IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මොහොමඩ් අලි පැරදවූ හෙවිවේට් බොක්සිං ශූර ජෝ ෆේ‍්‍රසර් මියයයි

ලෝක හෙවිවේට් බොක්සිං පිටියේ හිටපු ලෝක ශූරයකු වන ඇමෙරිකාවේ ජෝ ෆේ‍්‍රසර් ඊයේ (8) අභාවප‍්‍රාප්ත විය. ෆේ‍්‍රසර් බොක්සිං තරුවක් බවට පත්වුයේ හෙවිවේට් බොක්සිං රජු ලෙස සැලකෙන මොහොමඩ් අලි පරාජය කළ පළමු ක‍්‍රීඩකයාට බවට පත්වීමත් සමගය. ෆේ‍්‍රසර් 1971 වසරේ මාර්තු 8 වැනිදා එම ඵෙතිහාසික තරගයේදී ගැසු මුෂ්ටි පහරින් මොහොමඩ් අලි බොක්සිං වළල්ලේ ඇඳ වැටීමේ අවස්ථාව අදටත් ලෝක බොක්සිං පිටියේ සිහිවටනයක්ව පවතී. එම තරගය වට 15 ක් දක්වා විහිදුණි. ෆේ‍්‍රසර් 1964 ටෝකියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී හෙවිවේට් බොක්සිං රන් පදක්කම දිනා ගැනීමට ද සමත් විය. දුම්පානය හේතුවෙන් අක්මාවේ පිළිකාවකින් රෝගාතුරව සිටි ෆේ‍්‍රසර් මිය යන විට 67 වැනි වියේ පසු වූ අතර ඔහු ක‍්‍රීඩාවෙන් සමුගන්නා විට හෙවිවේට් තරග 32 ක් ජය ලබා, තරග හතරක් පරාජය වී තරගයක් විසඳුමකින් තොරව අවසන් කර තිබිණි. ෆේ‍්‍රසර්, හෙවිවේට් ලෝක ශූරයන් වු මොහොමඩ් අලි සහ ජෝර්ජ් පෝමෑන් හමුවේ පමණක් පරාජයට පත්ව තිබේ. ෆේ‍්‍රසර්ගේ පහරින් මොහොමඩ් අලී ඇද වැටුණු අවස්ථාව.



අදහස් (0)

මොහොමඩ් අලි පැරදවූ හෙවිවේට් බොක්සිං ශූර ජෝ ෆේ‍්‍රසර් මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site