සෙන්පති ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවක් මහනුවර නගර මධ්‍යයේ සෙනසුරාදා (22) විවෘත කෙරිණි.
ලලී කොබ්බෑකඩුව මහත්මිය හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා අතින් පිළිරුව විවෘත විය.
පිළිරුව නිර්මාණය කර ඇත්තේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු පීඨාධිපති සරත් මල්දෙණිය මහතාය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවරට සෙන්පති කොබ්බෑකඩුව පිළිරුවක්
පතිරන Monday, 24 August 2015 05:49 PM
මොහු අමරණීය රණවිරුවෙක් (නි)
ජනක Monday, 24 August 2015 08:56 PM
කිසිදා අමතක නොවන චරිතයක්. ඔබතුමා සදා අමරණීයයි. (නි)
අබය Monday, 24 August 2015 10:13 PM
අපේ කාලයේ රට ජාතිය වෙනුවෙන් පහළ වූ එකම දේශප්‍රේමී සෙන්පතියා ඔබයි මැතිඳුනි. (නි)
සරත් Tuesday, 25 August 2015 12:20 AM
මැතිඳුනි, මගේ ප්‍රණාමය! (නි)
කැප්පෙටිපොළ Tuesday, 25 August 2015 12:23 AM
ඉතා හොඳ කළගුණ සැළකීමක්. මේ උතුම් මිනිසා අද ජීවතුන් අතර හිටියා නම් රටේ ඉහළම තැනකට එනවා නිසැකයෙන්ම. එම භාග්‍ය නොලැබීම අපේ අවාසනාව. රණවිරුවාණෙනි, ඔබ නිවන් දකිනා ජාති දක්වා අප මවුබිමේ ඉපදේවා! (නි)
නිමල් ලාලිත Tuesday, 25 August 2015 01:58 AM
සදා අමතක නොවන වීරෝධාර රණවිරුවෙක්. ඔබට නමස්කාරය! (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 25 August 2015 02:07 AM
ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන්නේ ඉතා කලාතුරකින් ලොවට බිහිවෙන අති ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. එතුමා කාකි නිල ඇඳුමක් ඇඳ සිටියත් බොරුවට සිල් රෙදි පොරවාගෙන මල් වට්ටි දෝතින් උසුලාගෙන ගිය තක්කඩි දේශපාලකයින්ට වඩා ඉතාමත් ශීලවන්තයි. අවිහිංසාවාදියි. මට සැමවිටම සිතෙන්නේ කැප්පෙටිපොළ මොනරවිල දිශාව නැවත මේ ලක් දෙරණේ ඉපිද රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් නැවත දිවි පිදුවා කියා. සසර කෙළවර එතුමාණන්ට නිවන් සැප ලැබේවා. (නි)
පාලිත Tuesday, 25 August 2015 03:06 AM
දේශපාලනයට නොගිය නිසා හැමෝගෙම විරයෙක් (ම)
අමරසිරි Tuesday, 25 August 2015 04:55 AM
සරත් මහත්තයාගෙන් පසුව මම ලංකාවේ වැඩියෙන්ම ගරු කරන පුද්ගලයා .(ම)
මොහොමඩ් Tuesday, 25 August 2015 05:17 AM
ගරු සෙන්පතියාණනි ඔබට මාගේ හිස නමා ආචාර කරමි (ම)
අබේරත්න Monday, 24 August 2015 02:22 PM
කළ ගුණ සමරමු.(හේ)
නුවන් Monday, 24 August 2015 02:33 PM
මගේ ආචාරය!(හේ)
ලාල් Monday, 24 August 2015 02:35 PM
යුද්දේ අතර මගදී රටින් පැන්න අය ගෙන්නලා මේ පිළිමෙට අනිවාර්යයෙන් වැන්දවිය යුතුය.(හේ)
නිලු Monday, 24 August 2015 02:41 PM
පරක්කු වුනාට හොද වැඩක්.(හේ)
සමන් Monday, 24 August 2015 02:51 PM
කොබ්බෑකඩුව මැතිඳුනි.. ඔබ නාමය චිරාත් කාළයක් සැමගේම හදේ වැජඹේවා.. මෙවැනි සත් කාර්යයක් කළ සැමට ගෞරවනීය ප්‍රණාමය.. (හේ)
විපුල Tuesday, 25 August 2015 06:44 AM
මේ රණවිරුවන් රටට අහිමිවීම වුණු විදිය හොයන්න ඕනේ. (ම)
ජයනාත් Monday, 24 August 2015 04:25 PM
කොබ්බැකඩුව මැතිඳුනි,ආචාරය හා ගෞරවය ඔබ වෙත පුදමි. අවු.23 කට පසුවත් ඔබ ජනතා හදවත් තුළ ජීවත්වෙනවා. එය සදාකාලික වේවි.නිරහංකාර ඔබට මේ උපහාරය,රට වෙනුවෙන් යූධ බිමේ දහදුක් වින්දාට රණවිරුවන් සමඟින්. (නි)