IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහානාම විදුහල්පති විශ්‍රාම ගන්වයි

කොළඹ කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ විදුහල්පති ඩබ්. එච්. පී කුමාරසිරි මහතා අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශ්‍රාම ගන්වනු ලැබීය. ඔහු අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු  පන්තියේ නිලධරයෙක් විය. පසුගිය මාර්තු 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වීමේ ලිපිය අමාත්‍යංශය විසින් නිකුත් කැරුණේ අප්‍රියල් 26 වැනිදාය. අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැවැත්වුණු විමර්ශනයෙන් පසු ඔහුට එරෙහිව චෝදනා 28ක් ඉදිරිපත් කැර තිබිණි. මෙම විදුහල්පති පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීමට අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසමෙන් කළ ඉල්ලීමට එම කොමිසමෙන් අනුමැතිය ලැබී , ඒ අනුව රජයට අයවීමට ඇති මුදල් විශ්‍රාම පාරිතෝෂිකයෙන් අයකර ගැනීමට යටත්ව රාජ්‍ය හා අධිකරණ සේවා නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ ආඥා පනතේ 02-12 වන වගන්තිය යටතේ පනවන ලද රෙගුලාසි වලට අනුකූලව විශ්‍රාම ගන්වා ඇත. රාජකාරි ලිපි ලේඛන බඩු බාහිරාදිය නියෝජ්‍ය විදුහල්පතිට බාර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ ඩී එස් සදීකා මහත්මිය පසුගිය අප්‍රියල් 26 වැනිදා ඔහුට දැනුම් දුන්නාය.



අදහස් (0)

මහානාම විදුහල්පති විශ්‍රාම ගන්වයි

මෙන්ඩිස් Thursday, 10 May 2012 12:54 PM

අනේ අපේ ඉස්සර විදුහල්පතිතුමා මේ ඉස්කෝලේ ඉහළට ගන්න කරපු දේවල් මට තාම මතකයි.එතකොට මේ විදුහල්පතිතුමා මේ ඉස්කෝලෙම ගුරුවරයෙක්.අපරාදේ.එච්චරට දියුණු කරපු අපේ ඉස්කෝලේ...

:       0       0

ෂරෝවනා Thursday, 10 May 2012 01:28 PM

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයකට පත් කළා නම් හරි ඊළගට

:       0       0

කිරිමාටින් Thursday, 10 May 2012 03:02 PM

මෙච්චරද දඩුවම....

:       0       0

දවල් මිගෙල් Thursday, 10 May 2012 03:24 PM

මෙයා දේශපාලනයටනම් ඉතාම සුදුසුයි...

:       0       0

දර්ශන් Friday, 11 May 2012 11:38 AM

මෙයා ගැන ලිපියක් කරන්නකෝ ඡායාරූපත් එක්ක

:       0       0

මිනෝලි Wednesday, 09 May 2012 06:13 PM

වැරැද්දක් කරලා හැංගෙන්න බෑ. ඒක තමයි දහම

:       0       0

සමීර Wednesday, 09 May 2012 06:23 PM

මෙච්චර කැත වෙඩක්‌ කරපු කෙනෙකුට තව දුරටත් පඩි ගෙවන්නෙ ඇයි? මම හිතන්නෙ පව් කියලා හිතලා වෙන්න ඇති.

:       0       0

ලෙස්ලි හර්බට් වීජේසින්හ Wednesday, 09 May 2012 06:24 PM

ලැජ්ජාව නැති විදුහල්පති කෙනෙක් නිසා මහානාම පාසලට කළු තිතක්

:       0       0

ගාමිණි Wednesday, 09 May 2012 06:40 PM

හරිනම් මෙයා ඉන්න ඕනි අත්අඩංගුවේ. කෝටි ගාණක් ගසා කාලා ඒක පාරිතෝෂිකයට හිලවු කරන්නේ කොහොමද?

:       0       0

දිසානායක Thursday, 10 May 2012 06:43 PM

තව ටික දවසකින් උසස් වීමක් ලැබෙයි.

:       0       0

මාධව Wednesday, 09 May 2012 07:35 PM

ජනතා මුදල් නැති නාස්ති කරන අනෙක් අයටත් මේ වගේ නීති ක්‍රියාත්මක වෙනව නම් කොච්චර හොදද?

:       0       0

රන්ගන Thursday, 10 May 2012 07:47 PM

මේවගේ ප්‍රින්සිපල්ලා මුලු අධ්‍යාපන ක්ෂේත්‍රයටම නිගාවක්. මෙයා ළමයි දාගන්න එන අම්මලාගෙන් ලිංගික අල්ලස් අරගෙනත් තියනවා. ඒකට උදව් කරපු උප ගුරුවරයෙකුත් ඉන්නවා. මෙවැනිම අපචාර වැඩ කරන තව කෙනෙකුත් ඉන්නවා.අපි දන්නවා එයාව

:       0       0

හීගොඩ Thursday, 10 May 2012 01:19 AM

මේවගේ අය ගෙදර අයට මුහුණ දෙන්නේ කොහොමද?

:       0       0

අනුර Thursday, 10 May 2012 08:22 PM

ඇති යන්තම් තීරණයක් ගත්තා

:       0       0

නිහාරා Thursday, 10 May 2012 04:36 AM

මේක මීට හුග කාලෙකට කලින් ගන්න තිබුණ තීරණයක්

:       0       0

රොෂාන් කොඩිකාර Thursday, 10 May 2012 08:25 AM

කලින් ලිපියක් ගියෙත් මෙයා ගැනද?

:       0       0

සමන්- melbourne Thursday, 10 May 2012 11:25 AM

ජනමාධ්‍යයට පින් සිද්ධ වෙන්න සුළු දඩුවමක් හරි ලැබුණා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site