IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මහබැංකු අධිපතිට සම්මානයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් "ඒ ශ්‍රේණියේ" සම්මානය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනැමුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව  ප්‍රකාශ කළේය.

විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ව හමුවේ මහ බැංකුව ලබාදුන් නායකත්වයට ඇගයීමක් වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට මෙම සම්මානය හිමිවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. එසේම ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගිය 13 සිට 18 වැනිදා දක්වා වොෂිංටන් නුවර පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට සහභාගී වූ බවත් එහිදී ඉහළ මට්ටමේ ද්වී පාර්ශ්වික සහ බහු පාර්ශ්වික සාකච්ඡා මාලාවකට නියෝජිත පිරිස සහභාගී වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

එම සාකච්ඡාවලදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව, ලෝක බැංකු සභාපති මුණගැසුණු බවත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලෝක බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණ ගැසී සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. එහිදී එම ආයතනවල නියෝජිතයන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා ප්‍රතිසංස්කරණට සහයෝගය පළ කළ බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් ඇතුළත් වූ බවද මහ බැංකුව පැවැසුවේය.

 



අදහස් (0)

මහබැංකු අධිපතිට සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1102 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site