
(ප්‍රදීප් කුමාර)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි වසර ගණනාවක් වසා දමා තිබු වී ගබඩාවක් ශුද්ධ පවිත්‍ර කර යළිත් වී ගබඩා කළ හැකි අයුරින් ප්‍රතිසන්සකරණය කිරීමට මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
මුලතිව් පුදුකුඩි ඉරිප්පු තිම්මිලි ප්‍රදේශයේ පිහිටි මෙම වී ගබඩාව පසුගිය කොරෝනා උවදුරෙන් පසු වසා දමා ප්‍රයෝජනයට නොගෙන තිබේ.
එම කාලසීමාව තුළ වී ගබඩාවට වී මිලදී ගැනීමක් ද සිදු කර නොමැති බව අනාවරණය වේ.
මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලි ප්‍රදේශයේ ස්ථාපිත 593 වන බල සේනාවේ 59 වන සේනාංකයේ යුධ හමුදා සෙබළුන් විසින් මෙම වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානය යළි ප්‍රතිස්ථාපනය සදහා පියවර ගෙන තිබේ.

COMMENTS
කලින් ආණ්ඩු හමුදාව ඔය වගේ වැඩ වලට යෙදෙව්වහම රණවිරුවන් කුණු අදින්න දැම්මා කියලා කිව්වා.
වැඩක් වෙනවා නම් හොඳයි, නැත්නම් පුද්ගලික අංශයට කුලියට දුන්නා නම් හරිනේ
යෝගෝ කලින් ආණ්ඩු රණවිරුවන්ව යොදා ගත්තේ තම තමන්ගේ ගෙවල් වල වතුවල බංගලා වල වැඩ කර ගන්න. මේ මිනිස්සු මේ කරන්නේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන වී ටික ගබඩා කරගන්න. ඔය දෙක තේරුම් ගන්න හරියට හිතලා. මේක කුලී වැඩක් නෙමෙයි යම් කිසි ප්‍රමිතියකට කරන වැඩක්. පිට මිනිස්සු දාලා කරන්න ගියොත් වැඩේ තව කල් යනවා. ඔය වී හාල් වැඩේ නිදහස් වෙළද පොලේ කරන්න අපේ රටේ වගේ හොඳ මිනිස්සු නැති නිසා අකමැත්තෙන් හරි ආණ්ඩුවට යම් වැඩ කොටසක් කරන්න වෙලා තියෙනවා. මොකද මේ උදේ හවා බන කියවෙන අසන රටේ වී හාල් බිස්නස් එක කරන්නේ අධම ව්‍යාපාරිකයන් පිරිසක්. නැත්නම් බඩ ගින්නට මිනිසුන්ට බත් කන්න තියෙන හාල් ටිකට හැම අවුරුද්දෙම මොකක් හරි ජරා වැඩක් කරලා හංගල එහෙම නැත්නම් බියර් වගේ වෙන මොනවහරි වැඩකට යවලා හිඟයක් ඇති කරලා මිල වැඩි කරලා ගසා කනවා. මිනිස්සුන්ට බත් ටික සාධාරණ මිලට හාල් දෙන්න ඔවුන් කටයුතු කරනවානම් ඔය ගබඩා පුද්ගලික අංශයට දෙන්න පුළුවන්. එත් ඔවුන්ව කාටද විශ්වාස කරන්න පුළුවන් මෙතෙක් කල් කරපු අශිෂ්ට වැඩ දැක්කම.