2014 ජූලි 11 වැනි දා පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය මෝටර් සයිකල්කරුගේ මරණයට වගකිව යුතු කොස්තාපල්ට මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප දිමට එරෙහිව මිය ගිය පුද්ගලයාගේ බිරිය අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත.
ප්‍රභාත් ඉන්දික නම් මරණකරුගේ බිරිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම පෙත්සම ඉදිරිපත් කළේය.
වගඋත්තරකරුවනට සැප්තැම්බර 17 වැනි දා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරු ඒ ඩබ්ලිව් ඒ සලාම් මහතා නියෝග කළේය.
පොලිසිය කියා සිටියේ මෝර්ටර් සයිකලයේ සිටි දෙදෙනා පොලිස් අන නොතකා ගිය හෙයින් වෙඩි තැබූ බවයි.
කොස්තාපල් ඩබ්ලිව් එස් වෙලගෙදරට උසාවියෙන් ඇප නියම විය. එම යතුරුපැදියේ පසුපස ගිය පුද්ගලයාගේ සාක්කිය පිළිගත නොහැකි බව ඔහුට ඇප දෙමින් අත්තනගල්ල මහේස්ත්‍රාත් ප්‍රකාශ කළැයි නීතීඥවරු අභියාචනාධිකරණයට දැනුම් දුන්හ.
මහේස්ත්‍රාත්ගේ එම තීරණය නීති විරෝධී බවත්, අසාධාරණ බවත්, නීතියට පටහැනි බවත්, අධිකරණයේ බලය ඉක්මවා යෑමක් බවත් එහෙයින් එය ඉවත් කරන ලෙසත් ඉන්දිකගේ බිරිය සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
එරන්ද සිංහාරගේ මහතාගේ උපදෙස් මත අනුර මැද්දේගොඩ, අමිල පල්ලියගේ හා නිහාල් සඳරුවන් යන නීතීඥවරු ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොදු යහපත සඳහා වන නීතිමය කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටියහ.
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද
දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘මහේස්ත්‍රාත් තීන්දුව නීති විරෝධී‘
ශාන්ත Thursday, 04 September 2014 03:29 PM
දැන් ලංකාවේ නීතියේ සාධාරණත්වය ගැන මට ඇත්තේ කණගාටුවක් (නි)
ලලිත් Thursday, 04 September 2014 03:32 PM
ලංකාවේ මහේස්ත්‍රාත්වරු තීන්දු දෙන්නේ උදේට උසාවි යන්න ඉස්සර ලැබෙන ටෙලිපොන් කෝල් එකේ විදියට කියල කියන කතාව වැරදි බව ඔප්පු කරන්න මේක නියම වෙලාවක්. (නදී)
ටෙනී Thursday, 04 September 2014 03:43 PM
ඉතා හොඳයි (නි)
තිලක් Thursday, 04 September 2014 05:22 PM
නීතිය මෙහෙම හරි මඟට ගන්න කරනා උත්සාහයට, ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ප්‍රශංසා කරමි (නි)
සඳුන් පෙරේරා Saturday, 06 September 2014 01:38 AM
උපාලි, හෘද සාක්ෂියට අනුව තීන්දු දෙන්න බෑ. ලැබී තියෙන සාක්ෂි අනුවයි නීතිය අනුවයි තීන්දු දිය යුත්තේ. මෙතන වෙලා තියෙන්න එහෙම නොකිරීමයි. (නදී)
සරත් Thursday, 04 September 2014 07:10 PM
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
පිටබැද්දර ජයා Thursday, 04 September 2014 09:47 PM
සමහර තීන්දු තීරණ දිහා බැලුවාම අපිත් හොඳටම බයවෙනවා ආයුබෝවන් ! (නි)
මාලා Thursday, 04 September 2014 11:53 PM
ඔය විදියට පොලිසියට ඕනෑ කෙනෙකුට වෙඩි තියන්න පුළුවන්නේ. එහෙනම් සාමාන්‍ය ජනතාවටත් පිස්තෝල දුන්නා නම් හරිනේ. (නි)
දසුන් Friday, 05 September 2014 12:38 AM
ඔය තීන්දුවට රටේ බහුතරයක් විරුද්ධයි කියලයි මටත් හිතෙන්නේ. (නි)
නිලම Friday, 05 September 2014 02:25 AM
වතුපිටිවල දොස්තරට දුන්න තීන්දුවත් අතර වෙනසක් නැහැ. (නදී)
සංජීව Friday, 05 September 2014 02:42 AM
අද උදේ මරදාන පොලිසිය ඉදිරිපිට තිරෝද රථයක් පොලිසිය ඇතුලට දාන්න කියල පොලිසියේ දෙන්නෙක් තිරෝද රථ රියදුරාට හොඳම කුණුහරුපෙන් බනිනවා. මම පොඩ්ඩක් එතන බලාගන හිටියා. ඇත්තටම රථ වාහන වරදකට පොලිසියේ කියපු දෙයට එරෙහිව කතා කලාට එයාල ඒ මනුස්සයට ලොකු ප්‍රශ්නයක් දාන්න වෙන්න ඇති. බල්ලෝ පොලිසියට අාවහම ඔහොම තමා. (නදී)
චමින්ද Thursday, 04 September 2014 01:02 PM
අවසානයේ ඉහළ උසාවියේ පිහිට පැතූ එක හොඳයි (නි)
චමින්ද Thursday, 04 September 2014 01:09 PM
දැන් අපේ ප්‍රකාශකතුමා මේ පිළිබඳව මොනවා කියයිද දන්නේ නැහැ නේද? (නි)
උපාලි Friday, 05 September 2014 03:21 AM
මොන සාක්ෂි ඇහුවත් තීන්දුව දෙනකොට සමහරු හෘද සාක්ෂිය පැත්තකින් තියනවා. (නදී)
අලහකෝන් Friday, 05 September 2014 04:28 AM
අපේ ප්‍රකාශකතුමා මේකට හොඳ උත්තරයක් දෙයි. (නි)
දිලාන් Thursday, 04 September 2014 01:59 PM
මේ අර රජිනි කාන්ත් වෙඩි තිබ්බ කේස් එක නේද? පිටිපස්සෙන් වෙඩි තිබ්බම ඉස්සරහට වදින්නේ (නදී)