IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහ කන්නයට පෝර දෙන්න බිලියන 10ක් වෙන් කරයි

(අංජුල මහික වීරරත්න)

2023 මහ කන්නයේ ගොවිජනතාව අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන 10ක මුදලක් රජය වෙන් කර තිබේ.

එයින් රුපියල් බිලියන 2.3ක් මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී අතර එම මුදල් ගොවි ගිණුම් වලට බැර කිරීමට පියවර පියවර ගත් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා සඳහන් කරයි. 

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පොහොර සහනාධාර මුදල් ගිණුම්ගත කිරීම සම්බන්ධව කරුණු විමසීමක් කළේය.

ඒ අනුව රජය විසින් ලබා දීමට නියමිත රුපියල් බිලියන 10න් රුපියල් බිලියන 5ක් මෙම වසර අවසන් වීමට ප්‍රථම ගොවි ගිණුම්වලට ලබා දෙන අතර, ඉතිරි රුපියල් බිලියන 5 ජනවාරි මාසය ඇතුලත  ගොවි ගිණුම් ගත කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.

2023 මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක් කුඹුරු වගා කරන අතර, ගොවීන්  ලක්ෂ 12කගේ ගිණුම්වලටම මෙම මුදල් බැර කරන ලෙස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබුණේය.

ඇතැම් ප්‍රදේශ වලින් ගොවි ගිණුම්වල තොරතුරු ප්‍රධාන කාර්යාලයට ලබා දීමේදී කිසියම් නිලධාරියෙක් වගකීම පැහැර හරින්නේ නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

 



අදහස් (0)

මහ කන්නයට පෝර දෙන්න බිලියන 10ක් වෙන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site