IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මාලිමාවත් ගොවියා මංමුලා කළා

(අංජුල මහික වීරරත්න)

මාලිමා ආණ්ඩුවත් ගොවියා මංමුලා කර දැමූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රජයේ ඇමතිවරු වීදුරු කාමරවල  සිට ගොවියාට හොද මිලක් ලැබෙන බවට පැවසුවත් එලෙස  ගොවියාට සාධාරණ මිලක් නොමැති බව විපක්ෂ නායකවරයා කීය .

සජිත් ප්‍රේමදාස මහතා මේ කීවේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පොළොන්නරුව මැදිරිගිරියේ පැවැති ජන හමුවක් අමතමිනි.

අලි මිනිස් ගැටුම වන සත්ව හානි වන වගා සඳහා හරියාකාර රක්ෂණ ක්‍රමයක් හෝ දේපල, ජීවිත හානි සඳහා වන්දි නොලැබෙන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වී ගොවීන් අස්වැන්න ගත් පසු ඒවාට සහතික මිලක් නොමැති බවත්  තෙත වී රුපියල් 95කට අලෙවි වන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රුපියල් 150ක සහතික මිලක් අණ පනත් හරහා දෙනවා යැයි  කිව්වත් අද ඒ කතා අමතක වී ඇතැයි කී විපක්ෂ නායකවරයා  මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නත් තහනම් බව සඳහන් කළේය.

 



අදහස් (7)

මාලිමාවත් ගොවියා මංමුලා කළා

Perera Sunday, 19 October 2025 01:46 PM

ඔව් ඔව්... ඔහෙලා ගොවියාව රජපුටුවලනේ ඉන්දුවේ... අනේ පලයන් සජියෝ යන්න.

:       0       11

අනේසිරි! Sunday, 19 October 2025 01:49 PM

අපිත් අවුරුදු 76ක් තිස්සේ, මං මුලා වී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනලුන්ගෙනි පාර අසා තිබුනේ…

:       0       10

ගමේ එකාලා Sunday, 19 October 2025 02:03 PM

තමුන්ගේ කියුම් කෙරුම් ගැන වුණත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. මධ්‍යම සන්ස්කෘතික අරමුදලටත් ඇරපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා. ළාමක ටින් ටින්ට තිබුණානේ යහපාලන ආණ්ඩුව කාලේ ඔය දේවල් කරලා පෙන්වන්න...

:       0       10

Mohan Sunday, 19 October 2025 02:28 PM

ඔයා ආවානම් ගොවියෝ සිය දිවි හානිකර ගන්නවා.

:       0       11

කෞෂිSunday, 19 October 2025 02:56 PM

Mohan, මේ අතිශය බුද්ධිමතා කියන දේ තේරුම් ගන්න. "මාලිමාවත්" කියලා කියන්නේ ඒ අයත් ගොවියෝ අනාථ කෙරුවා කියන එකයි. ඒක පිළිගත්ත එකම මෙතුමගේ මොලේ දියුණුවෙන් දියුණුවට යෑමක්...

:       0       11

ලක් අම්මා Sunday, 19 October 2025 02:32 PM

තමුන් නම් පක්ෂයත් මන්මුලා කරළා හමාරයි, හිටපු අයත් යන්නම ගියා. බයිසිකලයක් පැදපු කෙනෙක් ප්ලේන් එකක් පදින්නේ කොහොමද කීව්වට මොකෝ...? දැන් ඔය යස අපූරුවට රට කරගෙන යන්නේ...

:       0       12

sunil Sunday, 19 October 2025 03:59 PM

ලොක්කා අපිට අර හිතට පොඩි ගැම්මක් තියෙනවා. මේ දැන් රටේ හොරා කන්නේ නෑ කියලා අන්න ඒකට නම් ටිකක් සතුටුයි එච්චර තමයි අපිටත් ඕනේ... ඉතුරු ඒවා ඉබේටම හැදෙයි නේද එතකොට...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site