IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහා නා හිමිවරුන්ගෙන් ජනපති ලිපියක්

(ෂේන් සෙනෙවිරත්න)

භික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇති මීවනපලානේ සිරි ධම්මාලංකාර නමින් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.

තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ,මල්වතු පාර්ශවයේ මහා නායක, වර්කාගොඩ ශ්‍රී ඥානරතන   අස්ගිරි පාර්ශවයේ මහානායකය ,කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක   ,මකුලාවේ ශ්‍රී විමලාභීන  රාමඤ්ඤ මහ නිකායේ මහානායක  මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමුකොට ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ .

ථෙරවාදී පාලි ත්‍රිපිටකය සම්බන්ධයෙන් සාවද්‍ය මතවාද ප්‍රචාරය කරමින් බුද්ධ චරිතය හා ත්‍රිපිටකා ගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතළ ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නියැලී සිටින මීවනපලානේ සිරිධම්මාලංකාර නමින් පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ අවස්ථා ගණනාවකදී අප විසින් ගරු ජනාධිපතිතුමන් ඇතුළු වගකිවයුතු අංශ දැනුවත් කර ඇත .

 



අදහස් (3)

මහා නා හිමිවරුන්ගෙන් ජනපති ලිපියක්

ranjith Sunday, 03 March 2024 06:59 PM

බුද්ධ ශාසනේ විනාශ කරන්න වෙර දරන කුමන්ත්‍රණ කාරයින්ට උපරිම දඬුවම් ලබාදෙන්න.

:       0       0

G. K. Ekanayake Sunday, 03 March 2024 10:19 PM

මහානායක ස්වාමින්වහන්ස, ඔබ වහන්සේලාට ලියුම් ලියනවාට එහා ගිය තව පියවරක් තබන්න බැරිද? අවම වශයෙන් මාධ්‍ය සාකච්ඡාවක්? එතකොට මාධ්‍ය හරහා රට දැනුවත් වෙනවා. ඔය ලියුම් රනිල් බලන්නෙත් නෑ.

:       0       17

නදුල අබේසිංහ Wednesday, 06 March 2024 09:33 AM

ධර්මය නොදන්නා අය තමයි හොදටම කළබල වෙලා ඉන්නේ. අපිට පොඩි කාලේ සිට මේ දක්වා පංසල්වලින් කියල දීලා තියෙන්නේ ධර්මයක් නොව ආගමක් බව අවබෝධ වූයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අති පූජනීය වූ ගෞරවණීය මීමනපලානේ ස්වාමීන් වහන්සේගේ "සංදේශනාව", "ද්වතාවය", "තිපරිවට්ටය" යන දේශණ ශ්‍රවණය කිරීමෙන් පසුවය. ඔබලාත් එම දේශණා ශ්‍රවණය කරලා බලන්න. එවිට ඔබට අවබෝධවේවි නියම සිරි සද්ධර්මය මොකක්ද කියලා. ගෝතම බුදුන්වහන්සේ විසින් පෙන්වා දුන් සිරි සද්ධර්මය තියෙන්නේ අදහන්නවත්, කටපාඩම් කර ගන්නවත් නොවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නයි. බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තමන් ඇසූ ධර්මයක් ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගැනීමක් සිදුකළ යුත්තේ එම දහම ණය-විනයට බහා ගලපා හේතුඵල දහම අනුව සැසඳෙන්නේදැයි කියා සොයා බැලීමෙන් අනතුරුවයි. ගරු ජනාධිපති තුමා විසින් සිදුකළ යුත්තේ ගෞරවණීය මීමනපලානේ ස්වාමීන් වහන්සේගේ දේශනා තහනම් කිරීමවත්, උන්වහන්සේ සිරගෙට යැවීමවත් නොවේ. උන්වහසේ දේශණා කරන කරුණු සත්‍යදැයි සොයා බැලීමය. එය සිදුකළ යුත්තේ ස්වාධීන පුද්ගලයින්ගෙන් යුත් විද්වත් මණ්ඩලයක් පත්කිරීම මගිනි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site