිද?
ඔන්න සුපිරි තීරණ... දැන් රට හැදෙනවා.
බේබද්දෝ පෙළපාලි යයිද?
වෙන ආණ්ඩුවක් ආවා නම්, මොවුන් යටින් ඔවුන්ට වියදම් කරලා, දිගටම මේ වැඩේ කරගෙන යනවා. කොටි 570ක් සෙල්ලම් නෙවෙයි. තව එකක්, මේ ආණ්ඩුවට අඩුම අවුරුද්දක්වත් දෙන්න ඕනේ, මේවා හොයලා බලලා කරන්න. පළපුරුද්ද තිබ්බ කඹ හොරු කරපුවා හොයලා බලන එක ලේසි නැහැ. අර විපක්ෂයේ අයට පාර්ලිමේන්තුව ඇතුලේ හැදිලා තියෙන කඩි කුලප්පුව දැක්කාම මානසික රෝගයක්ද කියලා හිතෙනවා. බදු අඩුකරන්නලු, වාහන ගෙන්නලු, වාහන බදු අඩු කරන්නලු, පරිප්පු හාල් අඩුකරන්නලු. මේවා හොඳයි, ඔවුන්ගේම වහල්ලුන්ට. තාම සජිත්ට තේරිලා නැහැ... මිනිස්සු ඡන්දේ මේ සැරේ වෙන පක්ෂෙකට දුන්නේ ඇයි කියලා, මේ යන විදියට සජී සීයාගේ රෙකෝඩ් එක කඩන්ටත් ඉඩ තියෙනවා...
දැන් එතකොට ඒ නොගෙව්ව බදු සල්ලි? ඒවා කොහොම හරි අය කර ගන්න එපැයි. එහෙම නැතුව මේ අහෝසියෙන් වැඩක් නෑ.
ඇක්ෂන් නොගෙන ටැක්ස් එක බිලියන ගානක් එකතු වෙනතුරු නිදාසිටි නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුය. බිස්නස් එකක් වසා එයින් යැපෙන සේවක පවුල්, අනිත් බිස්නස් සහ බ්‍රෑන්ඩ් අැඩික්ටඩ් පාරිභෝගිකයා වැනසීම නොව ව්‍යාපාරය වැඩි දියුණකර දිගටම පවත්වාගත හැකි හැක්කේ කෙසේද ගැනත් බලධාරින් අවධානය යොමුකල යුතුය.
මේ තරම් අති විශාල හිග බදු මුදලක් එකතු වන තෙක් ගජ මිතුරන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන මෙතෙක් කල් නිහඩව සිටි දේශපාලුවන්ට සහ අදාල නිලධාරීන්ට එරෙහිව නිසි විනය පියවර ගැනීමට නොපමාව කටයුතු කල යුතුය.
ලංකාවේ සුරා බදු මුදලින් එන ආදායම ,මත්පැන් වලින් වෙන සෞඛ්‍ය වියදම් එක්ක සංසන්ධනය කලොත් ,සෞඛ්‍ය වියදම වැඩියි ,ඒකට රජය පිළියම් කරන්න ඕන . මත උවදුර නැති කරන්න
සල්ලි හම්බෙන්නෙ නැති තැන් නම් කමක් නැහැ
අයවිය යුතු හිඟ බදු මුදල් වලට මොකද වෙන්නෙ
මත් පැන් බලපත්‍රය දීර්ඝ නොකලොත් ඊට පසුව සිදුවන දෙය පැහැදිලි කරන්න පුලුවන්ද?
යුක්තිය මීට පෙර තිබුණේ කොහේද? මේවා රජයන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජන විශ්වාසය ගොඩනඟන දේවල් ය. මේ ව්‍යායාමය මේ ආණ්ඩුව බලයට පත්වෙනකම් කරපු දෙයක් නැහැ. දැන් දේවල් පෙරළෙමින් තිබේ. සියලුම සාමාන්‍ය ජනතාව ඉල්ලා සිටින්නේ කුඩා හෝ ලොකු කිසිවකුට කිසිදු අනුග්‍රහයක් නොමැතිව නීතිය සාධාරණව හා සමානව ක්‍රියාත්මක කරන ලෙසයි. දේශපාලන බලපෑම්වලින් මිදී නීතියට අනුව කටයුතු කරන්න.මේ දේවල් පිළිවෙළකට සකස් කළොත් ඉතා ඉක්මනින් රට දියුණු වී දියුණු ජාතියක් වනු ඇත.
පෙර පැවති රජයෙන් සමඟ ඩීල් නිසා මෙයාලාට ඕනෑ ඕනෑ විදියට නටන්න දීලා හිටියා වෙන්දේසි කර හෝ බදු අයකරගන්න
දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. ඔවුන්ටම හරියන උන් බදු නොගෙවා පැහැර හැරියා. රට කාබාසිනියා කරන්න දායක වෙච්චි හැම එකාටම සාප වේවා...! ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා...!