
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මංගල උත්සවයකදී හදිස්සියේ අසනීපවී රෝහල්ගත කළ තරුණයකු පානදුර රෝහලේ වෛද්‍යවරුන් පරික්ෂා කරමින් සිටියදී එම ස්ථානයට කඩාවැදුණු රෝහලේම මෘත ශරීරාගාරයේ සේවකයකු බව කියන පුද්ගලයකු තවත් පිරිසක් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැන වැදී පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පානදුර ප්‍රදේශයේ උත්සව ශාලාවක ව පැවති මංගල උත්සවයකදී නර්තනයේ යෙදෙමින් සිටි වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයකු හදිසියේම ඇද වැටී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමට එහි සිටි සෙසු සිසු පිරිස කටයුතු කර තිබූ බව එම ආරංචි මාර්ග පවසයි.
අසාධ්‍ය තත්ත්වයේ සිටි එම රෝගියා සූක්ෂම ප්‍රතිකාර ඒකකය තුළ වෛද්‍යවරුන් කීප දෙනෙකු විසින් පරික්ෂා කරමින් ප්‍රතිකාර කරමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මංගල උත්සවය නර්තනයේ යෙදෙමින් සිටි පිරිස අතර සිටි මෘත ශරීරාගාරයේ සේවකයකු ඇතුළු 15 දෙනකු පමණ පිරිසක් බලහත්කාරයෙන් රෝහල් භූමියට කඩා වැදී ආරක්ෂක නිලධාරීන්ට හෙද කාර්ය මණ්ඩලයට ද පරුෂ වචනයෙන් බැනවදිමින් තරුණයාට ප්‍රතිකාර කරන ලෙස වෛද්‍යවරුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට බැන වැදි ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS
දැන් මේ රටේ වෙලා තියෙන්නේ හැම එකක්ම නීතිය අතට අරගෙන වැඩ කරන්න යෑම. තම තමන් කවුද යන්න වටහා නොගන්නා අමන පිරිස් හිතාගෙන ඉන්නේ හැමවිටම තමා හරි යැයි නිගමනය පමණයි. මෙම සිද්ධියට පමණක් නොව අද සමාජයේ සිදුවන වර්ජන, තර්ජන, ගර්ජන, විරෝධතා, උපවාස, වැඩවැරුම්... සියල්ලම සිදුකරන අය සිතා සිටින්නේ තමන්ගේ කාර්යය පමණක් ඉටුවුණාම ඇති යන්නයි. ඒ සඳහා නීතියක් අවශ්‍ය නැති ගානට කරන වැඩ දිහා බැලුවාම ඒක හොඳට මේ රටේ මහජනතාවට තේරෙනවා. එහෙත් ඒ අයට මේක පෙන්වන්න අවස්ථාවක් තාම නැහැ. එය එන දවසට ජනතාවටත් එදාට අද වෙන දේ මතක නැති වෙනවා. එමනිසා කෙටියෙන් කියන්න තියෙන්නේ අහෝ අපේ රටකට ගිය කලක් යනුවෙනි...
පොහොට්ටු කාරයෙක් වෙන්න බැරිද?
පොහොට්ටුවෙක්...