IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මාස 10ට වාහන 250000 ගෙන්නලා

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ පළමු මාස 10දී මෙරටට වාහන 250,000 ක් පමණ ආනයනය කර ඇති බවත් ඉන් රේගුව ඉපැයූ බදු ආදායම රුපියල් කෝටි 63,000 ක් බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව එය සියයට 1000 කටත් වඩා වැඩි ප්‍රතිශතයකි.

මෙම වසරේ පළමු මාස 9 තුළ පමණක් මෙරට වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 36,431 ක් පමණ) මුදලක් වියදම් කර ඇති අතර වාහන ආනයනය වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

වාහන ආනයනයට වැඩිම මුදලක් වැයකර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ වන අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 286 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8682 ක් පමණ) මුදලක් ශ්‍රී ලංකාව වැයකර තිබිණි.

වාහන ආනයන වියදමට පෞද්ගලික වාහන මෙන්ම වාණිජ වාහන ආනයනය කිරීමට ගීය වියදමද ඇතුළත් වන බව දත්ත වාර්තා පෙන්වා දුන්නේය. මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 134 ක් වියදම් කර තිබූ අතර මැයි මාසයේදී ඩොලර් මිලියන 118 ක් මුදලක් වාහන ආනයනය කිරීම සඳහා වියදම් කර තිබිණි. එසේම ජූනි මාසයේදී ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 163 ක මුදලක්ද, ජූලි මාසයේදී මෙරටට වාහන ආනයනය කිරීමට ඩොලර් මිලියන 193 ක මුදලක්ද වැයකර ඇත. පසුගිය අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 249 ක මුදලක් වියදම් කර තිබිණි.

ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 61 ක මුදලක් වැයකර තිබුණේය.

 



අදහස් (4)

මාස 10ට වාහන 250000 ගෙන්නලා

Asela Monday, 03 November 2025 07:39 AM

666 / 5,000 වර්තමාන දේශපාලනඥයන් තරුණයන්ව මහා රැවටීමකට ලක් කර තිබුණා. ව්‍යාපාරික ධන කුවේරයින්ට, ටියුෂන් මාස්ටර්වරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් ඉහළ පෙළේ රජයේ නිලධාරීන්ට තමන්ට අවශ්‍ය පරිදි වාහන ගෙන ඒමට ඉඩ දෙන අතරම, අනුර සහ කණ්ඩායම තරුණයින්ට අවම වශයෙන් දැරිය හැකි මිලකට සෙකන්ඩ් හෑන්ඩ් ජපන් වාහන අවශ්‍ය බව පහසුවෙන් අමතක කළා. නැහැ. ඔවුන් එහෙම කළේ නැහැ. මධ්‍යම පාන්තික ජනතාවට කිසිම ප්‍රතිලාභයක් තිබුණේ නැහැ. දැන්, වාහන ආනයන මාෆාව සහ මුදල් ඇමති ලෙස අනුරගේ පාලනයට සහ ඔහුගේ වංචනික මහ බැංකු පාලකයාට ස්තූතිවන්ත වෙමින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉහළ ගියා. ගැටලුව වන්නේ තවමත් එන්පීපී වහලුන් මෙය ප්‍රසිද්ධියේ සුදු හුනු ගෑම නිසා රජය හොඳින් කරන බව ප්‍රශංසා කිරීමයි.

:       4       9

Saman Monday, 03 November 2025 08:17 AM

රට බංකොලොත් කරන්න දායක වෙන ප්‍රධානතම පිරිස තමයි සුඛෝපභෝගී ජීවිත ගෙවන පිරිස . අලුතෙන් වැඩි වුන වාහන වලට යන තෙල් සහ නඩත්තු වියදමත් ඩොලර් වලින් දාන්න. එතකොට ප්ලේන් පස්සෙ අපේ ඩොලර් දියව් කියල දුවපු බූරුවන්ට ආයෙ එහෙම හිතෙන එකක් නෑ.

:       2       9

Mahesh Monday, 03 November 2025 11:07 AM

අනුර මට ලැම්බෝගිනියක් දෙන්න.

:       0       6

eresh S kumara Monday, 03 November 2025 11:59 AM

පාරවල් නම් ලොකුවෙනවා දකින්නට නැහැ. පුදුම වාහන තදබදයක් තියෙන්නේ පාරවල් වල...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1916 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site