IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මිද්දෙනියෙන් හමු වූ ද්‍රව්‍යයේ ’’අයිස්’’

(අංජුල මහික වීරරත්න)

මිද්දෙනියේ ඉඩමකින් හමු වූ  රසායනික ද්‍රව්‍යයෙන් ලබාගත් සාම්පල 20 න් 17 ක මෙතැපිටමින් හෙවත් අයිස් (Methamphetamine) මත් ද්‍රව්‍ය අන්තර්ගතවී ඇති බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා පවසයි.

එම මෙතැපිටමින් 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත සහ 2008 අංක 01 දරන මාදක ඖෂධ සහ මනෝ වර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත යටතේ ලැයිස්තු ගත කර ඇතැයි ද වන්නිනායක මහතා කියයි.

බස්නාහිර පළාත (උතුර) අපරාධ කොට්ඨාශය විසින් යොමු කරන ලද ඉල්ලීමට අදාලව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 5 වැනිදා මිද්දෙනියේ අදාල ස්ථානය පරීක්ෂා කර එම ස්ථානයෙන් අහඹු ලෙස ලබාගත් සාම්පල 20 ක් රසායනාගාර පරීක්ෂාවට ලක්කර ඉහත තීරණයට එළඹ තිබේ.

අදාල විශ්ලේෂණ වාර්තාව බස්නාහිර පළාත (උතුර) අපරාධ කොට්ඨාශය වෙත යොමු කර ඇතැයි ද විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේය.



අදහස් (4)

මිද්දෙනියෙන් හමු වූ ද්‍රව්‍යයේ ’’අයිස්’’

යෝගා Monday, 15 September 2025 05:31 PM

කන්ටේනර් පන්නන්න නියෝග දීපු අයට මොකද වෙන්නේ කියලා බලමු. නීතිය සැමට එකයිලුනේ.

:       6       8

pradeepMonday, 15 September 2025 06:37 PM

බයියන්ට අයිස් ගෙනාපු එක වරදක් කර නැත. වරායේ චෙක් කළ කට්ටිය තමයි වැරැදි...

:       0       0

පොඩිඑකාMonday, 15 September 2025 07:48 PM

මන්ද මානසික යෝගා, පස්ස කසකසා ඉන්නේ නැතුව දාන්නකෝ නඩුවක්...

:       0       0

Pawithraa Monday, 15 September 2025 05:57 PM

මේ ගල්පැලෙන බොරුවලින් රාජපක්ෂවරු බේරාගනිමු.

:       11       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27696 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18182 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 644 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 851 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site