මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මළගිය ඇත්තෝ සුප්‍රසිද්ධ නවකතාව අනවසරයෙන් මුද්‍රණය කර අලෙවි කළ බව කියන සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ වරද පිළිගත්තේය.
මහේස්ත්‍රාත් සිය තීන්දුව ලබන 28 වැනිදාට කල් තැබිණි.
සරච්චන්ද්‍ර මහතාගේ බිරිය ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව විත්තිකරු ළඟ තිබී මළගිය ඇත්තෝ පොතේ හොරට මුද්‍රණය කළ පිටපත් 31 ක්ද සොයා ගැනිණි.
සරච්චන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියේ තමාට වන්දි අනවශ්‍ය බවයි. එහෙත් වැරදිකරුට උපරිම දඬුවම් පනවන ලෙස ඕ ඉල්ලා සිටියාය.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මළගිය ඇත්තෝ‘ හොරට ගහලා මළ ජූලියයි
අජිත් Saturday, 10 October 2015 02:54 AM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අමල් Friday, 09 October 2015 10:57 AM
පුදුම මිනිස්සු තමයි. (ර)
ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 10:58 AM
මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි මහා ගත්කරුවකුගේ පොතක් හොරට පල කිරීමට තරම් පහත තත්වයකට වැටුණු මිනිසුන් සිටින රටක අපේ ජීවිතවල වටිනාකම කුමක්ද? ලලිතා සරත්චන්ද්‍ර මැතිනියගේ කාරුණිකභාවය අගය කරමු. සමාවන්න මහාචාරයතුමනි. (ර)
පතී Saturday, 10 October 2015 04:36 AM
කොහොම නමුත් මලගිය ඇත්තෝ කියවන අය සිටින බව දැනගැනීම සතුටක්. ඒ වගේම මෙහෙම දේවල් වෙනවා කියන්නේ එතුමාගෙන් සමාජයට විය යුතු යම්දෙයක් තවමත් සමාජය තුල ඉතිරිවී ඇති බවයි. (ර)
සොපි Saturday, 10 October 2015 04:48 AM
"දෙවොන්දරාසන්" කිසිදා නොමියෙන බව මෙයින් ඔප්පු වෙනවා . (ර)
ගාමිණී Friday, 09 October 2015 03:05 PM
ඔහුගෙන් වන්දියක් අරගෙන සරත්චන්ද්‍ර සාහිත්‍ය අරමුදලක් පිහිටවමු. (නි)
රම්‍යා Saturday, 10 October 2015 08:31 AM
මළගිය ඇත්තෝ" පවා විකුණා බඩගෝස්තරය හොයාගන්නා මිනිස්සු ඉන්නා බව දැනගෙන මම ඉතාම කණගාටු උනෙමි. (ර)
කල්ප Saturday, 10 October 2015 08:50 AM
පොතුත් හොරට ගහන මිනිස්සුත් ඉන්නවනේ... (ර)
ශාන්ති සේනාධීර Friday, 09 October 2015 05:10 PM
මා ශ්‍රී ලංකාවට පැමිණිවිටක කොළඹ පොත් සාප්පු වලට ගොස් අලුත් හා පැරණි පොත්පත් ගැන සොයාබැලීමට අමතක කරන්නේ නැහැ.ගිය වසරේ මා ගියවිට ආචාර්ය පණ්ඩිත ගුණපාල සේනාධීරයන් වන මගේ බාප්පාගේ පැරණි පොතක් අලුතින් මුද්‍රණය කර ඇතිබව දැක සතුටට පත්වී,පොත් 2 ම මිලදී ගත්තා.බිලද ලබාගත්තා.මේ වනවිට මාගේ බාප්පා හා ඔහුගේ දයාබර බිරිඳත් වියෝ වී තිබු බැවින් මා නිකමට ඔහුගේ වැඩිමහල් දියණියට මේ බව කිව්වා. මෙය අසා ඔවුන් පුදුමයට පත්වුණා.ඔවුන් කිසිදිනෙක මේ සඳහා බලය දී තිබුනේ නැහැ.කෙසේ නමුත් පසුව කරන ලද නීතිමය දැනුම්දීමකින් යම් මුදලක් ඔවුන් වෙත ලබා දී තිබුනා.මෙය පොත් ලියා ඇති කතුවරුන්ගේ හා ප්‍රකාශකයන්ගේ පවුල්වලට කියාදිය යුතු ආරංචියක් කියා මා සිතනවා.පොත් හොරට පළකිරීම අද ජයටම කෙරෙන ව්‍යාපාරයක්.අපි කවුරුත් අවදියෙන් සිට නිසි පියවර ගන්න උත්සාහ කරමු (නි)
නන්දලාල්-ප්‍රංශය Friday, 09 October 2015 07:32 PM
"මළගිය ඇත්තෝ" පවා විකුණා බඩගෝස්තරය හොයාගන්නා මිනිස්සු ශ්‍රි ලංකාවේ ඉන්නා බව දැනගෙන මම ඉතාම පුදුමයට පත්වුණා. ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය කර තිබෙන්නේ ඉතාමත් උසස් වැදගත් ක්‍රියාවක්. (නි)
ගමගේ Sunday, 11 October 2015 01:32 AM
පොත් හොරට ගැහීම වැරදිය. එහෙත් ගසාඇත්තේ විකුණන්නට පුළුවන් නිසාය. භාවමත්මක ගීතයක් වන් වූ දෙවෙන්දොරා සං හා නොරිකෝ සං ගේ ආදර අන්දරය තාමත් රස විඳින්නට කැමති අය සිටින බව දැනගන්නට ලැබීම සතුට හේතු විය. ලලිතා මැතිනියනි, මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා නැවත පළකළොත් හොඳ නොවේද? (නි)
උදය Sunday, 11 October 2015 03:12 AM
ටික කාලෙට කලින් මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ 'මනමේ'ත් පොතක් වගේ අච්චු ගහලා වෙන කෙනෙක්ගේ නමක දාලා විකුණුව අයනේ අපේ ලංකාවේ ඉන්නේ. ලංකාවේ මිනිසුන්ට ඉක්මනට අමතක වෙනවනේ ඉතින් හැමදේම (නි)
අබරන් Friday, 09 October 2015 11:08 PM
ධර්ම ජයවික්‍රම, ඔයා මොකටද සමාව ඉල්ලන්නේ? (නි)