(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනාවක් කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ බහින් බස් වීම් නිසා මැති සබයේ ලොකු ගාලගෝට්ටියක් ඇතිවිය.
දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් අතර සභාවට නොගැලපෙන වචන ද හුවමාරු වූයේය.
මේ අවස්ථාවේදී කතානායකවරයාට සභාව පාලනය කර ගැනීමට පවා නොහැකි වූ අතර මෙසේ දිගටම කලබල කළහොත් මැති සබය කල් දමන බව කතානායක වරයා මෙහිදී දැනුම් දුන්නේය .
මේ එහිදී ඇතිවුණු සංවාදයයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :
අපේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ සභාවේදි ප්‍රකාශයක් කළා.අපිට දැන් ආරංචි වෙලා තියෙනවා එතුමා ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගන්න යනවා කියලා.පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව එහෙම කරන්න බැහැ.මෙහෙම ගියොත් අපි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ කොහොමද.ත්‍රස්තවාදී පනත යටතේ කරන්න ඕන පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු ඇල්ලීමයි .
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:
පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයකට කිසිම මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න බෑ.අපි එහෙම ගන්න ඉඩ දෙන්නෙත් නෑ.මොකද හිරගෙදර තියෙන දුක අපි දන්නවා.නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා බොරු කියන එක නම් වැරදියි.හරින් අද කරන්න ඒක.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා (ස.ජ.බ)
හරින් අත්අඩංගුවට ගන්න යන්නේ ඔහු මේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයකට.ඒකට අපි විරුද්ධයි.ඇයි මෙහෙම කැත වැඩ කරන්නේ.
(ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කෑකෝ ගසති )
සජිත් ප්‍රේමදාස මහතා :
මන්ත්‍රීවරුන්ට භාෂණය නිදහස තිබිය යුතුයි .හරීන්ට ලැබුණු තොරතුරු එතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ
COMMENTS
කිසිම චාරයක් නැතුව හැසිරෙන අය... තිරිසනුන්ටත් වැඩිය අන්තයි. ලෝකයේ කොහේවත් නැතුව ඇති මේ වගේ අය...
අත්අඩංගුවට ගන්න සූදානමක් ඕනෑ නැහැ. පාස්කු ප්‍රහාරය ගැන පියාගෙන් තොරතුරු ලැබී තිබියදීත් එය සඟවා ගෙන පොලිසියට දැනුම් නොදුන් හරීන් අත්අඩංගුවට ගත යුතුව තිබුණේ දැනට වර්ෂ දෙකකට පෙරයි. ඔය පාර්ලිමේන්තුවේ කියන කතා නම් අධිකරණය පොලිසිය තබා රටේ මහජනතාවවත් ගණන් ගන්න එකක් නැහැ.
අසරණ ජනතාවගේ මුදල් නිකරුනේ වැයකරමින් දිනපතා පාර්ලිමේන්තුවේ සිදුවෙන මේ නරි නාඩගම් නැරඹීම අප්‍රියජනකයි. එක අතකට, හොර, අමන අඥානයින් ගෙන් මීට වඩා වෙනස් රංගනයක් බලාපොරොතු වෙන්නත් බැහැ. රටේ බහුතර මෝඩයින්ට නොදෙවෙනි ලෙස ඔවුන් පත්කොට යැවූ නායකයින් මෙලෙස හැසිරෙනවා විය හැකියි. වනචාරීන්ගෙන් මේ පින්බිම මුදා ගැනීමට තරම් ප්‍රබල ජාතියක් තවමත් ඉදිරිපත් නොවීම ගැන මා හට නම් ඇත්තේ කණගාටුවක්. කොහොමත් නුදුරු අනාගතයේදීම මේ තුප්පහි ජාතිය මේ රටෙන් වැනසී තුරන් වෙන බව නම් සිකුරුයි...
අපේ රට තරම් පහත් තත්වයකට ඇදලා දැම්මේ කවුද කියලා අවංකවම හිතුවොත් අපි හැමෝම දන්නවා. දන් ලංකාව කියන්නේ අරාජික රටක්...
‘‘මෝඩයින්ගේ පාරාදීසය‘‘ පාර්ලිමේන්තුවේ 3 වැනි ජවනිකාව...
ලෝකයේ පළවෙනි ‘‘අංග විකලයන්ගේ පාර්ලිමේන්තුව‘‘... !!!
පාර්ලිමේන්තුවේ කෑ ගහනවා බොරුවට, කියන කතා වලට නඩු දාන්ඩ බැරි නිසා. ඇවිල්ලා දන්න දේ පොලිසියට කියන්ඩ කිව්වම මතක නෑ . නිකන් කිවේවේ.සාක්කි නෑ. ඔන්න පණ්ඩිතයන්ගේ කයිවාරුව.