IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි

ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.

මිය යන විට 72 වන වියේ පසු වූ මහින්දරත්න නිශ්ශංක මහතා දෙදරු පියෙකි.

මහින්ද නිශ්ශංක මහතා මිය යන තුරුම ලංකාදීප පුවත්පතේ සහ ලංකාදීප වෙබ් අඩවියට පුවත්  සපයමින් සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළේය.

මහින්ද මහතා සාමදාන විනිසුරුවරයකු සේම ගම්පහ දිස්ත‍්‍රික් සාම විනිසුරු සංගමයේ මාධ්‍ය ප‍්‍රචාරක නිලධාරී තනතුරේද කටයුතු කළේය.  ඔහු ප‍්‍රසිද්ධ සමාජසේවකයෙකි.

විශ‍්‍රාමික පාඨශාලාචාරීනී කේ.එච්. රුසිලා නිශ්ශංක මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඒ මහතා සීදූව ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

අවසන් කටයුතු සීදූව ලියනගේමුල්ල පොදු සුසාන භූමියේදි 03 වැනි දා පස්වරු හතරට සිදුකිරීමට නියමිතව ඇති අතර දේහය මේ වන විට සීදූව කොටුගොඩ පාරේ නගර සභාව ඉදිරිපිට පිහිටි රුක්මල් මල්ශාලාවේ තැන්පත් කර ඇත.

 



අදහස් (0)

මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 283 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 770 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 141 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site