
(ටි එල් ජව්ෆර්කාන්)
එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදීම හේතුවෙන් එරාවුර් මූලික රෝහලට අද (08) ඇතුළත් කර තිබේ.
දේශපාලන ගැටලු හේතුවෙන්, මන්ත්‍රීවරයාගේ පියාට සහ සහෝදරයාට මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදී පුද්ගලයෙකු විසින් අද උදෑසන 6.00 ට පමණ පහර දී තිබූ බව මේ සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් සාලි නලීම් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙස්ද පැවසීය.
"මම උදේ කොළඹ ඉඳන් ඇවිත් රෝහලට යනකොට, වෙනත් පක්ෂයක ආධාරකරුවෙක් මාව රෝහලේ තියාගෙන මට අපහාසාත්මක වචන කතා කළා. මෙයින් පසු මම පොලිස් ස්ථානයට ගොස්, වාහනයෙන් බැස ඇතුළට යන විට, පිටුපසින් පැමිණි ඒ පුද්ගලයා ඔහුගේ යතුරුපැදියේ හිස්වැස්මෙන් මට පහර දී, පොලිස් ස්ථානය තුළදී ද මට පහර දීමට උත්සාහ කළා."
මේ අතර, මෙම සිද්ධියේදී එවැනි කිසිවක් සිදු නොවූ බවත් දෙදෙනාම තල්ලු කර දැමූ බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
ඉස්සර වගේ නෙමෙයි දැන් සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය මිනිස්සු ඒ අයගෙන් හොරා කලා රජ පුටුවලට ගිය දේශපාලුවන්ගෙන් පලිගන්න පටන් අරන්. සමහර විට හෙට අනිද්දා මුහුණ වහන් යන්නේ වෙයි මේ අයට.
ජාතිවාදී නම් වලින් කරන දේශපාලනය අවසන් කළ යුතුයි.
මොකද්ද බොරුව? රට බංකොළොත් කළේ බොරුද? ණය ගෙවලා නෑ බොරුද? ණය නැතුව යන්න බැරි රටක් බොරුද? හොර මගඩිවලට නඩු දාලා ඉවර කරන්න ලංකාවේ කල්යනවා බලාගෙන ඉන්න.