IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මැතිසබේ ’’ප්‍රොටොකෝල් කාර්යාලය’’ විගණකාධිපති යටතට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relationship and Protocol) දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇත්දැයි සෙවීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් විශේෂ විගණනයක් ආරම්භ කර ඇත.

එසේම මෙම කාර්යාලයේ කටයුතු විගණනය කිරීම කෙලින්ම විගණකාධිපතිවරයාට පැවරීමටද තීරණය කර ඇත.

එම කාර්යාලයේ කටයුතු මෙතෙක් විගණනයට ලක් කෙරුණේ පෞද්ගලික විගණන කණ්ඩායම් මාර්ගයෙනි.

විදේශ සංචාර සඳහා සහභාගී වන මැති ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට ඩොලර් පහසුකම් ඇතුළු විවිධ පහසුකම් සැපයීම මෙම කාර්යාලයට පැවරෙන ප්‍රධාන වගකීම වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ සෙසු සියලු කාර්යාලද දැඩි විගණනයට ලක් කිරීමට කතානායකවරයා තීරණය කර ඇත.

තවද පාර්ලිමේන්තුවේ මිලදී ගැනීමේ ක්‍රියාවලියද විධිමත් කිරීමට කතානායකවරයා නිලධාරීන්ට උපදෙස්දී ඇත.

 



අදහස් (2)

මැතිසබේ ’’ප්‍රොටොකෝල් කාර්යාලය’’ විගණකාධිපති යටතට

Small man Friday, 14 March 2025 08:22 AM

ඉතා හොඳ වැඩක්. හිටපු මහ ලේකමා දසනයකා ඕකෙන් හොඳට කෑව බිවුවා.

:       0       8

බයි සිතිවිලි Friday, 14 March 2025 09:21 AM

මේකටත් දැන් බනින්න දෙයක් හොයාගන්න ඕන.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 875 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site