IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මොහාන් ද සිල්වා පාර්ශවයේ නිලධාරීන් නාමයෝජනා ඉවත්කර ගැනීමේ සූදානමක

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග කිරීමට සූදානම්ව සිටින ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතා ඇතුළු එම පාර්ශවය සිය නාමයෝජනා අද (02) ඉවත් කර ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එල්ලවී ඇතැයි කියන දේශපාලන බලපෑම් මත එම පාර්ශවය එසේ නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් වන බවත් වැඩි දුරටත් වාර්තා වේ. නාමයෝජනා ඉවත් කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා මොහාන් ද සිල්වා පාර්ශවයේ මාධ්‍ය හමුවක් අද (2) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (3) ටොරින්ටන් පෙදෙස ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිතය. මොහාන් ද සිල්වා පාර්ශවය නියෝජනය කරමින් ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා සභාපති ධූරයට තරග වැදීමට සූදානමින් සිටිය ද, පසුව පෞද්ගලික හේතු දක්වමින් ඒ මහතා නාමයෝජනා ඉදිරිපත් නොකළේය. මෙම නිලවරණයේදී මොහාන් ද සිල්වා පාර්ශවයෙන් උප සභාපති ධූර දෙකට, ලේකම්, උප ලේකම්, උප භාණ්ඩාගාරික ධූරයට, විනිසුරු කමිටුවට (5), තරගාවලි කමිටුවට (5), සංචාර සංවිධාන කමිටුවට (7) සහ අනුග‍්‍රාහක කමිටුවට (8) වන පරිදි නිලධාරිහූ 21 ක් නාමයෝජනා ඉදිරිපත්කර සිටිති. මොහාන් ද සිල්වා සහ ජයන්ත පරණාතල (උප සභාපති), මයිකල් ද සොයිසා (ලේකම්), අර්වින් ජයවර්ධන (උප ලේකම්), ගිහාන් වීරසිංහ (උප භාණ්ඩාගාරික) යන මහත්වරු ප‍්‍රධාන තනතුරු සඳහා එම පාර්ශවයෙන් නාමයෝජනා ඉදිරිපත් කර සිටිති. එම පාර්ශවයෙන් හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා ද, විනිසුරු කමිටුවට නාමයෝජනා බාර දුන්නේය. සභාපති ධූරය සඳහා උපාලි ධර්මදාස සහ සුමිත් පෙරේරා යන මහත්වරු නාම යෝජනා ඉදිරිපත් කර ඇති අතර නුස්කි මොහොමඞ් මහතා භාණ්ඩාගාරික ධූරයට මේ වන විටත් නිතරගයෙන් පත්ව සිටියි. මෙම නිලවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිත තිබූ ක‍්‍රීඩා සමාජ නියෝජතයන්ගේ ලැයිස්තුව මේ වන විට වෙනස් වී ඇති බව ද වාර්තා වේ. බොහෝ සංගම්වල ඡන්දය ප‍්‍රකාශ කිරීමට දේශපාලනඥයන් පැමිණීමේ සූදානමක් පවතින බවත් සබරගමුව පළාතට සම්බන්ධ සංගමයක ඇතුළු බොහෝ සංගම්වල ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතව සිටි නියෝජිතයන් වෙනස් කර ඇති බවට ද මේ වන විට චෝදනා එල්ල වේ. මේ පිළිබඳව ‘ලංකාදීප’ විමසුමකදී මොහාන් ද සිල්වා පාර්ශවයේ නිලධාරියකු පැවසුවේ තමන් ඡුන්දයට ඉදිපත් වූයේ නම් අනිවාර්යෙන්ම ජය ගන්නා බවයි. ‘‘අපේ ඇතැම් නිලධාරීන්ට ඡුන්ද 118 ක් පමණ ලැබෙන බවට ස්ථිර වී තිබෙනවා. එම තත්ත්වය යටතේ ප‍්‍රතිවාදීන්ට ජය ලැබිය නොහැකි නිසා අපට දැන් වෙනත් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා, ඒ නිසා අපි නිලවරණයෙන් ඉවත් වෙනවා’’ යැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. පළාත් හා නියෝජිත සංගම් පහක් බැගින් ද, දිස්ති‍්‍රක් සංගම් 22 කට පාලක කී‍්‍රඩා සමාජ 28 කට සහ අනුබද්ධිත කී‍්‍රඩා සමාජ 23 ක් සඳහා මෙවර කි‍්‍රකට් නිලවරණයේදී ඡන්ද බලය හිමිව තිබේ. මුළු ඡුන්ද එකතුව 147ක් වන අතර අනුබද්ධිත කී‍්‍රඩා සමාජ සඳහා නිලවරණයේදී හිමිවන්නේ එක ඡන්දයක් පමණි. සෙසු සියලූම සංගම් හා කී‍්‍රඩා සමාජ සඳහා ඡන්ද දෙක බැගින් පාවිච්චි කිරීමේ අවස්ථාව තිබේ. වසර 2004 මාර්තු 24 වැනිදා අවසන් වරට කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පවත්වා තිබේ. ඒ අනුව වසර හතකට පසු පැවැත්වෙන බැවින් මෙවර කි‍්‍රකට් නිලවරණය රටේ වඩාත්ම අවධානයට යොමුව තිබේ. ඇතැම් නිලධාරීන් නාමයෝජනා ඉවත් කර ගැනීම තුළ මෙවර නිලවරණයේදී තුනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වීමේ වැඩි අවස්ථාවක් මේ වන විට උදාවෙමින් පවතී.  

අති බහුතරයෙන් ඡන්දය අපි දිනනවා

කේ. මතිවානන්
නිලවරණය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී උපාලි ධර්මදාස පාර්ශවයෙන් උප සභාපති ධූරයට ඉදිරිපත්ව සිටින ක‍්‍රිකට් අතුරු කමිටුවේ හිටපු ලේකම්වරයකු වන කේ. මතිවානන් මහතා පැවසුවේ ඡන්දයෙන් තම පාර්ශවය අන්වාර්යෙන්ම ජය ගන්නා බවයි. ‘‘එම පාර්ශවය ඉවත් වනවා ද, නැද්ද පිළිබඳව අපි දන්නේ නෑ. අපිට මේ වන විට ක‍්‍රීඩා සමාජ වලින් 85% ක් ඡුන්දය ලබාදෙන බවට ස්ථාර කර තිබෙනවා, ඒ අනුව අපිට ඡන්ද 100 කට වඩා ලැබෙනවා’’ යැයි මතිවානන් මහතා වැඩි දුරටත් පැවසීය.  



අදහස් (0)

මොහාන් ද සිල්වා පාර්ශවයේ නිලධාරීන් නාමයෝජනා ඉවත්කර ගැනීමේ සූදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site