IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහෙස්ත්‍රාත් ආ ගමන් උසාවියෙන් බැසයයි

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ  සිර මැදිරියෙන් ආ  දුර්ගන්ධයක් නිසා  ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා   උසාවියෙන් බැස ගොස් සිය නිල මැදිරියේ නඩු විභාග කිරීම පටන් ගත්තේය.

උදේ විනිශ්චාසනයට  පැමිණි මහෙස්ත්‍රාත්වරයා ගඳක් දැනෙන බව උසාවි නිලධරයින්ට දැන්වීය.

උසාවිය පිරිසිදු කරන ලෙසත් මහෙස්ත්‍රාත් ඔවුනට කියා සිටියේය. එම දුර්ගන්ධයට හේතුව සිර මැදිරියේ තිබු බාල්දියකි. සිර මැදිරියට වැසිකිළියක් හෝ කැසිකිළියක් නැති නිසා  සිර කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එම බාල්දිය තබා ඇත. පෙර දින එහි එකතු වු මුත්‍රා ඉවත් නොකීරීම මෙයට හේතුව බව සොයා ගත්තේය.

 



අදහස් (0)

මහෙස්ත්‍රාත් ආ ගමන් උසාවියෙන් බැසයයි

කින් බෙනට් Friday, 30 August 2013 11:22 AM

මහේස්ත්‍රාත් තුමාට ඔහොම ඉවසන්න බැරි උනාට අනවශ්‍ය නඩු වලට එන බහුතර ජනතාවට නම් ඔය ගඳ හොඳට ඉවසල පුරුදුයි ..කුලියට ගෙට ඇතුල් උන මිනිහත් ගේ තමන්ට ඕන කියල නඩුවක් දැම්මම ගෙවල් අයිතිකාරයට උසාවි ගානේ රස්තියාදු වෙලා අවුරුදු ගණන් ඔය වගේ ගඳවල් ඉවසන්න වෙනවා .. (දී)

:       0       0

කලන Friday, 30 August 2013 11:34 AM

සිරකරුවන් මනුස්සයෝ කියල ගහල තියෙනව නේද වැලිකඩ​, මෙහෙම දුක් විඳින්නෙ කොහොමද​, සමහර විට නිවරදි අයත් දානවා සිර මැදිරිවලට​, අපි මානව හිමිකම් ගැන කතා කරනව​, කෝ අපේ රටේ එවා? (දී)

:       0       0

දසුනි Friday, 30 August 2013 05:25 PM

මේක ලංකාවේද? (නි)

:       0       0

මිනිපෙ Saturday, 31 August 2013 12:02 AM

ඕක මොකක්ද, ගිහින් බල්ලනකෝ ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ වැසිකිලි.ඕනෑම වෙලාවක බැලුවොත් බිම වතුරෙන් පිරිලා.මේකට හේතුව,පිරිසිදු කරන සේවකයන්ට,පිරිසුදුකමේ අවබෝදයක් නැතිකම.එය උස්සස් නිලදාරීන් විසින් ඔවුන්ව පුහුණු කල යුතයි. (අ)

:       0       0

ගයන් Friday, 30 August 2013 12:13 PM

කාගේද වැරැද්ද? උසාවිය පාලකයන්ගේම වරදට මහා ජනතාව විඳින්න ඕනේ. (දී)

:       0       0

සීල Friday, 30 August 2013 12:21 PM

එතුමාට එහෙම කරන්න පුළුවන්.ඒ උනාට කොලබ සුරපුරට අල්ලපු ගම්මාන වල කැලි කසල ගොඩ ගහල පාර අද්දර. මිනිස්සු ඇවිදින්නේ මුණ කට වහගෙන. ඒවාට නම් නීතියක් නැහැ.මිනිස්සු හුස්මගන්නේ විස වාතය . (දී)

:       0       0

ධම්ම Friday, 30 August 2013 12:25 PM

සිරකරුවෝද මනුෂ්‍යයෝය. (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 30 August 2013 12:29 PM

උසාවියෙන් තීන්දු කරනකන් නිවෙරදි කරු කිවුවට මොකද දුෂ්කර දඬුවම් වලට මුහුණ පාන්නට සිදුවෙනවා සේකකරුවන්ට/කාරියන්ට උසාවිවලදී සහ පොලිස් සිර මැදිරි වලදී. මෙවැනි ස්ථාන දිහා කවුරුවත් මානුෂිකව බලන්නෙය් නෙති එකී වරද. පොලිස්පතිතුමගය් අවදානය මේවට ලැබුනොත් හොඳයි (දී)

:       0       0

කුමුදු මේනකා Friday, 30 August 2013 01:55 PM

උසාවියේ බාල්දිය සම්බන්ධ වගකිවයුත්තන් හට එම බාල්දියෙන් නෑමට වගේ දඩුවමක් දුන්නා නම් මෙවැනි දේවල් නැවත සිදු නොවේවි යනු මගේ අදහසයි (නි)

:       0       0

මුස්තෆා Friday, 30 August 2013 02:03 PM

තමුන්ගේ වැඩේ හරියට කරන්නේ නැති අය හින්දා රටම ඉවරයි (නි)

:       0       0

නසාර් Friday, 30 August 2013 02:14 PM

අපිට නම් හොදට ඔය ගඳ සුවද පුරුදුයි (නි)

:       0       0

මහින්ද Friday, 30 August 2013 02:14 PM

2013 දැයට කිරුළ මැඩම්ට කියලා වැසිකිළියක් හදාගනිමු ඊලඟ නඩු දවසට කලින්. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 31 August 2013 09:25 AM

මේ ගද මෙතනින් නවතාගමු. තව ඉදිරියට ගියොත්? (නි)

:       0       0

දයාරත්න Friday, 30 August 2013 02:34 PM

විනිසුරුතුමාට එතන ඉඳලා ගඳ ආවා නම් සිරමැදිරියේ ඉන්නය අය කොහොම ඉවසන්නද? (නි)

:       0       0

උපාලි Friday, 30 August 2013 03:08 PM

මේවා කරන්නත්, කරවන්නත් මහත්තුරු ඉන්නවා නේද උසාවි වල? පඩි මදි කියලා වර්ජන කරලද දන්නේ නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 30 August 2013 03:18 PM

මදැයි කොළා?? (නි)

:       0       0

නුවන් Friday, 30 August 2013 03:32 PM

සිරකරුවෝද මනුස්සයෝය (නි)

:       0       0

සංජීව Friday, 30 August 2013 10:21 AM

අයියෝ සල්ලි

:       0       0

අමිල Friday, 30 August 2013 03:35 PM

කවුරුත් මනුෂ්‍යයෝය (නි)

:       0       0

ඔකිත Friday, 30 August 2013 10:33 AM

මෙන්න මේවත් පෙන්නන ඕනේ පිල්ලේ මහත්මියට මානව අතිවාසිකම් සම්භන්දව (දී)

:       0       0

චානි Friday, 30 August 2013 03:42 PM

සිරකරුවෝ ද මනුෂ්‍යයෝය. (නි)

:       0       0

ටිරෝනි Friday, 30 August 2013 10:37 AM

සෑම සිරකරුවෙක්ම මනුෂ්‍යෙයකි.(නදී)

:       0       0

ලන්කා පුත්‍ර Friday, 30 August 2013 10:39 AM

හිර කරුවෝද මනුෂ්‍යයෝය. විනිසුරුවෝ මනුෂ්‍යයන්ට උඩින් සිටිති. නමුත් සියල්ලන් සමා.(නදී)

:       0       0

නාමල් Friday, 30 August 2013 10:43 AM

ලංකාවේ මානුෂික අයිතිවාසිකම් කියන්නේ මොනවාටද ? මිනිහෙකුට දෙන අවම දේ කන්න සහ වැසිකිලි පහසුකම්, ඉන්දියාවට සහ මැදපෙරදිගට දෙවෙනි නැහැ ලංකාවේ මානුෂික අයිතිවාසිකම්. (ස)

:       0       0

කුමාර Friday, 30 August 2013 10:50 AM

මහේත්‍රාත් තුමෙනි, පිරිසිදු කිරීම බර උසාවි නිලදාරියාට රාජකාරිය නොකලාට දඩුවම් දෙනු.(නදී)

:       0       0

ටිරල් Friday, 30 August 2013 10:59 AM

බඩු බනිස් වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site