මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ ගමන් ගත් ඇතුන් ගෙන් මිල්ලන්ගොඩ පොඩි රාජා මදකිපී ඇති බැවින් මෙවර මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ ගමන් කිරිමට නොහැකි බවත් මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ දළදා කරඬුව වැඩමවීමට සිටිනුයේ පරිනත දළ ඇතුන් තිදෙනෙක් බවත් ඔවුන්ගෙන් පසු පෙරහර කරඬුව වැඩමවීමට ගැටලුවක් මතුවන බවත් ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවැසිය.
කරඬුව වැඩමවීම සඳහා පරිනත අඩි 9 ක් පමණ උස අවුරුදු 35-40 ක් වයසේ පසුවන සද්දන්ත දළ ඇතකු අවශ්‍ය බවත් දැලේ ගමන් කිරීම සඳහා එම ප්‍රමාණයේම පරිනත දළ ඇතුන් අවශ්‍ය බවත් මෙම අඩුව පිරවීම සදහා ඉතාම ඉක්මනින් ඉන්දියාවෙන් එවැනි ඇතුන් ගෙන්වා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
මහනුවර දළදා පෙරහෙර පැවැත්වෙන සමයේ දිවයිනේ වෙනත් පෙරෙරවල් නොමැති නිසා මෙවර දළඳා පෙරහර සඳහා අලි ඇතුන් 75 ක් පමණ සහභාගි කරවා ගත හැකි බවද ඔහු කීය.
පෙරහරට යොදා ගත හැක්කේ බෙර හඬ, පන්දම් එළියට, වාහන ශබ්දයට හුරු වු අලින් බවත් පින්නවල සිටිනා අලි පෙරහර සඳහා කිසිසේත් යොදා ගත නොහැකි බවත් හේ අවධාරණය කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහනුවර නිලමේ අලි ප්‍රශ්නයක පැටලෙයි
ධම්ම Thursday, 21 July 2016 02:49 PM
සිංහල බෞද්ධ සංස්කෘතියේ ජීවමාන සංකේතය දළඳා පෙරහැරයි. එය සදා කල් සුරැකිය යුතුය.(හේ)
සුසන්ත Thursday, 21 July 2016 03:12 PM
සිංහල බෞද්ධ සංස්කෘතිය මේ පෙර රජ දවස පටන් පැවැත එන .ඒකට කාටවත් ඉහත ආකාරයට විකල්ප ඉදිරිපත් කරන්න බැහැ.ඔය සෆ්රාස් වගේ අයගේ වුවමනාව අපි හොදට දන්නවා. (බ)
මලිත් Thursday, 21 July 2016 03:26 PM
පෙරහැර සංස්කෘතිය අනාදිමත් කාලයක සිටන් අපේ රට පැවතුන දෙයක්.. අලි ගැන මහා අනුකම්පාවෙන් ලියන මේ අයියල ඔක්කොම දඩමස් නම් එපා නොකිය කනවා ඇති... අපේ රටේ ඉතුරු වෙලා තියෙන මේ සංස්කෘතික අංග අපි රැක ගත යුතුයි . ඉන්දියාවෙන් බැරිනම් බුරුමෙන් අලි ගෙන ආ යුතුයි (බ)
උපාලි Thursday, 21 July 2016 03:58 PM
ඉන්දියාවේ අැත්තුන්ට බෙර , නලා, ගිනි, හොඳට පුරුදුද. අර ගිවිසුම අස්සන් කරන කන් පෙරහැර කල් දමමු.(අ)
සෆ්රාස් Thursday, 21 July 2016 08:28 AM
ඇතෙක් වෙනුවට අනාගතය ගැනත් හිතලා, විශේෂිත වාහනයක් පාවිච්චි කරන්න කාටවත් තාම හිතෙන්නේ නැද්ද? දැන්ම මෙහෙම නම් තව අවුරුදු 20-30 කින් කොහොමත් ඇත්තු නෑ.(හේ)
කුමාර් (ගල්ෆ්) Thursday, 21 July 2016 10:28 AM
ලංකාවේ ඉන්න එක එක ජාතියේ අලි හොරුන්ගෙන් ඇහුවානම් හොඳ ඇතෙක් සොයාගන්න තිබුනා. (බ)
සෑම් Thursday, 21 July 2016 10:28 AM
පින්නවල සිටිනා අලි කිසි සේත් පෙරහරට සුදුසු නැති නම් හොර බලපත්‍ර වලින් හොරෙන් තියාගෙන ඉන්න හොර අලිද සුදුසු ? (බ)
කුමාර Thursday, 21 July 2016 11:00 AM
පෙරහරේ අලියා පිටේ ගෙනියන්නේ දළදා වහන්සේ ඉන්නා කරඬුව නෙමෙයි. ඇයි මේ නිලමේ බොරු කියන්නේ. ධාතු කරඬුවක් විතරයි ගෙනියන්නේ.(ම)
ජෙයරාජ් Thursday, 21 July 2016 12:05 PM
ඇත්තටම මේක අපේ සංස්කෘතියට ලොකු ප්‍රශ්නයක්ද ඉදිරියේදී (හේ)