IMG-LOGO

මහරගම ලස්සන කරන්න හැදුවමත් ගැටුම්

මහරගම පොදු වෙළඳපොළ කඩා ඉවත් කර අලුත් පොදු වෙළඳපළත් තැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසේ. පොදු වෙළඳපොළ භූමිය දැනට මුළුමනින්ම සමතලා කර නව වෙළඳ සංකීර්ණයට මුල් ගල් තැබීමට සූදානම් කර ඇත. මහරගම නගර සභාපතිනියගේ ඡායාරූපයක් සහිත කටවුට් පුවරුවක් එහි තිබී වනසා දැමීයැයි පළාත් සභා මන්ත්‍රීවරයකුට එරෙහිව ඇය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත. පොලිසියද ඇගේ කට උත්තරයක් ලියා ගත්තේය. නව වෙළඳසල් හදන තුරු වෙළඳනට විකල්ප භූමියක් ලබාදී ඇත.



අදහස් (0)

මහරගම ලස්සන කරන්න හැදුවමත් ගැටුම්

සත්‍යයා Monday, 15 September 2014 01:24 AM

නගර අලංකාර කරන්න මිනිස්සු දැඟලුවත් සිත් අලංකාර කරගන්න කවුරුත් උත්සහ කරන්නේ නැහැ. මොකද කිළුටු වූ සිත පිටට නොපෙනෙනවා වගේම සිත් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලින් වාසියක් ලැබෙන්නෙ නැහැ. (නි)

:       0       0

චමින්ද Sunday, 14 September 2014 06:11 AM

සභාපතිනිය ගැන, ගොඩ දෙනෙක් කතා කරනවා. (නදී)

:       0       0

නිශාන්ත Monday, 15 September 2014 03:36 AM

එක අතකින් කොහොමහරි වැඩක් කෙරෙනවා නම් හොඳයි. (නි)

:       0       0

වසන්ති Sunday, 14 September 2014 07:14 AM

ලස්සන කරන එක හොඳයි . අපේ ගමත් ලස්සන කර දෙන්ඩ. මම හිතන්නේ නගර ලස්සන කරන්නේ ගොඨාභය රාජපක්ෂ මහාතාගේ නායකත්වයෙන් නාගරික සංවර්දන අදිකාරිය මගින්. (නදී)

:       0       0

සෙනරත් Monday, 15 September 2014 04:01 AM

දැන් ඉතාම පැහැදිළිය විපක්ෂය සංවර්ධන වැඩට අකමැතිබව .ඔවුන් ඇවිත් කරන්න හදන්නේ කුමක්ද ? බඩ පිරවීම පමණද ?සංවර්ධනයෙන් තොර රටකට අනාගතයක් තිබේද ?රජයේ වැඩ කඩාකප්පල් කර ඔවුන්ට බලය ලබාගැනීම අරමුණ .රටට ආදරයක් නැති කුහකයන් .(අ)

:       0       0

පියුමි Sunday, 14 September 2014 07:20 AM

වසන්ති, එ්කෙන් තමා ගැහිල්ල. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 14 September 2014 07:23 AM

නාගරික සංවර්දන අදිකාරිය මගින් කරන ලස්සන වැඩ ගැන අන්තර්ජාලයේ විස්තර සහිතව තියෙනවා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 14 September 2014 07:24 AM

"පොදු වෙළඳපොළ භූමිය දැනට මුළුමනින්ම සමතලා කර නව වෙළඳ සංකීර්ණයට මුල් ගල් තැබීමට සූදානම් කර ඇත". වෙළෙන්දන්ට ඉතින් දෙවියන්ගේම පිහිටයි (නදී)

:       0       0

සෑම් Sunday, 14 September 2014 07:32 AM

මොනවා කලත් කමක් නැහැ නගරයේ තියන වාහන තදබදයටත් පිලියමක් යොදනවා නම්. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 14 September 2014 07:49 AM

අලංකාර කිරීම වැදගත් කිසිවෙකුටත් හානියක් නොවන ආකාරයෙන්. (නදී)

:       0       0

වසන්ති Sunday, 14 September 2014 08:01 AM

මම රජයේ බොහෝ වැරදි දකිනවා. විශේෂයෙන්ම දුෂනය, සහ බලය අයුතු ලෙස පාවිච්ච් කිරීම. මොණරාගල සහ බදුල්ල ගැන මේ දවස්වල බලන්න. මේ නගර ලස්සන කිරීමේ වැඩ නම් මා එක හිතින් අගය කරනවා.(නදී)

:       0       0

සඳුනි Sunday, 14 September 2014 08:02 AM

කවුරු මොනවා කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩ ඉතා සාර්ථකයි ඔය කියන ගැහිලි නැහැ. (නදී)

:       0       0

සිරිසේන Sunday, 14 September 2014 08:02 AM

එතකොට කොමිස් ගැන මොකුත් ලියවිලා නැද්ද ටිකිරි බංඩා මහත්තයෝ. (නදී)

:       0       0

ධම්ම Sunday, 14 September 2014 08:15 AM

ෆොටෝ එක මොකටද මාර්කට් එකේ ගැහුවේ. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 14 September 2014 08:41 AM

ජාතික නිදහස් දිනයට කෑගලු පුරවරය කඩිනමින් සංවර්ධනය කිරීමට පොදු වෙළඳපොල ඉවත් කළා නම් විකල්ප ස්ථානයක් ඉක්මනින් පිළිසකර දෙන්න. පොලේ වෙළෙන්දෝ අද වෙනකනුත් අවට පාලම් අයිනේ, පාරවල් අයිනේ පාරිභෝගිකයා..වෙළෙන්දා උභය පාර්ශවයම කොට උඩ (නදී)

:       0       0

සමන් Sunday, 14 September 2014 09:12 AM

දැන් එතකොට කොමිස් ගහනවා කියල කිසිම සංවර්ධන වැඩක් ලංකාවේ කරන්න බැරිද? මොකා ආවත් ඔය කොමිස් ගැහිල්ල කරනවා. සංවර්ධිත රටවලත් ඕව තියනවා. සමහර කොම්පැනි වලින් කොහොමත් කොමිස් වලට වෙනම මුදලක් වෙන් කරලා තමයි මිල තීරණය කරන්නේ. (නදී)

:       0       0

ජනක Sunday, 14 September 2014 09:27 AM

කඩලා හදන අලුත් තැන කඩ ටික තමන්ගේ හෙන්චයියන්ට බෙදලා දේවි. ඒකනේ මෙතන ප්‍රශ්නේ. ගාල්ලේ කඩවල් අරන් තිබුනේ බත්තරමුල්ලේ මිනිස්සු. (නදී)

:       0       0

වසන්ත Sunday, 14 September 2014 09:42 AM

සමන්ගේ කතාව තනිකර ඇත්ත .මගේ අදහසත් එයමයි (නදී)

:       0       0

වසන්ති Sunday, 14 September 2014 10:33 AM

සමන්, ඇත්ත ලංකාවේ විශාල වසයෙන් කොමිස් ලැබෙනවා ගහනවා. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහෙම ගන්නේ නෑ කියා විස්වාසයක් තියෙනවා. අනිත් අය ගැන නම් මට අවිස්වාසයි. අනිත් එක නාගරික සංවර්දන අදිකාරිය මගින් කොළඹ කර ඇති වැඩ අගය කළ යුතුයි (නදී)

:       0       0

පියුමි Sunday, 14 September 2014 10:56 AM

ඔයාල නොදන්නා බොහොමයක් තියෙනවා. (ස)

:       0       0

රනා මල්ලි Sunday, 14 September 2014 11:15 AM

මහරගමට හරි හමන් බස්‌ ස්ටෑන්ඩ් එකක්වත් නැහැනෙ. ඒ විතරද කොට්ටාවෙත් එහෙමයි. (ස)

:       0       0

රංග Sunday, 14 September 2014 11:16 AM

මේකේ අපි යොදන අදහස් එයාලා බලන එකක් නැහැ. (ස)

:       0       0

ඩයස් Sunday, 14 September 2014 11:42 AM

අපි මෝඩයෝ ද නැද්ද කියන එක 21 දාට බලා ගත හැකියි. (නදී)

:       0       0

රංජිත් සිල්වා Sunday, 14 September 2014 12:13 PM

මහරගම සහ කොට්ටාවේ කානු වල අසුචි ගඳ නවත්තන්නේ කවදාටද ? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 14 September 2014 12:18 PM

සමන්. "මොකා ආවත් ඔය කොමිස් ගැහිල්ල කරනවා. සංවර්ධිත රට වලත් ඕවා තියනවා". වෙන රටවල 5%-10% කොමිස් ගහනකොට අපේ රටේ අපරාදේ කියන්න බැහැ 70%-80% ක් කොමිස් ගහනවා. පේන්නේ නැද්ද අදි වේගේ පාරවල් අඩියක් හදන්න ලක්ෂ 22 ක්. නොරොච්චෝලේ කරදරයක් නැතිව මාස කීයද ක්‍රියා කලේ. (නදී)

:       0       0

සමන්ති Sunday, 14 September 2014 02:19 PM

එයාගේ නැත්නම් සැමියාගේ සේයාරූ නැති තැනක් මහරගම තියෙනවාද? (නි)

:       0       0

අනුර Sunday, 14 September 2014 03:53 PM

කරුණාකරලා පානදුර නගරයත් ලස්සන කරන්න. කිසිම දේක පිලිවෙලක් නැහැ. බස් නැවතුම් පොළ දුම්රිය පොළ හිතුමතේට ඉදිවන කඩ සාප්පු වහින දවසට හරිම අපිරිසිදුයි. ඒ උනාට බදු වෙලාවට ගන්නවා කිසිම ආණ්ඩුවක් පානදුර නගරය ගැන හරියට වැඩක් කරේ නැහැ (නදී)

:       0       0

සිරිමෙවන් Sunday, 14 September 2014 04:22 PM

මහරගම නගරයේ බස් නවත්තන්නේ තැන් තැන් වල. කිසිම පිළිවෙළක් නැහැ. තාම බැරිවුනා මහරගමට ස්ථිර බස් නැවතුම් පොළක් හදාගන්න. මඟීන් වැස්සට තෙමෙනවා. අව්වට වේලෙනවා. තැපැල් කන්තෝරුව තියෙන්නේ කැලෑ පාරක. පිරිසුදු වැසිකිළි පද්ධතියක් නැහැ. බලධාරීන් හොරට නිදි. හොරට නිදියන අය ඇහැරවන්න හරි අමාරුයි කියලා තමයි අහලා තියෙන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 14 September 2014 05:33 PM

සදුනිට සුබ අනාගතයක්. (නදී)

:       0       0

ජයවර්ධන Monday, 15 September 2014 12:26 PM

වසන්ති -ඔබ ඔය කියන, අරයා කොමිස් ගන්නේ නැහැ ඒ වුනාට අනිත් අය ගැන නම් විස්වාසයක් නැහැ කියන කතාව ගැන ඔබට හොඳටම විස්වාසද.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 180 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 116 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 232 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1191 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 717 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 761 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1427 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site