IMG-LOGO

මහ බැංකුවේ සේවකයකුට කොරෝනා

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත් එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ බව අනාවරණය වූ විගස වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා පියවර ගත් බව ද එම බැංකුව කියයි.

මූලස්ථාන පරිශ්‍රය පූර්ණ හා දැඩි විෂබීජහරණයකට ලක් කළ බවත් වයිරස ආසාදිතයාගේ සමීපතමයන් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම පරීක්ෂණවලට අනුව වෙනත් කිසිඳු නිලධාරියකුට වයිරසය ආසාදනය වී නැතැයි ද එම බැංකුව කියයි.

කෙසේ නමුත් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස වයිරස ආසාධිතයා හමු වූ දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සියලු දෙනා නොවැම්බර් 20 වැනිදා සිට සති දෙකක කාලයක් යනතුරු නිවසේ සිට සේවා සපයන බව මහ බැංකුව කියයි.



- 055



අදහස් (0)

මහ බැංකුවේ සේවකයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site