මහ බැංකු අධිපතිවරයාට සේවා දිගුවක් නොදෙන ලෙස බලකරමින් දූෂණ විරෝධී පෙරමුණ අද (23) සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී සත්‍යග්‍රහයක් පැවැත්වීය.
‘ජනවාරි 8 මේ රටේ ජනතාව සිදුකළ මහා විප්ලවයට අබමල් රේණුවක තරමින්වත් දායකත්වයක් නොදක්වපු විජාතික මහ බැංකු අධිපතිවරයාට මේ රටේ ජනතාවගේ මුදල් තවත් කොල්ලකෑමට ඉඩ නොතබා ජූනි 30 වැනිදා අනිවාර්යයෙන්ම ගෙදර යැවිය යුතුයි‘ යැයි එම පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ කීහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘මහ බැංකු අධිපති ආයෙත් එපා‘ : කොටුවේ සත්‍යග්‍රහයක්
ශක්ති Friday, 24 June 2016 01:02 AM
ලංකාවේ ආර්ථිකයට හානියක් වෙනපරිදි දේශපාලන වාසි තකා බොරු උද්ඝෝෂණ නැතුව, ආර්ථිකය පිළිබඳ අවබෝධයක් තිබෙන විරවංශ, බන්දුල, කබ්රාල්, අනුර සමඟ මහබැංකු අධිපති මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විවාදයක් කරන්න (නි)
සුගත් Friday, 24 June 2016 02:43 AM
කවි, මාත් එකඟයි ඔයාට. චතුරිත් අනිත් අය වගේ. වැරැද්ද දැක්කත් නොදැක්කා වගේ මහින්ද ... මහින්ද ... කියනවා. (නි)
තාබෘෘ සිල්වා Thursday, 23 June 2016 01:08 PM
ඉහළ පුටුවල ඉන්න හිටින්න ලැබුනම මුල අමතක වීමේ ලෙඩක් අපේ අයට තිබෙනවා නම්බු පිටින් ගෙදර යන්න ජනතාව අකමැතිනම් උආහරණයකට ළගම තිබෙන අල්ලපු රට ගන්න ඒ රටේ මහා බැංකු අධිපතිටත් ජනතා උද්ඝෝෂණය වැඩි වේගෙන එද්දී වැදගත් විදියට තනතුර අත ඇර යන්න ගියා (බ)
ගමගේ Friday, 24 June 2016 06:00 AM
මහා බැංකු අධිපති වරදක් කර ඇත්නම් විධිමත් පරීක්ෂණයක් පවත්වා වරදිකරුවුණොත් ඔහු තනතුරින් ඉවත් කළ යුතුවේ. එහෙම නැතුව උද්ඝෝෂණ පැවැත්වූ පලියට ඔහු ඉවත්කිරීම යහපාලනය නොවේ. (බ)
චතුරි Thursday, 23 June 2016 03:02 PM
අධිපතිව ගෙදර. යවලා මහින්දට හරි ,බැසිල්ට හරි දීලා බලන්න. ,මොකද නිතරම පන්සල් යන කට්ටිය කැත වැඩ කරන්නේ නැහැ (බ)
වින්සන්ට් Thursday, 23 June 2016 06:19 PM
පසුගිය ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමා වෙනුවෙන් සහයෝගය දැක්වූ සිවිල් සංවිධාන, තවදුරටත් ජනතාව ඉදිරියේ පෙනිසිටීමේ හැකියාව සළසාදීම ජනාධිපතිපතිතුමාගේ වගකීමක් සහ යුතුකමකි. තවතවත් ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්වෙනවද නැද්ද යන්න රජය තේරුම් ගතයුතුය. (නි)
කවි මෙල්බර්න් Thursday, 23 June 2016 10:21 PM
චතුරි, හැම එකකටම මහින්ද, මහින්ද. මෙතැනට මහින්ද කොහොමත් අදාළ නැහැ නේද? මහින්දට වඩා මහා බැංකු අධිපතිට තියන චෝදනා ඔප්පු කරන්න සාක්කි ඕනෑතරම් තියනවා. යථාර්ථය තේරුම් ගන්න (නි)
චන්දා Friday, 24 June 2016 08:23 AM
දැන් ඉතින් තම අක්මුල් සිඳගත් ජාතියක් බවට සිංහලයා පත්වී හමාරයි. තමන්ම කපාගත් වලට බහින්නයි තව ඉතිරිව ඇත්තේ. (නි)