IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහා බැංකු වාර්තාව පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

2024 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(3) වගන්තිය අනුව සෑම මුදල් වර්ෂයක්ම අවසන් වී සිව් මසක කාලයක් තුළ එම මුදල් වර්ෂය තුළ පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාවක් මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.

ඒ අනුව, 2024 වර්ෂය සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව ජනාධිපති වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. 

එකී වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රවණතා, මූල්‍ය පද්ධතියෙහි තත්ත්වය හා ප්‍රධාන වර්ධනයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කර තිබේ. 

ඒ අනුව, 2024 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

මහා බැංකු වාර්තාව පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site