(අංජුල මහික වීරරත්න)
මහා සංඝරත්නයේ ඇසුර නිරන්තරයෙන් ලැබීම තමාගේ භාග්‍යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ තංගල්ල කාල්ටන් නිවසේ සිට ෆේස්බුක් සටහනක් තබමිනි.
රාජපක්ෂ මහතා මෙසේද කියයි.
රුහුණ යනු අප රටේ ආගමික, දේශපාලනික සහ සමාජීය ක්ෂේත්‍රයට බලපෑමක් කළ ප්‍රදේශයකි. අතීතයේ රුහුණ යනු බලය වර්ධන කර ගැනීමේ හා සටන් සංවිධාන කිරීමේ කේන්ද්‍රස්ථානයකි. අනුරාධපුර රාජධානිය සතුරු ආක්‍රමණිකයන් යටතේ පැවති කාලයේ ස්වදේශික නායකයින් ආරක්ෂාව ලැබුවේ මේ රුහුණු පුරවරයේය. ක්‍රමිකව විමසා බලන කළ රුහුණ අතීතයේ සිටම භික්ෂූන් වහන්සේගේත්, විහාරාම වලත් තෝතැන්නකි. ශ්‍රී ලාංකීය සමාජ සැකැස්මේ හරය වන්නේ ද මෙම විහාරස්ථාන සහ මහ සංඝරත්නයයි. එවන් මහ සංඝරත්නයේ ඇසුරත් ආශිර්වාදයත් නිරන්තරයෙන් ලැබීමට හැකි වීම මා ලද භාග්‍යයකි.
කාල්ටන් නිවසට වැඩමවමින් සුව දුක් විමසා මා හට ආශිර්වාද කළ අපේ නායක හාමුදුරුවන් වහන්සේලා වන, බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලත් පුදබිමක් ලෙස සැළකෙන තිස්සමහාරාම රජ මහා විහාර නායක හාමුදුරුවන් වහන්සේ, අනුරාධපුර මුල් යුගය දක්වා දිවෙන ඓතිහාසික රුහුණු මාගම් පත්තුවේ වගේගොඩ පුරාණ රන්කොත්මළු රජමහා විහාරයෙහි නායක ස්වාමීන් වහන්සේ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ මෙන්ම ඓතිහාසික බලංගොඩ කූරගල රජමහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ, සූසැට විහාරයන්ගෙන් එකක් බවට ජනප්‍රවාදයේ පවතින ඓතිහාසික කදුරුපොකුණ පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, දුටුගැමුණු කුමාරයා විසින් යුද පුහුණු කළ කඳවුරක් වශයෙන් භාවිතා කළ ඓතිහාසික කසාගල රජමහා විහාරයෙහි විහාරාධිපති හිමියන් වහන්සේ, මා නිරන්තයෙන් ඇසුරු කරන ගමේ පන්සල වන පාලටුව විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාර පූර්වක ගෞරවණීය ස්තුතිය පිරිනමමි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහින්ද පෙර රජ දවස සිහිපත් කරයි
විපරමා Wednesday, 17 September 2025 07:07 AM
මහින්ද විනාශ කලේ මේ අය තමයි. කරන හැම වැරද්දකටම නිහඩව සිටීමේ පතිඵල අද මහින්ද තනියම භුකිත් විදිනවා. ඇත්තටම මහින්ද හරිම හොද නායකයෙක්. නමුත් ඇතැම් අවස්ථා වලදී වෛරයෙන් කටයුතු කලා.මහින්ද විනාශ වුනේ දරැවන් වගේම පක්ෂයේ ඇතැම් දේශපාලකයින් සහ ඒ කාලෙ අද වගේම රාජ්‍ය සේවයේ ඉහළ පෙලේ නිලධාරීන් නිසා. අනික මේ ඉන්න හාමුදුරැවරැ. හැබැයි මේක අනුරටත් හොද පාඩමක්. මොනව වුනත් නැවත මහන්දට ගොඩ ඒමක් නැහැ.මේ ආණ්ඩුව දැනට යන වැඩ පිළිවෙලට ජනතාව ගෙන් බහුතරයක් කැමයිති. මොනව වුතත් ැම අයෙක් ගැනම නොවෙයි බිමල් හරිනි හර්ෂන නලින්ද වසන්ත වගේ කිහිප දෙනෙක් කැපිල පේනවා.
ලූට මූස්Wednesday, 17 September 2025 10:22 AM
බුදුන් වහන්සේ වදාල ‘මහා චෝර’ ජාතකය කියවා බලන්න.
පොඩිඑකාWednesday, 17 September 2025 11:05 AM
ඇයි, කොසොල් රජතුමා දුටු සිහින විග්‍රහය.
කිං බානට්Wednesday, 17 September 2025 11:10 AM
එහෙනං අපි වරදකරැවන්ටත් රජකාලෙ දඩුවම් දෙමු.
වින්සන්ට් කජ්ජා Wednesday, 17 September 2025 07:18 AM
ජුලම්පිටියේ හැඟීම්වලින් බැඳුනු කල්‍යාණ මිත්‍ර සේවනයත් ඒ වගේම වැදගත් උනා.
Robin Wednesday, 17 September 2025 07:22 AM
මෙම ප්‍රකාශය මගින් මොහු කර තිබෙන්නේ මහා සංගරත්නයට හා ඒ තුලින් ලැබුනා යයි පවසන ආශීර්වාදයටත් නිගාවක් නේ. ඔය ඇසුර ලබපු පුද්ගලයෙක් කවදාවත්ම හොර කමට උපන් හපන් කම් ඇති දරැවන්, ඥාතීන්ට , හිතවතුන්ට රජයේ ඉහල තනතුරු දීල මහජන මුදල් ගසාකන්ට ඉඩ හරිනවද?
Chaminda Wednesday, 17 September 2025 07:51 AM
පිස්සු මහින්ද
MD Wednesday, 17 September 2025 08:00 AM
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා.නාමල් රාජපක්ෂ පුතුනුවන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබ රට සෞභාග්‍යය කරා ගෙනයාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි!
ddsWednesday, 17 September 2025 11:00 AM
@ Mo Daya, රාජපක්ෂගේ පුතා වීම හැර ජනාධිපති වෙන්න නාමල්ට තියෙන වෙනත් සුදුසුකම් මොනවද? දැන්වත් රජ, වහල් මානසිකත්වයෙන් අයින් වෙන්න. ස්වාධීන මනුෂ්‍යයෙක් වගේ තමන්ගෙම මිනිස්කමට ගරු කරල ජීවත්වෙන්න.
King Wednesday, 17 September 2025 08:08 AM
ඔය ඉන්නේ චීවරධාරියෝ මිසක් හමුදාවල් නෙමෙයි
සෙනෙවිරත්න Wednesday, 17 September 2025 08:27 AM
දැන් මේක දැකල මාලිමා ඩෝබිල භූමිතෙල් ගහපු ගැරඬි වගේ දඟලයි. හාමුදුරුවන්ටත් බනියි.
Naleen Wednesday, 17 September 2025 08:42 AM
ආයෙමත් වැඩේ පටන් අරන් :D තම දේශපාලන අරමුණු වෙනුවෙන් ආගම අවභාවිත කිරීම
K.A.D.SINIDU SHANTHA Wednesday, 17 September 2025 08:45 AM
ජීවිතයේ අවසාන කාලය. පව් ඉතින් මොනවා කරන්නද? මෙහෙම හරි හිතට සැනසීමක් ලැබෙන එක ලොකු දෙයක්. තමන් කරපු පව්, පින් වගේම අනුන් ලවා කරවාගත්ත පින් පව් වලත් පින් පව් කරන්න උපදෙස් දීපූ එකටත් ප්‍රතිලාභ මේ ආත්මයේදීම ලැබේවා. සාදු සාදු සාදු
ප්‍රේමතිලක මාවල්ල Wednesday, 17 September 2025 09:22 AM
රජ දවසේ, අපේ ශ්‍රේෂ්ට රජවරු, හොරකම් කලාද. ඒ කාලේ දූෂිතයන්, මංකොල්ලකාරයෝ, රජවරු වගේ හිටියද, අපේ හාමුදුරුවනේ.
Asela Wednesday, 17 September 2025 09:32 AM
හිටපු ජනාධිපතිතුමා සැමට එක හා සමානව සැලකූ අතර සෑම ආගමකටම බොහෝ සේවාවන් ඉටු කළේය. ඔහු මුස්ලිම් ප්‍රජාවට සහ ආගමට බොහෝ සේවාවන් ඉටු කර ඇත. බුද්ධාසනය ප්‍රවර්ධනය නොකරන ඕනෑම රජයක් දේශප්‍රේමී සිංහල බද්දෙන් ඉවත් කරන අතර බුද්ධාගම සහ මෙම මාතෘ භූමිය ආරක්ෂා කිරීම ඔවුන්ගේ පරම යුතුකමයි. අනෙක් සියලුම කරුණු ද්විතීයිකයි. මම සැමවිටම බුද්ධාගම සහ මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටිමි. මෙම භූමිය ආරක්ෂා කිරීම මහා සංඝරත්නයේ අනිවාර්ය යුතුකමක් ඇත.
පොඩිඑකා Wednesday, 17 September 2025 09:54 AM
පහේ ශිෂ්‍යත්වයට ප්‍රශ්නයක්: කුඩු බිස්නස් කාරයෙක්ගේ කරට අත දමා ඒකා සොල්දාදුවන්ගෙන් බේරගත් රජතුමා නම් කරන්න.
Nihal Wednesday, 17 September 2025 10:08 AM
ඔය වගේ බොරු රජවරු පොල්පිති වලින් කපන්න පුළුවන්.