IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහ බැංකුව පඩිය කපා ගන්න යයි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන්  වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වවලට දැනුම්දී ඇතැයි  එම බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප්  සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් රජයේ තීරණය එන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත්  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව අනිද්දා 20 වැනිදා  බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

මුදල් කමිටුවෙන් දෙන වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර  ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.



අදහස් (14)

මහ බැංකුව පඩිය කපා ගන්න යයි

Lalla Sunday, 17 March 2024 11:44 AM

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල... ඊර්ෂ්‍යාව, කෑදරකම සහෝදර ජනතාව අතර ඉහළින් වැජඹීමට ඇති වුවමනාව...

:       11       26

likiSunday, 17 March 2024 12:48 PM

ඒක නිදහස් අධ්‍යාපනයේ වැරැද්දක් නොවී. මුළු අධ්‍යාපනයේ වැරැද්දක්... ප්‍රයිවට් යන අය ඔයිට වඩා අන්තයි.

:       13       19

Kochchi Sunday, 17 March 2024 09:24 PM

තොපි හරියට ඉගෙන ගත්තේ නැති උනාට මක් කරන්නද? ඉරිසියා නොකර හිටපන් බන්

:       0       6

KoombiyaMonday, 18 March 2024 11:39 AM

තමුන් ඉගෙන නොගත්තාට ඔවුන් මක් කරන්නද? ඉරිසියා නොකර ඉන්න මහත්තයෝ.

:       3       6

KoombiyaMonday, 18 March 2024 11:39 AM

තමුන් ඉගෙන නොගත්තාට ඔවුන් මක් කරන්නද? ඉරිසියා නොකර ඉන්න මහත්තයෝ....!

:       1       5

ඇම්බියුලන්ස් ඩැයිවර්Monday, 18 March 2024 12:51 PM

හොඳමයි... මහ බැංකුවේ ස්පෙෂලිස්ට් ඩ්‍රයිවර් මැතිතුමෝ.

:       3       0

pakeer Sunday, 17 March 2024 12:53 PM

ජනතාව මොවුන්ට සාප කරනවා. ඒ සාපවලින් මොවුන්ට ගැලවෙන්න බැහැ. ඔබලා අසාධාරණ විදිහට මේවා කරගත්තොත් ඔබලාට ජනතා සාපයෙන් ගැලවෙන්න බැහැ. කෝටි ගාණක් එකම විදිහට සාප කරනකොට ඒක කවදාහරි දවසක ලැබෙනවා. ප්‍රභාකරන්ටත් අවසානයේදී මොකද වුණේ...?

:       16       28

SathanMonday, 18 March 2024 08:49 AM

ඔබ වැනි පුද්ගලයන් ලෝකෙටම සාපයක් ! අදුරට සාප කර කර කරුවලේම ඉන්ඩ! දැන් මිනිස්සු කරපු සාපේ වැදිලා හොර දේශපාලුවන්ට කන්ඩ අදින්ඩ වත් සල්ලි නැතිව පාරේ හිඟාකනවා ලු නේද? ඔය වගේ මෝඩ අදහස් තියන හින්දා තමා අපි තාම 2500 ඉතිහාසේ විකුණා විකුණ ඉන්ඩ වෙලා තියෙන්නේ!

:       0       5

kushaMonday, 18 March 2024 10:22 AM

විහිළු කරන්න එපා.. එහෙම වෙනවනම් වෙන්න ඕන පාර්ලිමේන්තුවේ ඉන්න අයට තමයි.. මෙයලා කර ගත්තේ පඩි වැඩි කර ගත්ත එක... අර 225 එකතු වෙලා ඉන්න තියන රටත් නැති කරලා දාන එක කරන්නේ.. කාටවත් ඒවනම් වැඩක් නෑ...

:       0       6

C. W. W. KannangaraMonday, 18 March 2024 01:50 PM

@pakeer තමුන් ඉගෙන නොගත්තාට ඔවුන් මක් කරන්නද? එයාලට බනින්නෙ ඉරිසියා කරන්නේ නැතුව central bank ඒකේ job එකක් ගන්න ඕන කරන qualifications හදාගෙන try කරන්න. ලොකු competition එකක් තියෙනවා දැනටත්.

:       1       5

විජිත් Sunday, 17 March 2024 10:36 PM

මහා බැංකුවේ ලොක්කෙක් යයි කියාගන්නා කුක්කෙක් කියනවා, මහබැංකුවේ නිලධාරින් ,ලෝක බැංකුවේ රස්සාවලට ගිහිල්ලලු. ලෝක බැංකුවේ එකම ශාකාවකවත් " ඉහල " තනතුරු දරන ශ්‍රී ලාංකිකයින් නැහැ !!! එහෙ අතුගාන්නවත් අපේ රටේ නිලධාරීන්ව ගන්නේ නැහැ, මොකද ලෝක බැංකුවේ පරිපාලනය දන්නවා ශ්‍රී ලංකා මහබැංකුවේ හිටිය - ඉන්න මෝඩයින් තමයි රට නැත්තටම නැතිකලේ කියලා.ඒවගේ පරපොශිතයින්ව ලෝක බැංකුවට වද්දගන්න තරම් මොලේ අමාරුවක් ලෝක බැංකුවේ පරිපාලකයින්ට නැහැ.

:       6       0

Bunny Preena Monday, 18 March 2024 09:27 AM

මොවුන්ට සහ මොවුන්ගෙන් යැපෙන්නන්ට හැදෙන්නේ සොයාගන්න බැරි ලෙඩ

:       12       1

MahasenaMonday, 18 March 2024 11:46 AM

ඔයා හතර පෝයටම පන්සල් යන කෙනෙක් නේද​? දොහොත් මුදුන් තියලා පොල් ගෙඩියක් එහෙම ගහලා වඳින්න හොඳේ...

:       0       2

Nihal Monday, 18 March 2024 08:53 PM

රටේ ආර්ථිකය මෙහෙය වන්නේ මහබැංකුවයි.ආර්ථිකය පහත වැටීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙ මහබැංකුව යි.රටෙ ආර්ථිකය පහත වැටෙන විට එයට අවශ්‍ය පියවර ගැනීම මහබැංකු වෙ වගකිමයි., එසේ නොකර ආර්ථිකය පහත හෙලා රටෙ අනෙක් මිනිසුන් ගැන නොසිතා තමන්ගේ වැටුප් පමණක් වැඩි කර ගැනීම ඉතා කනගාටුදායක තත්වයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site