IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහින්ද හෙට කාල්ටන් නිවෙසට?

(පද්මසිරි ගාර්දියවසම්)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය කාල්ටන් නිවසේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ජනාධිපති වරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් සම්මත විය .

ඒ අනුව එම පනත සම්මතවීමත් හිටපු ජනපතිවරයා විජේරාම නිල නිවෙසන් පිට වීමට නියමිතය.

 



අදහස් (17)

මහින්ද හෙට කාල්ටන් නිවෙසට?

වත්සි Wednesday, 10 September 2025 07:07 PM

රටට අභයදානය දුන් පුද්ගලයාට නිල නිවෙසක් නොදීමට පක්‍ෂපාතී මිනිසුන් සිටින එකම දේශය සසිරිබර මෙසිරිලකයි. වෛරය, ක්‍රෝධය නිල වශයෙන් වපුරන ආණ්ඩුවක් විසින් තම හෙංචයියන් නිර්මාණය කර ගන්නේ ද එය මූලික කරගෙනයි. ජවිපෙ ආණ්ඩුව විසින් මහින්ද මහතාට නිල නිවෙසක් අහිමි කිරීම වෙනුවෙන් කොමෙන්ටුවලින් සෞදිය පුරන්නට සැදී පැහැදී සිටින ඩෝබිවරුනි, මේ ඔබේ වාරයයි...

:       231       122

Amila Perera Wednesday, 10 September 2025 10:10 PM

ඔච්චරම දුකනන් උබලගේ ගෙදර තියාගනින් .. අපි කමති නෑ හොරු නඩත්තු කරන්න අපේ බැදු සල්ලි වලින්..

:       10       34

RawWednesday, 10 September 2025 10:28 PM

මේ පටන්ගත්ත විතරයි. තව සිරිලිය, හෙරලිය, "මෙත්"මල්, මැණික්ගල් අහුවෙනකොට තව රිදෙයි, කෙඳිරිගෑවෙයි.

:       4       30

JagathThursday, 11 September 2025 10:26 AM

මොන රටට ද? උගන්ඩාවට ද? ශ්‍රී ලංකාව නීතියක් නැති, පාතාල කාරයන් පාලනය කරන හිගන රටක් කලේ මොහු තමයි . SF හිටියේ නැත්නම් දිනයි යුද්ධ …

:       12       48

RasiThursday, 11 September 2025 10:41 AM

ඔයත් කරන්නේ හේදීමක් තමයි. ඔයා ප්‍රජාතන්ත්‍රවාදී රටක සියලුම දෙනා සමානව ජිවත් වෙන එක ගැන අංශු මාත්‍රයක් වත් දන්නේ නැහැ. මහින්දලා කැමති ඔයාල වගේ අයට. රටේ පාලකයෙක් විශ්‍රාම ගියාට පස්සේ කාමර 12-13ක් තියෙන ගෙයක් ඉල්ලනවා කියන්නෙත්, ඒක හරි කියන ඔයාල වගේ චන්ද දායකයෝ ඉන්නවා කියන්නෙත් මේ රට හදා ගන්න සැහෙන උත්සාහයක් කරන්න වෙනවා. ඔයාට පුළුවන් නම්, ලංකාවේ හැම එකාම යන්න දගලන රටකට ගිහිල්ල බලන්න, මහජන මුදල් භාවිතා කරන්නේ කොහොමද කියල. ඒක ඒ තරම් වටිනා විදිහට පාවිච්චි කරනවා.

:       4       36

ravin Wednesday, 10 September 2025 07:16 PM

පහුගිය දවස්වල පෙරහැරේ ආපු බස් ටික දැන් තංගල්ල දිසාවට හරවන්න වෙයි නේද? ඉස්සර වගේ නෙවේ... දැන් ඉතින් දෙන්න වෙන්නේ පුද්ගලික මුදල් වලින්...

:       60       157

Aruna Wednesday, 10 September 2025 07:30 PM

මේ රටේ නම වෙනස් කරන්න ඕනෑ නේපාල් කියලා...

:       95       40

බටලන්දේ ප්‍රේමලතා Wednesday, 10 September 2025 10:38 PM

නෑමෝල් හොද මදිද?

:       1       18

Neel Wednesday, 10 September 2025 08:11 PM

හැම මනුස්සයාගේම හොද නරක දෙකම තිබෙනවා. අපි ඒ බව තේරුමි ගන්න ඕනෑ. මොනව වුණත් ශ්‍රී ලංකාව දියුණුව අරමුණ ඇතිව ඉදිරියට යනවා...

:       42       140

Rathnayake Wednesday, 10 September 2025 08:16 PM

අර පැරදුනු වෙලාවේ ගිය විදිහිටියම ඉන්න දුන්නනම් අදටත් මිනිස්සු දෙවියන්ට වගේ සලකනවා .

:       3       19

චන්දිම Wednesday, 10 September 2025 08:26 PM

කුරිරු යුද්දයෙන් රට බේරගන්න දේශපාලන නායකත්වය දුන්නෙ මහින්ද.ලෝකෙ ඕනිම රටක හිටපු රාජ්‍ය නායකයන්ට මේ පහසුකම් දෙද්දි මේ රට වෙනස් රටක් වෙලා..මේ හරහා රට දියුනු වෙනවද? ආන්ඩුවට මිනිස්සුන්ට සහන දීගන්න බෑ .බඩු මිල අහස උසට,ගෑස්,ඉන්දන වලට කිව්ව මිල කෝ අද?

:       16       8

Lal Fernando Wednesday, 10 September 2025 09:56 PM

පීචං වෙලා යන්න වුනා නේද. ලොකු කයිවාරු නොගහා වේලාසනම ගියානම් නම්බුව බේරිලා. දැන් බම්බුව තමයි.

:       6       18

වින්සන්ට් කජ්ජා Thursday, 11 September 2025 07:18 AM

අද කීයටද පිටත්වෙන සුභ නැකත?

:       5       24

කෞෂිThursday, 11 September 2025 11:40 AM

මටනං මෙයා පිටත්වුනා කියනකං ෂුවර් නෑ. සුපර් ග්ලූ පරාදයි මේ පෙරේතකමට.

:       7       15

Mm Thursday, 11 September 2025 07:45 AM

මෙයා රටට වැඩක් කරා ඒත් දුෂනය හොරකම නිසා බලු වුනා. තවත් ඉන්නව නෙ. ජනාධිපති වරැ එයාලටත් මෙිකම තමයි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් තවත් යැපෙන්න ඔිනද මොන තරමි සල්ලි හොරා කාල ඇද්ද එවිවගෙන් පරමිපරා හතක් ජිවත් වෙන්න පුලුවන් නෙ තවත් මොකද රටට බරක් වෙන්නෙ මිනිස්සු එපා කියලනෙ එලියට දැම්මෙ ලැජ්ජාවක් නැහැ ඒකයි

:       3       30

Senarath Thursday, 11 September 2025 08:56 AM

මහින්ද මහත්තයා යුද්ධය නිම කළා විතරක් නෙමෙයි, රටේ විශාල සංවර්ධන වැඩත් කළා. අධිවේගී මාර්ග නොහැදුවානම් අද රටේ මාර්ග තදබදය ගැන හිතගන්නවත් බැහැ. ඒ වගේම 2005දී ඒක පුද්ගල ආදායම USD 1200ක්ව තිබුණේ, ඒක 2015 වෙනකොට USD 3700 දක්වා වැඩි උනේ රටේ යුද්ධයක් තිබුනත්, එතුමා කරපු සංවර්ධන වැඩ නිසා. 2015 සිට 2025 දක්වා කිසිවක්වත් වැඩි උනාද කියලා සැකයි.

:       32       19

AIYO Thursday, 11 September 2025 11:13 AM

ඇමරිකා චීන ඉන්දියා ගේම්, අපේ හරක් රණ්ඩු වෙනවා, උතුරේ ඉඩම් ටික කොල්ල කනවා, මෝඩ පාලකයෙක් ඉන්න රටක්.

:       20       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site