IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහනුවර හොර මුද්‍රණාල දෙකක් වටලයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් හා වෙනත් රජයේ ලියකියවිලි මුද්‍රණය කළ ස්ථාන දෙකක් වටලා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලිසිය කියයි.

ලොතරැයි, විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න, විවාහ හා මරණ සහතික, අධ්‍යාපන සහතික, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන මුද්‍රණය කර ඇති මෙම මුද්‍රණාලය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.

ඒවාහි තිබී ව්‍යාජ රුපියල් දෙදහසේ නෝට්ටු 06 ක් හා දහසේ නෝට්ටු 19 ක් සමඟ දිනුම් ලද ලොතරැයි පත්වල ව්‍යාජ පිටපත් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ලොතරැයි දිනුම් ඇදීම රූපවාහිනියෙන් නරඹා පසුදින එම අංක වලට ගැලපෙන ලෙස රුපියල් 10,000 ට අඩු දිනුම් සහිත ව්‍යාජ ලොතරැයි පත් මුද්‍රණය කැර තිබෙන බවත් මෙසේ මුද්‍රණය කැර මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් එම දිනුම් වලට අදාළ මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත.මෙම ලිපි ද්‍රව්‍ය මුද්‍රනය කල මුද්‍රණ යන්ත්‍ර ,සීඩී තැටි ඇතුළු උපකරණ රැසක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.

ගලගෙදර ප්‍රදේශයේ ස්ථානය වැටලීමෙන් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ලද තොරතුරු මත මහනුවර ස්ථානය වටලා තිබෙන අතර මොවුන් සම්බන්ධතා පවත්වා ගනිමින් මෙම ජාවාරම සිදුකැර තිබෙන බව පොලීසිය පවසයි.

galagedara-police.00_04_2015102619_21.Still002-(1) galagedara-police.00_2015102602_10_00.Still001


 

 

 



අදහස් (0)

මහනුවර හොර මුද්‍රණාල දෙකක් වටලයි

මනෝජ් Tuesday, 27 October 2015 12:47 AM

රජයට විශාල ඉතුරුවක්. (නි)

:       0       0

එරංග Tuesday, 27 October 2015 05:05 AM

වැඩේ ජයටම කරගෙන ගිහින් වගෙයි (නි)

:       0       0

චමල් Tuesday, 27 October 2015 05:08 AM

මාලනී, දළදා සමිඳුගේ අඩවියේ දළදා මාලිගාව ඉඩම ඇරෙන්න අනිත් හැම ඉඩමක්ම අපවිත්‍ර වෙලා අවසානයි. එකට කියන්නේ හා - ලාල් කියල (බ)

:       0       0

සමන්ති Tuesday, 27 October 2015 01:42 PM

මෙගොල්ලොත් උදේ 7.30 ට විදේශ ගමන් ගමන් බලපත්‍ර දෙනවාද දන්නේ නැහැ (බ)

:       0       0

උපාලි Tuesday, 27 October 2015 06:46 AM

මෙයාලා කොහොම සල්ලි හම්බකරන්න ඇද්ද? (නි)

:       0       0

තිලකරත්න Tuesday, 27 October 2015 06:48 AM

මෙම ස්ථානය සහ පුද්ගලයන්ගේ නම් ගැන මහජනතාව දැනුවත් කිරීම හොඳයි. මන්ද එවිට මහජනතාව වංචනිකයින්ගෙන් ආරක්ෂා වනු ඇත. (නි)

:       0       0

ලක්සිරි Monday, 26 October 2015 05:27 PM

අනේ අපරාධෙනේ මේ වගේ තැනක් වැටලුවේ හොඳට ගේම දීගෙන ගිය තැනක්. (රේ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 28 October 2015 02:51 AM

හොරට ගහපු ලොතරැයිපත් වලට ලොතරැයි මණ්ඩලෙන් දිනුමට අදාළ මුදල් ගෙවලා කියන එක නේද මේ කියන්නේ? ඒගොල්ලොත් රැවටෙනවා නම් සාමාන්‍ය ජනතාව විදියට අපි රැවටෙන එක අහන්නත් දෙයක්ද? කොහොමද අපි හොර නැති ලොතරැයි මිලදී ගන්නේ? මොකද ඕවා විකුණන්නෙත් අනෙත් පැත්තේ නියෝජිතයාගේ මුද්‍රාව ගහලා නේද? එතකොට කවුද හරි? කවුද හොරු? ලොතරැයි ගන්න අපි මෝඩද? මේ ගැන නම් හිතන්න වෙනවා. (නි)

:       0       0

මාලනී Monday, 26 October 2015 08:23 PM

අනේ අහන්නත් වෙන දේවල්? දළදා සමිඳුන්ගේ නගරය අපවිත්‍ර කරන්න එපා (නි)

:       0       0

ගෝමස් Monday, 26 October 2015 10:22 PM

මහානුවර කොයි හරියේද දන්නෙ නැහැ මේක පවත්වාගෙන ගොස් ඇත්තේ ..... ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site