IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


මානසික සෞඛ්‍ය ගැටලු විසඳන්න මිලියන 250ක්

(අංජුල මහික වීරරත්න)

මානසික සෞඛ්‍යය පිළිබඳව දැනුම්වත් කිරීමේ සහ උපදේශන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලාංකිකයින් අතර සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ යාම, මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම සහ විශේෂයෙන් නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් අතර මනෝ සමාජීය ගැටලු පැන නැගීම බහුල ව නිරීක්ෂණය කර ඇත.

 ඒ අනුව, 2025 අයවැය යෝජනාවක් පරිදි, මානසික සෞඛ්‍ය ගැටලු විසැඳීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. 

ඒ යටතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දැනුම්වත් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීම අරමුණු කරගත් මධ්‍ය කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

 ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවන්, රෝහල් සහ අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

මානසික සෞඛ්‍ය ගැටලු විසඳන්න මිලියන 250ක්

යෝගා Wednesday, 27 August 2025 07:08 PM

අනේ අර අසරණ පාපිසි 159හේ මානසික ගැටලු වලට පිහිටක් වෙන්න. ඒ අයව හිරකාරයෝ වගේ තියාගෙන පඩියත් මංකොල්ල කනවලු එක්තරා පක්ෂ මූලස්ථානයක්.

:       10       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14577 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 431 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 255 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site