
(බී.ජී.චතුරංග)
රුවන්වැලි සෑ පුද බිම ඉදිරිපිට දන්සල් භූමියේ කලබලයක් ඇති කළ බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිවු නමක් සහ ගිහිපිරිසක් සිය බාරයට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙම හිමිවරුන් සහ රාජාංගනේ සද්ධාරතන හිමි අතුළු පිරිසක් හා අද පෙරවරුවේ එම ස්ථානයේ ගැටුමක් ඇති කර ගත්තේය.
එම සිදධියත් සමග එම ස්ථානයට ආ ගිහි පිරිස් පොලිසියෙන් ඉල්ලා සිටියේ මාරාන්තික උපවායස කරන කූඩාරම් ඉවත් කර දෙන ලෙසයි.
ඒ අනුව පොලිසිය මැදිහත්ව එම කූඩාරම ගලවා ඉවත් කළ අතර එහි තිබූ බුද්ධ ප්රතිමාව රුවන්වැලි සෑ මළුව වෙත වැඩම කළහ.
අධිකරණ නියෝග කඩකරමින් බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් එම ස්ථානයේ සත්යාග්රහායක නිරත වී පසුව එය මාරාන්තික උපවාසයක් දක්වා පවත්වාගෙන යාමට කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd