IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මියගිය කකුළුවන් ත්‍රි‘මලේ වරායේ

(අමදෝරු අමරජීව )

අයහපත් කාලගුණයත් සමඟ සුළි කුණාටු තත්ත්වය පහව යෑමෙන් පසු ත්‍රිකුණාමල ඇතුළු වරාය හා පිටත වරාය වෙරළට මියගිය කකුළුවන් විශාල ප්‍රමාණයක් මේ දිනවල ගොඩ ගසා තිබේ .

රතු පාටට හුරු මෙම කකුළු විශේෂය අද (31) හා ඊයේ (30) මෙලෙස වෙරළට ගොඩ ගසා ඇති ආකාරය දැකගත හැකිය.

මේ නිසා ඒ අවට අධික දුර්ගන්ධයක් පැතිර යන අතර නගර සභා හා ප්‍රාදේශීය සභා කම්කරුවන් යොදා මියගිය කකුළුවන් වෙරළේ වලවල් කපා වළ දැමීමට බලධාරීන් කටයුතු කරගෙන යයි .‍මේ

සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටී. කම්කානම්ගේ මහතා පැවසුවේ සීත හා උෂ්ණ දියවැල් වල බලපෑම නිසා මෙම කකුළු විශේෂය මියගොස් ගොඩ ගැසීම ඇතිවීය හැකි ස්වභාවික තත්ත්වයක් බවයි.

 පසුගිය වසරේදිත් මෙම කාලසීමාව තුළ මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් මෙම කකුළු විශේෂය මිනිස් පරිභෝජනයට නුසුදුසු ධීවරයන්ගේ දැල්වලට හානි කරන බව සහකාර අධ්‍යක්ෂවරයා කීය .මෙම තත්ත්වය එතරම් බිය වියයුතු තත්ත්වයක් නොවන බවත් එය ස්වභාවික තත්ත්වයක් බවද තවදුරටත් සහාකාර අධ්‍යක්ෂවරයා කීහ .

 



අදහස් (0)

මියගිය කකුළුවන් ත්‍රි‘මලේ වරායේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1769 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1453 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site