IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහේල එක්දින ලකුණු 11,000 යි

අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලන්ඩන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන එක්දින ලකුණු 11,000 සම්පූර්ණ කිරීමට සමත් විය.

මෙහිදී මහේල පන්දු 81 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස් කිරීමට සමත් විය. මහේල මේ වන විට එක්දින තරග 394 කදී ලකුණු 11,022 ක් රැස්කිරීමට සමත්ව සිටියි. එයට ශතක 15 ක් සහ අර්ධ ශතක 69 ක් ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 11,000 ක් රැස්කළ තෙවැනි ක‍්‍රීඩකයා සහ ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 11,000 ක් රැස් කළ 8 වැනි ක‍්‍රීඩකයා ලෙස මහේල ඉතිහාසයට එක්විය. සනත් ජයසූරිය (13,430) සහ කුමාර් සංගක්කාර (11,237) මහේලට ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති.

ලෝක එක්දින ක‍්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභියා වන ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ලකුණු 18,426 ක් රැස්කර තිබේ.  
 
 

 



අදහස් (0)

මහේල එක්දින ලකුණු 11,000 යි

ඇලෙක්ස් Tuesday, 18 June 2013 10:09 AM

තව දුරටත් රට වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට වාසනාව ශක්තිය ඔබට ලැබේවා! (නි)

:       0       0

මහවැලි Tuesday, 18 June 2013 01:45 AM

මහේල ඔබට උණුසුම් සුබ පැතුම්!(නදී)

:       0       0

ධම්මිකා Tuesday, 18 June 2013 10:41 AM

ඔබට උණුසුම් සුභපැතුම්! රට වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි දස්කම් දක්වන්න. (ත)

:       0       0

දසුන් Tuesday, 18 June 2013 11:34 AM

මහේල සුපිරි ගේමක් ගැහුවා. අනිවාර්යයෙන් මේක නම් දිනන්න ඕනෑ. සුබ පැතුම්. අපිට මාලී ඉන්නවනේ (නි)

:       0       0

අමායා Wednesday, 19 June 2013 09:46 AM

මහේලට උණුසුම් සුබ පැතුම්! ඉදිරියටත් මේ වගේම ක්‍රීඩා කරන්න වාසනාව ශක්තිය ඔබට ලැබේවා!(අ)

:       0       0

හරින්-මාලදිවයින Tuesday, 18 June 2013 07:33 AM

එදා සංගා කළා වගේ ඔබ තරගයේ බර ඇගට ගෙන ක්‍රීඩා කළා. සුභ පැතුම්! (නි)

:       0       0

ජයන්ත. Tuesday, 18 June 2013 01:06 PM

මට මතකයි ඒ කණ්ඩායම නියෝජනය කරමින් සිම්බාබ්වේට එරෙහිව නොදැවි ලකුණු 80 රැස් කළා. ඔබ අදත් ඒ වගේ. සුබ පැතුම්, ජයවේවා! (නි)

:       0       0

කැළණි Tuesday, 18 June 2013 09:07 AM

මහේල තම කාරිය මැනවින් ඉටු කළා. ඒත් කුලයා නැත්නම් පරදිනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site