IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් සිංහල ජනතාව පදිංචි කරනවා යැයි විරෝධතා

 

(සිතුම් චතුරංග)

      

මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත‍්‍රික්කයේ දෙමළ ජනතාව සහ සිවිල් සංවිධාන අද (28) මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ.

මොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවත් විරෝධතාකරුවෝ පවසති.

අපේ ඉඩම් හා අපේ උරුමයට අත නොතබනු , උතුරට මහවැලිය එපා, දෙමළ ජනාවාස තුළ සිංහල ඉදිකිරීම තවත් ජනසංහාරයක් බවට සටන්පාඨ හා පුවරු රැගෙන විරෝධතාවයේ නිරතවූහ.

විරෝධතාවයට සහය දක්වමින් මුලතිව් නගරයේ සියලූ කඩ සාප්පු වසා දමා හර්තාල් ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබිණි.

මුලතිව් නගරයේ මධ්‍යයේ සිට විරෝධතාවය දක්වමින් පාගමනක් ද ආරම්භ කළ අතර පසුව මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ක‍්‍රීඩාංගනයට රැස්ව විරෝධතාකරුවන් ජන හමුවක් පවත්වමින් දෙමළ දේශපාලන නායකයින් උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම පිළිබඳ විරෝධතාවය පළ කර සිටියහ.



අදහස් (37)

මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් සිංහල ජනතාව පදිංචි කරනවා යැයි විරෝධතා

akila Tuesday, 28 August 2018 08:14 AM

බහුතරයක් දකුණේ ඉන්න අයගේ ජාතිවාදී අදහස්මයි උතුරේ ඉන්න අයගෙත් තියෙන්නේ , දෙගොල්ලොම එකම කාසියේ දෙපැත්ත වගේ

:       293       329

sena Tuesday, 28 August 2018 08:19 AM

මේ ජාතිවාදීන් නිසා මේ රටේ මොනම වැඩක් වත් කරන්න බැරි වෙයි, මේ විදිහට සිංහල පළාත්වල දෙමල ජනතාවට එන්න එපා කියලා විරෝදයක් පන නැගුනොත් මේ අය කියාවි ඒක ජාතිවාදයක් කියලා.

:       0       284

Perera Tuesday, 28 August 2018 08:33 AM

මේක මාර වැඩක්නේ, ලංකාවේ ඕනෑම තැනක ජීවත් වෙන්න ඕනෑම පුරවැසියකුට අයිතිය තියනවා. ඒගොල්ලෝ හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ කොලනියක් කියලා. ජාති බේද ඇතිවෙන්න මූලික හේතුව මේක තමයි.

:       0       247

Kumara Tuesday, 28 August 2018 08:43 AM

ඔය තියෙන්නෙ, සංහිදියාව

:       33       229

Perakum Tuesday, 28 August 2018 08:49 AM

මෙවැනි අන්ත වර්ගවාදී ව්‍යාපාර වලට ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ අවසර ඇත්ද...? මේවා වහාම තහනම් කලයුතු නොවේද...? ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක පදිංචි වීමට ඇති තහනම කුමක්ද...? මේ පිටුපස වර්ගවාදී දේශපාලකයින් සිටින බව පැහැදිලිය. වගකිවයුතු බලධාරීන් වහා පියවර නොගතහොත් ලංකාවේ රෝහින්ග්යාවක් ඇතිවීම වැලකිය නොහැකි වනු ඇත.

:       0       314

hira Tuesday, 28 August 2018 08:49 AM

මේ අයට ලංකාවේ හැම පැත්තකම ගෙවල් දොරවල් හදාගෙන , ව්‍යාපාර කරගෙන සැපවත් ජීවිත ගත කරන්න හොදයි. සිංහලයට බැ. සංහිදියාව දොරේ ගලනවා අප්පා. හොදම දේ මුන්වත් දකුණට එපා කියල සිංහලයොත් කඩ වහලා මේ විදියට උද්ගෝෂණ කරන්න ඕනේ.

:       2       259

jayasekara Tuesday, 28 August 2018 08:59 AM

සංහිදියාවේ අස්වනු නෙලනවා ...

:       0       228

sunanda Tuesday, 28 August 2018 09:00 AM

සන්හින්දියව දෝඔරේ ගලනවා.... කමෝන් යහපාලනය.

:       1       233

අචලා Tuesday, 28 August 2018 09:13 AM

මේවා අපේ සිංහල රජවරුන්ගේ වැරදි. වෙනත් ජාතිකයන්ට පව් කියලා පදිංචි වෙන්න රටේ තැන් තැන් වලින් ඉඩම් දුන්නා, දැන් ඒ අයගෙන් පැවතෙන මිනිස්සු සිංහල ජාතියන්ට තමන් ඉන්න පැත්තට එන්නවත් දෙන්නේ නෑ.

:       0       271

Indunil Tuesday, 28 August 2018 09:14 AM

මේ සිංහල අපගේ ලංකාව...

:       365       522

nuwan Tuesday, 28 August 2018 09:25 AM

හරියට ඉතිහාසය බැලුවොත් ඕන ගොනෙක්ට තේරෙනවා මේ කෑ ගහන මිනිස්සු ගැන. කොටි පුල්ලි තාමත් තියෙන පාටයි. බැරිවෙලාවක් සිංහල අපි දෙමල අය පදිංචි කරන්න එපා කිව්වනම් කොහොම හිටීවිද?

:       0       190

citizen Tuesday, 28 August 2018 09:37 AM

ලංකාවේ සැම පුරවැසියකුටම ලංකාවේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි.

:       2       75

රජින්ද Tuesday, 28 August 2018 09:54 AM

මහා ජාතිය ජෝකර්ලා වන අතර ඒ ජෝකර්ලාට ටොකු ඇන ඇන සුළු කොටස් මේ රට තුල ඔවුන්ගේ බලය වපුරවමින් තව තවත් තර වෙමින් සිටී. සිංහල මිනිස්සු ඔය මුහුණු පොතේ අපේ රටේ මේ වනවිට අවුල් ජාලාවක් කර ඇති ප්‍රශ්න එහෙට මෙහෙට ශෙයා කිරීමෙන් වීරයින් නොවී ප්‍රායෝගිකව අපේ රටේ දේශපාලන බලාධිකාරිය විසින් සිදු කර සහ සිදු කරමින් ඇති සියලු පාවාදීම් වලට එරෙහිව ඉදිරියට පැමිණීමට සුදුසුම කාලය මෙයයි. අපි මේ රට සහ බෞද්ධ ධර්මය රකින සිංහලයින් නිසා ගැටුම් වලින් තොරව අප සංවිධානය වීමට වසර 203කට පසු අවසන් අවස්ථාව උදා වී ඇත. අපේ රට විවිධ ජාතීන්ගේ කොලනියක් වීමට පෙර අප ක්‍රියාත්මක විය යුතුව ඇත. මේ රට මේ රටේ දේශපාලකයින්ට තව දුරටත් කරගෙන යාමට නොහැක. ඔවුන්ට ඇත්තේ පක්‍ෂ සහ පාට ගැන වද වීම පමණි, එහෙත් අපට අපේ මාතෘ භුමිය ඒ සියල්ලටම වඩා වටින්නෝය. හොදින් හෝ නරකින් අපේ රට අප රැකිය යුතුය.

:       111       241

චතුර Tuesday, 28 August 2018 09:59 AM

හැම කෙනාටම ලංකාව අයිතියි.

:       8       132

BamunuarachchiTuesday, 28 August 2018 04:24 PM

ඒක වෙන්නේ කොහොමද? මෙරටේ සිංහලයාගේ ඉතිහාසය අවුරුදු 2500 ට වැඩී. මුස්ලිම් ජනතාව ලංකාවට සංක්‍රමණය උනේ මෑතක. ඉතින් කොහොමද සම අයිතියක් ලැබෙන්නේ? සම නොවෙයි කොහොමවත් අයිතියක් නැත.

:       7       48

asanga Tuesday, 28 August 2018 10:13 AM

එතකොට කෝ මේ අයගේ තියෙන සංහිඳියාව? සිංහලයට විතරද බලපාන්නේ?

:       1       82

amila Tuesday, 28 August 2018 10:16 AM

කොහොමද මෙයාලගේ වෛරය සිංහල අපි එක්ක. රජය සංහිදියාව පොවන්නේ සිංහල අපිට විතරයි.

:       0       232

suran Tuesday, 28 August 2018 10:21 AM

දමිල සහ මුස්ලිම් ජනතාවට පමණක් කැප ජාතිවාදය

:       330       452

රාජිත Tuesday, 28 August 2018 10:37 AM

හොරකම් කෙරුවත් ඉතින් අරගොල්ලන්ටම දෙන්න වෙයිද මන්දා?

:       0       234

gayan Tuesday, 28 August 2018 10:42 AM

මේ රටේ සුළු ජාතීන්ට ඕන තැනක ඉඩම් ගන්ඩ පුළුවන්. ගෙවල් හදන්ඩ පුළුවන්. පල්ලි කෝවිල් හදන්ඩ පුළුවන්. නිදහසේ හිතට එන ඕන දෙයක් කියන්ඩ පුළුවන්. බැරිම නම් යුද්ද කරන්ඩත් පුළුවන්. මහා ජාතිය වෙච්ච සිංහල එකට මේවා මුකුත් කරන්ඩ බැහැනේ.

:       97       251

prabha Tuesday, 28 August 2018 11:13 AM

උතුර දෙමළ, නැගෙනහිර මුස්ලිම්, දකුණ හැමෝටම. මේක යකාගේ නීතියක්නේ.

:       33       228

ලුම්බිණි Tuesday, 28 August 2018 11:18 AM

විරෝධතා පල කරන්න මේ මිනිසුන්ට අයිතියක් තිබෙනවා. මේකට තමා ප්‍රජාතත්‍රවාදය කියන්නේ. .

:       661       545

leel gunawardena Tuesday, 28 August 2018 11:47 AM

මම මෙවර නිවාඩුවට යාපනයේ ගියා තාමත් මේ කියන ජාතිවාදය මටම දැනුණා, මේ කියන ජාතිවාදය දෙගොල්ලම කරනවා කණගාටුයි කියන්නට.

:       0       22

leel gunawardena Tuesday, 28 August 2018 12:17 PM

ලුම්බිණි වීරෝධතා ඉල්ලීම් මිනිසුන්ට අයිති කටයුතු තමයි ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඔබ හරි නමුත් මොනවද එයාලා කියන්නේ, ඉල්ලන්නේ සොයලා බැලුවොත් රට වටේ ජිවත් වෙන දෙමළ මිනිසුන්ටත් අපි ඔය කතාවම නේද කියන්නට සිද්ධ වෙන්නේ. මේක හරිම භයානකයි. මෙතන සිදුවන්නේ ජාති වාදයක් අපි මනුෂයන් හැටියට රටේ ඕනෑම ප්‍රදේශයක ජිවත් වීමට අයිතිය තිබිය යුතුයි , තම තමන්ගේ කැමැත්ත අනුව.

:       0       32

kap Tuesday, 28 August 2018 12:25 PM

ලුම්බිනි, ඒ වගේම රටේ ඕනෙම තැනක ගිහින් පදිංචි වෙන්නත් පුරවැසියන්ට අයිතියක් තියෙනවා. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදෙම තමයි. කොහොම හරි මේ අයට ඕනෙ ආයිමත් ගිනි අවුලන්න. යුද්ධයක් , කෝලහාලයක් පටන් ගත්තොත් වාසි මේ අයට කියලා දන්නවා

:       0       28

lakmal Tuesday, 28 August 2018 12:44 PM

මේ ලොකු ලොකු අදහස් දාලා තියන කට්ටියට ජනාධිපතිකම දුන්නොත් මොකද්ද ගන්න ක්‍රියාමාර්ග?

:       18       0

RNG Tuesday, 28 August 2018 01:36 PM

නයින්ට කිරි පොවන්න බෑ කියන්නේ නිකන් නෙවෙයිනේ. කෝ වෙනදා මෙතන ජාතිවාදය සංහිඳියාව ගැන කතා කරන අය..

:       0       67

ධනුෂ්ක Tuesday, 28 August 2018 02:32 PM

ජාතිවාදය විනාශ කිරීමටනම් එකම මගයි තියෙන්නේ. එනම් වාර්ගික,අාගමික,ප්‍රාදේශීය පදනමින් බිහි කරගෙන අැති සෑම දේශපාලන පක්ෂයක්ම ව්‍යවස්ථානුකූලව දිය වී යාමට සැලැස්වීම. හා සෑම ජන කොටසකටම එකම නීතියක් හා සමාන අයිතිවාසිකම් ලබා දීම. වාර්ගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, බඩගෝස්තරවාදී ජාතිවාදීන්ගේ ධනයේ සහ බලයේ පැවැත්ම රඳා පවතිනනේ ජාතිවාදී උණුසුමේ ෆැරන්හයිඩ් අංශක ගණන මත. මේ රටේ කතෝලික ජනතාව අතර ජාතිවාදී ප්‍රවනතාවක් නොමැත්තේ ඔවුනට වෙන් වූ දේශපාලන පක්ෂයක් නොමැති නිසා.

:       1       1

RNG Tuesday, 28 August 2018 03:22 PM

ලුම්බිණි ට තියෙන මොළේමනේ මේ මෝඩ පාලකයන්ටත් තියෙන්නෙ. ඔය ප්‍රජාතන්ත්‍රවාදය සිංහල මිනිස්සුන්ටත් තිබුණා නම්..

:       79       140

Bamunuarachchi Tuesday, 28 August 2018 04:17 PM

විරෝධතා පලකොරන්න මේ මිනිසුන්ට අයිතිය තිබෙනවාලු. අපිටත් අයිතිය තිබෙනවා විරෝධතාවයට විරුද්දව විරෝධතා පලකරන්න. ඉතින් අපි ඒ අයිතිය බුක්ති විඳිමු. සිංහලයාට රටේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය හොඳින් හෝ නරකින් ගමු. එය ජාතිවාදය නොවෙයි පදිංචි වීමට නොදීම ජාතිවාදය. මේ සෙල්ලම පටන් ගත්තේ යහපාලකයෝ ආවට පසුවයි.

:       123       225

Bamunuarachchi Tuesday, 28 August 2018 10:47 PM

යහපාලකයෝ යනකොට සිංහලයාට රටේ අයිතියත් නැති කරලයි යන්නේ.

:       86       118

RNG Wednesday, 29 August 2018 01:40 AM

ලක්මාල් දැක්කෙ නැද්ද පහුගිය රජය කාලෙ මේ අය මීයට පිම්බා වගේ ඉදපු හැටි. ඒ වගේ ජනාධිපති කෙනෙක් තමයි අපිට ඉන්න ඕන.

:       0       56

දිලුම් Wednesday, 29 August 2018 03:53 AM

මේ සේරම කරන්නේ අර විග්නේශ්වරන් සහ දෙමළ ජාතිවාදි පක්ෂ හා ඩයස්පෝරාව.

:       0       12

de silva berlin Wednesday, 29 August 2018 10:08 AM

මම නිතිය හා සාමය භාර ඇමතිනම් ඔය ඔක්කොම අල්ලලා රිමාන්ඩ් කරලා නඩු පවරනවා , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළාට සහ ජාතින් අතර අසමගිය ඇති කළාට , ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකික පුරවැසියන්ට ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පදිංචි වීමට තිබෙන අයිතියට විරුද්ධ වීමක් මේ . මේවා අපි ජිනිවා වල මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කරන්න ඕනේ .

:       0       25

hira Wednesday, 29 August 2018 11:04 AM

මේක ලීඩ් කරන්නේ පල්ලියේ සුවාමිලා සෙට් එක. ඒ ෆොටෝස් නැතත් අනිත් ඒවගේ ගෙඩිය පිටින්ම දාලා තියෙනවා. පල්ලියෙන් එදත් සිංහලයට ගැසුවා.. තාමත් එහෙමයි. කාදිනල්තුමාට උතුරේ ඉන්න සුවාමිලා සෙට් එක කන්ට්‍රෝල් නැද්ද? නැතිනම් එතුමාගේ නොමසුරු ආශීර්වාදය ලැබිලද?

:       0       16

bamunuarachchiWednesday, 29 August 2018 12:36 PM

හිරා මෙතන සිංහල නමින් ලියන අය සිංහල වෙන්න බැහැ.

:       0       8

Bamunuarachchi Wednesday, 29 August 2018 12:38 PM

ඒ කලේ මෙහෙම ගියානම් අද ඇඳිරි නීතිය වැටෙන්න වැඩ කෙරිලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 534 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 1919 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 761 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 364 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 134 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 426 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1344 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 344 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site