IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මැකෝ මුදල් ලොක්කෝ කැඳවයි



(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල්  පිළිබඳව විමසීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට   17 වැනිදා  කැඳවූ බව එහි  සභාපති ආර්. එම්.ඒ  එල් රත්නායක මහතා පැවසීය.

ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම වැදගත් හෙයින් එම ප්‍රධානීන්  මෙසේ කැඳවා සාකච්ඡා කිරීමට  තීරණය කළ බවද  සභාපතිවරයා කීවේය.

මේ අතර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ දිනය මේ මස අග ප්‍රකාශයට පත් කරන බව පැවසූ රත්නායක මහතා  දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා 17 වැනිදායින් පසු   කොමිසමට බලය ලැබෙන බවද ප්‍රකාශ කළේය.

මේ අතර ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි හැටත් අසූවත් අතර මුදලක් වැය වන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු වැඩි විය හැකි බවද ඇය සඳහන් කළාය. මැතිවරණයකදී රාජ්‍ය නිලධාරීන් රාජකාරියට යොදා ගැනීමට අදාළ සංගණන පත්‍රිකා ද මේ වන විට මුද්‍රණය කර ඇතැයි රජයේ මුද්‍රණාලධිපතිනිය කීවාය.

 



අදහස් (2)

මැකෝ මුදල් ලොක්කෝ කැඳවයි

shantha Monday, 15 July 2024 02:16 AM

මහා භාණ්ඩාගාරයේ ඉන්නේ පට්ට හොරු බව කවුරුත් දන්නවා. ඒ වගේම තමයි මුද්‍රණාලයේත් ඉන්නේ පට්ට හෙරක්.

:       0       4

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 11:57 AM

මැතිවරණ කොමිසමේ පිනාලාට හැම දෙයක්ම කරන්න මතක්වෙලා තියෙන්නේ දැනුයි. මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් තිබෙන බව දැන දැනම ඒ සඳහා කිසිම පෙර සූදානමක් හො සැලැස්මක් නැතිවද මේ අය ඉදලා තියෙන්නේ... ගිය වසරේ නොවැම්බර් වල අයවැය ඇස්තමේන්තුව සම්මත වුවාට පසුව ඒ වහා වහා වෙන්කර ගන්න අවශ්‍ය ආයතන වලට වෙන්කර දෙන්න. මොවුන්ට වුවමනාවක් තිබි නැති බවක් තමයි පෙනෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 259 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site