(ටී.කේ.ජී.කපිල )

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් ,  මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර  නඩු වාර්තාවක් ලබා දී , රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචනිකව ලබා ගත් හිටපු අධිකරණ සේවකයෙකු අද(14 ) මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා කළක් වැළිසර අධිකරණයේ කාර්යාල කාර්යය සහායකවරයෙකු  ලෙස සේවය කරමින් සිටියදී මෙවැනි වැරදි වංචා සිදු කර රැකියාව අහිමි වී සිර ගත ව සිටි පුද්ගලයෙක් බව කියයි.

තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ තෝල්ක මුදියන්සේ ලෙස හදුන්වා දෙමින් , වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පවරා තිබූ නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීම සදහා , මෙම කූඨ ලෙස සකස් කළ නඩු වාර්තාව ලබා දී  මෙම මුදල වංචනිකව ලබා ගෙන තිබුණි .