අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයින වටා වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහල යා හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැක.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මහවැසි : මුහුදත් රළු වේ
ඉසුරන්දි Monday, 03 November 2014 08:13 AM
අපේ මිනිසුන්ට කලත් වැරදියි නොකලත් වැරදියි. දෙයක් උනාට පස්සේ විවේචන කෝටියයි. (නදී)
සන්ධ්‍යා Sunday, 02 November 2014 10:11 AM
කාලගුණය ගැන ප්‍රවෘත්තියට ගොඩක් ස්තූතියි(දිල්)
සුගත් Sunday, 02 November 2014 12:42 PM
මේ ඇත්තමයි කියන්නෙ. මෙහාට හෝ එහාට, අරවිදියට හෝ මේවිදියට වහිනවා කියල ඕන කෙනෙකුට කියන්න පුලුවන්නෙ. මේ වගේ ආයතනයකට මුදල් වෙන් කරන්නෙ අපරාදේ. (නදී)
මලිත් Sunday, 02 November 2014 01:47 PM
සුගත් ඔයා දන්න තරම. (නදී)