IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහනුවර වැවේ බෝට්ටු සේවයට සීල්

(ෂේන් සෙනවිරත්න)

මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ආශ්වාදජනක බෝට්ටු සවාරියක් ලබාදුන් මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ .

මහනුවර මහ නගර සභාවට අයත් එම බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීම සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉශාන් විජේතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එම ජෝයි බෝට්ටු සේවාවේ ගිවිසුම් කාලය හමාරවීමෙන් පසු නැවත ටෙන්ඩර් කැඳවීමේදී ඉහළම ලන්සුව තැබූ ටෙන්ටර්කරුට එය ලබා දීමට පියවර ගත් බවයි.

 එහෙත් එම බෝට්ටු සේවාව වසර 53 ක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ආ පාර්ශවය සහ නව ටෙන්ඩර්කරු අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඒ පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් පවත්වන තුරු එම ස්ථානයට කිසිවෙකුටත් ඇතුල්වීමට නොහැකි ආකාරයට සීල් තබා වසා දැමීමට පියවර ගත් බවයි .

 



අදහස් (3)

මහනුවර වැවේ බෝට්ටු සේවයට සීල්

Suranga Sunday, 07 January 2024 11:51 AM

අවුරුදු 53 ක් එක දිගටම හිටියා කියලා ඔවුන්ට එහි සින්නක්කරව අයිතිය ලැබෙන්න බැහැ. නගරයේ ආදායම් අඩුවෙන්නත් බැහැ. හිටපු කෙනාගේ හා වත්මන් ටෙන්ඩර් කරුගේ මතභේදයක් තියෙනවා කියලා ඒක නගර සභාවට අදාල නැහැ...!

:       0       23

Lal Sunday, 07 January 2024 01:03 PM

වැවත්, කුරුණෑගල රාජසභා මණ්ඩපය දේශපාලන බූදලයක්ද? දූෂිත රාජ්‍ය නිලමැස්සන් නිසා තමයි... රාජ්‍ය සේවය පිරිහීමට හේතු වී ඇත්තේ...!

:       0       12

Lal-2 Sunday, 07 January 2024 04:55 PM

අවුරුදු 53 එකම එකෙක් කරනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නොවේ ... මාරු කරමු...!

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site