IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහේස්ත‍්‍රාත් නිල නිවසට මැරයෝ පනිති

වරකාපොළ මහේස්ත‍්‍රාත් නිල නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධරයකුගේ ටී 56 ගිනි අවිය අවිගත් දෙදෙනකු විසින් පැහැර ගන්නා ලදැයි වරකාපොළ පොලිසියට පැමිණිලි කැර ඇත. මුර සේවයේ යෙදුණු කොස්තාපල්වරුන් දෙදෙනකුගෙන් අයකු වතුර බීමට ගොස් සිටියදී එහි කඩාවැදුණු දෙදෙනා කොස්තාපල්ගේ මුහුණට ඇසිඞ් වැනි දියරයක් ගසා අවිය රැගෙන යතුරුපැදියකින් පලා ගොස් ඇත.



අදහස් (0)

මහේස්ත‍්‍රාත් නිල නිවසට මැරයෝ පනිති

දැදිගම පරාක්‍රමබාහු Friday, 13 July 2012 08:34 AM

දැදිගම පැත්තේ ඉන්නෙකාට ඉතා පරීක්ෂාවෙන් ඉන්න ඕන.

:       0       0

රොෂාන් Thursday, 12 July 2012 10:45 AM

මට පේනනේ වතුර බොන්න ගිහින් නෙමෙයි.දෙන්නා T 56 අතේ තියන් හොදට නිදා ගන්න ඇති. අඩු ගාණේ ගල්කටස් එකක් වත් තිබුනා කිවුව නම් පිළිගන්න තිබුණා, T 56ක් නැතුව

:       0       0

චතුල වෙරෝනා Thursday, 12 July 2012 07:27 PM

ආචාර්ය තුමාගෙ උපදෙස් දෑන්වත් අරගමු....නෑත්නම් නඩුකාර හාමුදුරුවරුත් වර්ජනය කරයි.

:       0       0

බටු මුදලාලි Thursday, 12 July 2012 11:31 AM

අහේතු කාලෙන කජ්ජෙන පුහුලන් කිවුවලු

:       0       0

ගාලු කොලුවා Thursday, 12 July 2012 11:33 AM

දැන් සිද්ධ වෙන දේවල් බැලුවහම පිස්සු හැදිලා ආයේ පිස්සු හැදෙනවා,,,,,,

:       0       0

ලුම්බිණි Thursday, 12 July 2012 11:39 AM

මේකත් පුදුම වෙන්න දෙයක් නොවේ. මේ වගේ දේවල් ලංකාවේ හැම තැනම වෙමින් යනවා. එත් ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ කියල තමා පත්තර වලට ලොකු ලොකු උදවිය කියන්නේ. දැන්වත් අපේ රටේ නීතියට තැනක් දෙන්න, වැරදි වැඩ කරන මිනිසුන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්න කියල රට පාලනය කරන අයගෙන් ඉල්ලා සිටිමු.

:       0       0

කම්මලේ ‍ගෙදර Thursday, 12 July 2012 11:41 AM

වතුර බෝතලයක් ළඟ තබාගන්න මොළයක් නැත්ද? නැත්නම් සහයෝගයෙන් ගිනි අවිය හොරකම් කලාද ????

:       0       0

ෂෙරීෆ් Thursday, 12 July 2012 11:06 AM

වෙඩි තියන්න බැරි ගිනි අවි වෙන්න ඇති

:       0       0

සනා කෑගල්ල Thursday, 12 July 2012 11:13 AM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති..

:       0       0

වරුණ Thursday, 12 July 2012 11:20 AM

අපේ රට තවත් ටිමෝරයක්, සෝමාලියාවක් වෙන තුරු අපි හැමෝම උඩ බලා ගෙන ඉමු

:       0       0

වරුණ Thursday, 12 July 2012 11:20 AM

හෙට අනිද්දට මහේස්ත‍්‍රාත්ලට උසාවි එන්නත් බැරිවෙයි. රට යන අත කුමක්ද කියලා සියලු දෙනාම තේරුම් ගත යුතුයි

:       0       0

sujeeva Thursday, 12 July 2012 11:40 AM

කවුද දන්නෑ ඔක ගෙනියන්න ඇත්තේ

:       0       0

PUNCHA Thursday, 12 July 2012 11:44 AM

මම ලුම්බිනිත් එක්ක

:       0       0

පොඩිඑකා Thursday, 12 July 2012 11:47 AM

රාළහාමි දැකපු හීනයක්වද්ද?

:       0       0

සරත් Friday, 13 July 2012 11:54 AM

වතුර බොන්න T-56 තියලා යන්න පුලුවන්ද?

:       0       0

කැලුම් Thursday, 12 July 2012 12:28 PM

තුවක්කුව ගෙනියන්න කෝල් එකක් ගන්න යන්න ඇති

:       0       0

දුමින්ද Thursday, 12 July 2012 12:32 PM

මෙතන මොකක් හරි මගඩියක් තියෙනවා.හොද පරීක්ෂනයක් අවශ්‍යයයි

:       0       0

sltk2004 Thursday, 12 July 2012 01:13 PM

අපරාදේ, දැන් උද්ඝෝෂකයින්ට, විරෝධතාකරුවන්ට වෙඩි තියල නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ මොකෙන් ද ?

:       0       0

එස්.ඒ.කේ Thursday, 12 July 2012 01:18 PM

ඔයින් ගියා මදැයි.....

:       0       0

අමිල කටුනායක Thursday, 12 July 2012 12:48 PM

කැමරාවල සිද්ධිය සටහන් වෙලා නැද්ද ??

:       0       0

අමිල කටුනායක Thursday, 12 July 2012 01:30 PM

P H I කෙනෙක් වෙන්න එති .මෝල්ගස් පාරෙන් බේරෙන්න

:       0       0

වසා Thursday, 12 July 2012 01:56 PM

දෙයියො දනී..මම නොදනී මේ ලංකාවේ....

:       0       0

ඩොන් Thursday, 12 July 2012 10:32 PM

ඕන එකටයි නැති එකටයි ප්‍රභූ ආරක්ෂාව දාගන්න ගියාම වෙන්නෙ ඕකයි. රටේ ඉන්න ප්‍රභූන් පිරිස රකින්න පොලිස් නිලධාරියෝ මදි නිසා දැන් එක සැරේකට එක් අයෙක් හට පැය 12කටත් වැඩිය අිරක්ෂක රාජකාරි කරන්න වෙලාලු. ඔය මිනිස්සු ඉන්නෙ හුලං පාරක් වැදුනත් ඇදගෙන වැටෙන ගානට හෙම්බත් වෙලා. එහෙව් එකේ මෙහෙම බේරුනා ඇති!

:       0       0

රංග Thursday, 12 July 2012 11:12 PM

ආයුධ සන්නද්ධව ඉන්න පොලීසියෙ අයවත් මංකොල්ල කනවනම් අපේ ආරක්ෂාව ගැන කවර කතාද? දැන්නම් රට ආශ්චර්යයට පැමිණිලා අවසානයි වගේ.

:       0       0

සත්‍යය Thursday, 12 July 2012 11:16 PM

මට හිතෙන්නෙ මේක තුවක්කුව පැහැර ගන්න කරපු එකක් නෙමෙයි. පෞද්ගලික කෝන්තරයක්. නැත්තං ඇසිඩ් ගහන්න තරම් තරහක් මොකද??

:       0       0

රජිත මන්ජුල Thursday, 12 July 2012 02:34 PM

ඇදුම් ගලවන් නොගිය පුදුමයි......

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 July 2012 02:52 PM

මෙවැනි අවස්ථා මින් ඉදිරියට වලක්වා ගන්න, යෙදිය යුතු සියලු පියවරයන් ගැනීම ඉතා කාලෝචිතය. මෙවැනි ස්ථාන වලට පොලිස් නිලදාරීන් ට අමතරව හමුදා නිලදාරීන් කිහිප දෙනෙකු යෙදවුවට ඇති වරදක් මට නම් නොපෙනේ. එනම් මහජනතාව ගැවසෙන තැන්වල ආරක්ෂාව තර කිරීමට අපහසු නිසා මහජනයා රැස්වීම වැළැක්විය යුතුය. මෙය රජයට විරුද්ද කණ්ඩායමක එදිරි ක්‍රියාවක් විය නොහැකියි කිව හැක්කේ කාටද? තෙරුවන් සරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site