(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙම වසර අවසන් වන විට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව මහ බැංකු නිලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම පිළිබඳ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ දැනුවත් කිරීමේදී විදේශීය ආයෝජකයන්ට පැවසූ බව චැනල් නිව්ස් ඒෂියා පුවත් සේවය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව දශක ගණනාවකින් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකටද මුහුණ පා සිටී.
දෙසැම්බර් මැද භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ණය මුදල අනුමත කළ පසු ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව එහිදී ප්‍රකාශ කර ඇතැයි චැනල් නිව්ස් ඒෂියා පුවත් සේවය සඳහන් කළේය.
මෙම වසරේ අවසාන කාර්තුව සහ 2023 වසරේ දෙවන කාර්තුව අතර සියලුම ණය හිමියන් සමඟ ලබා ගත් ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල අරමුණ බව දැනුවත් කිරීමට සහභාගී වූ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු මෙන්ම මූල්‍ය හා නීති උපදේශකවරුන් වන ලැසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නියෝජිතයෝද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
355
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ බැංකුව විදේශ ආයෝජකයන් දැනුවත් කරයි