
(දයාරත්න ඇඹෝගම)
මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන් අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති.
මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ යාය 07,මන්නාරම් හන්දිය, යාය 03,දකුණු ඉවුර යන ප්‍රදේශවල පදිංචි ගොවිහු මෙවර යල්කන්නයේ අක්කර 600 කට ආසන්න භුමි ප්‍රමාණයක වට්ටක්කා වගා කොට තිබේ.
එහෙත් එම වගාවෙන් නෙලාගත් වට්ටක් අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාමට ඉන්ධන නොමැතිකම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද එම ගොවිහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු ඉවුර,පේමඩුව,පදිංචි ආර්.එම්.නන්දසේන(48) ගොවි මහතා මෙසේ පැවසිය.
‘අධික මිල ගනන් යටතේ පොහොර ලබාගෙන තමයි වට්ටක්කා වගාව සිදුකළේ. මේවන විට තඹුත්තේගම,දඹුල්ල ආර්ථික මධ්‍යථාන වල වට්ටක්කා සදහා ඉහළ මිලගනන් පවතිවා.කිලෝව රැපියල් 170 කට වගේ අලෙවි කරගන්න පුලුවන්.’රාජා’ වර්ගයේ වට්ටක්කා කිලෝවක් රැපියල් 170.00 කටත් අනෙක් එවා රැපියල් 150 කට හා 160 ක් වැනි මිලකටත් අලෙවිකර ගන්න පුළුන්.එහෙත් එවා වෙළදපලට රැගෙන යන්න වාහන වලට ඉන්ධන නැහැ’.
සමහර ව්‍යාපාරිකයන් වට්ටක්කා රැගෙන යන්න තම් ගම්වලට පැමිනෙන බවත් ඔවුන් එවා අඩු මිලට ඉල්ලන බවත් ගොවිහු චෝදනා කරති. එම නිසා තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනිම සදහා වෙළදපලට රැගෙන යාමට මැදිහත් වන ලෙස ඔවුහු බලධාරින් ගෙන් ඉල්ලා සිටිති.
විලච්චිය, තන්තිරිමලේ වැනි ප්‍රදේශවල දැනට ඇති වට්ටක්කා තොග පිළිබඳව හා ඒවා ප්‍රවාහනයට යොදා ගන්නා වාහන පිළිබඳ තොරතුරු විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාගෙන
එම ඵලදාව ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට එම ගොවීන්ට සහය වීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවසිය.
මේ පිළිබඳ තොරතුරු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වෙත යැවිමට පියවර ගන්නා බවද හෙතෙම වැඩි දුරටත් පැවසිය.
2025 නොවැම්බර් මස 04
403
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2181
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහවිලච්චියේ වට්ටක්කා ගොවියන්ගේ අඳෝනාව
lakvidu Tuesday, 19 July 2022 04:27 AM
ඒ්ත්, මන්ත්‍රීලටනම් චන්‌දෙ දෙන්න එන්න හමුදාවෙන් පෙට්‍රල් දෙනවලු.
Jaya Tuesday, 19 July 2022 10:26 AM
ඉන්ධන නැති හින්දා මේ සැරේ සාධාරණයි. ඒත් අපිට මේක නිතර අහන්න ලැබෙනවා. ඇයි මේ ගොවියන් සමූපකාරයක් හදාගත්තේ නැත්තේ? එකතු වුණොත් වාහනයක් කුලියට අරන් ආර්ථික මධ්‍යස්ථානයකට ගෙනියන්න පුළුවන්...
saman Friday, 22 July 2022 12:55 PM
පොහොර නැතුව සාගතයක් එයි කිව්ව නේද... මෙ අස්වැන්න දිහා බලපුවහම හිතෙනව ඒක බොරුවක්ද කියල.