IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මහින්ද හෙට කාල්ටන් නිවෙසට?

(පද්මසිරි ගාර්දියවසම්)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය කාල්ටන් නිවසේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ජනාධිපති වරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් සම්මත විය .

ඒ අනුව එම පනත සම්මතවීමත් හිටපු ජනපතිවරයා විජේරාම නිල නිවෙසන් පිට වීමට නියමිතය.

 



අදහස් (31)

මහින්ද හෙට කාල්ටන් නිවෙසට?

වත්සි Wednesday, 10 September 2025 07:07 PM

රටට අභයදානය දුන් පුද්ගලයාට නිල නිවෙසක් නොදීමට පක්‍ෂපාතී මිනිසුන් සිටින එකම දේශය සසිරිබර මෙසිරිලකයි. වෛරය, ක්‍රෝධය නිල වශයෙන් වපුරන ආණ්ඩුවක් විසින් තම හෙංචයියන් නිර්මාණය කර ගන්නේ ද එය මූලික කරගෙනයි. ජවිපෙ ආණ්ඩුව විසින් මහින්ද මහතාට නිල නිවෙසක් අහිමි කිරීම වෙනුවෙන් කොමෙන්ටුවලින් සෞදිය පුරන්නට සැදී පැහැදී සිටින ඩෝබිවරුනි, මේ ඔබේ වාරයයි...

:       245       127

Amila Perera Wednesday, 10 September 2025 10:10 PM

ඔච්චරම දුකනන් උබලගේ ගෙදර තියාගනින් .. අපි කමති නෑ හොරු නඩත්තු කරන්න අපේ බැදු සල්ලි වලින්..

:       14       48

RawWednesday, 10 September 2025 10:28 PM

මේ පටන්ගත්ත විතරයි. තව සිරිලිය, හෙරලිය, "මෙත්"මල්, මැණික්ගල් අහුවෙනකොට තව රිදෙයි, කෙඳිරිගෑවෙයි.

:       7       42

පුරවැසියා Thursday, 11 September 2025 06:26 AM

මාරයා පෝෂණය කරෙත් මේ අයම තමා දුන්න අභයදානයක් නම් නැහැ ජාතියකට කරපු විනාශය ප්‍රභාකරන් උගෙ ජාතිය ගැන හරි හිතුවා

:       4       4

JagathThursday, 11 September 2025 10:26 AM

මොන රටට ද? උගන්ඩාවට ද? ශ්‍රී ලංකාව නීතියක් නැති, පාතාල කාරයන් පාලනය කරන හිගන රටක් කලේ මොහු තමයි . SF හිටියේ නැත්නම් දිනයි යුද්ධ …

:       17       55

RasiThursday, 11 September 2025 10:41 AM

ඔයත් කරන්නේ හේදීමක් තමයි. ඔයා ප්‍රජාතන්ත්‍රවාදී රටක සියලුම දෙනා සමානව ජිවත් වෙන එක ගැන අංශු මාත්‍රයක් වත් දන්නේ නැහැ. මහින්දලා කැමති ඔයාල වගේ අයට. රටේ පාලකයෙක් විශ්‍රාම ගියාට පස්සේ කාමර 12-13ක් තියෙන ගෙයක් ඉල්ලනවා කියන්නෙත්, ඒක හරි කියන ඔයාල වගේ චන්ද දායකයෝ ඉන්නවා කියන්නෙත් මේ රට හදා ගන්න සැහෙන උත්සාහයක් කරන්න වෙනවා. ඔයාට පුළුවන් නම්, ලංකාවේ හැම එකාම යන්න දගලන රටකට ගිහිල්ල බලන්න, මහජන මුදල් භාවිතා කරන්නේ කොහොමද කියල. ඒක ඒ තරම් වටිනා විදිහට පාවිච්චි කරනවා.

:       7       47

ගමේ එකාලාThursday, 11 September 2025 02:57 PM

අභය දානය දුන්නා නම් ගව්රවණීය විදියට ඉන්ඩ තිබුණා. ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා පව්ලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවා. ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කාපු කෙනාව, තවත් අපිට නඩත්තු කරන්නද කියන්නේ...?

:       0       0

ravin Wednesday, 10 September 2025 07:16 PM

පහුගිය දවස්වල පෙරහැරේ ආපු බස් ටික දැන් තංගල්ල දිසාවට හරවන්න වෙයි නේද? ඉස්සර වගේ නෙවේ... දැන් ඉතින් දෙන්න වෙන්නේ පුද්ගලික මුදල් වලින්...

:       62       167

Aruna Wednesday, 10 September 2025 07:30 PM

මේ රටේ නම වෙනස් කරන්න ඕනෑ නේපාල් කියලා...

:       98       41

බටලන්දේ ප්‍රේමලතා Wednesday, 10 September 2025 10:38 PM

නෑමෝල් හොද මදිද?

:       3       20

Neel Wednesday, 10 September 2025 08:11 PM

හැම මනුස්සයාගේම හොද නරක දෙකම තිබෙනවා. අපි ඒ බව තේරුමි ගන්න ඕනෑ. මොනව වුණත් ශ්‍රී ලංකාව දියුණුව අරමුණ ඇතිව ඉදිරියට යනවා...

:       43       145

Rathnayake Wednesday, 10 September 2025 08:16 PM

අර පැරදුනු වෙලාවේ ගිය විදිහිටියම ඉන්න දුන්නනම් අදටත් මිනිස්සු දෙවියන්ට වගේ සලකනවා .

:       4       27

චන්දිම Wednesday, 10 September 2025 08:26 PM

කුරිරු යුද්දයෙන් රට බේරගන්න දේශපාලන නායකත්වය දුන්නෙ මහින්ද.ලෝකෙ ඕනිම රටක හිටපු රාජ්‍ය නායකයන්ට මේ පහසුකම් දෙද්දි මේ රට වෙනස් රටක් වෙලා..මේ හරහා රට දියුනු වෙනවද? ආන්ඩුවට මිනිස්සුන්ට සහන දීගන්න බෑ .බඩු මිල අහස උසට,ගෑස්,ඉන්දන වලට කිව්ව මිල කෝ අද?

:       21       12

Lal Fernando Wednesday, 10 September 2025 09:56 PM

පීචං වෙලා යන්න වුනා නේද. ලොකු කයිවාරු නොගහා වේලාසනම ගියානම් නම්බුව බේරිලා. දැන් බම්බුව තමයි.

:       10       23

Sharm Thursday, 11 September 2025 06:05 AM

තමන්ගෙ ගෞරවය අනුන් ලවා පවත්වගෙන යන්න හිතන අයට මීට වඩා යමක් සිද්ධ වෙන්න බෑ. රට බේර ගත්තෙ මහින්ද තනියමද? එහෙම නං යුධ පිටියේ ජීවිතේ දීපු අත පය පූජා කරපු දහසක් දෙනාට ඊට වඩා දේවල් දෙන්න ඕන නැද්ද? අදටත් ඇඟ පුරා තියන යකඩ කෑලි නිසා MRI CT scan කරන්න බැරුව ලෙඩ වලට හරි විදියට බෙහෙතක් කර ගන්න බැරුව ඉන්න අයට මොනවද දෙන්න ඕන? යුද්දෙන් පස්සෙ රට වට්ටපු කෙනා කියන සම්මානෙ තමයි මහින්දට දෙන්න තියෙන්නෙ..

:       2       4

රනේ Thursday, 11 September 2025 06:13 AM

රටේ දියුණුව පතන අය සතුටු වෙනවා. ඒ් බව නොදන්න ආත්මාර්ථකාමී ඉතා සුළු පිරිසක් බොරුවට දඟලනවා.

:       2       1

වින්සන්ට් කජ්ජා Thursday, 11 September 2025 07:18 AM

අද කීයටද පිටත්වෙන සුභ නැකත?

:       8       27

කෞෂිThursday, 11 September 2025 11:40 AM

මටනං මෙයා පිටත්වුනා කියනකං ෂුවර් නෑ. සුපර් ග්ලූ පරාදයි මේ පෙරේතකමට.

:       13       19

Mm Thursday, 11 September 2025 07:45 AM

මෙයා රටට වැඩක් කරා ඒත් දුෂනය හොරකම නිසා බලු වුනා. තවත් ඉන්නව නෙ. ජනාධිපති වරැ එයාලටත් මෙිකම තමයි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් තවත් යැපෙන්න ඔිනද මොන තරමි සල්ලි හොරා කාල ඇද්ද එවිවගෙන් පරමිපරා හතක් ජිවත් වෙන්න පුලුවන් නෙ තවත් මොකද රටට බරක් වෙන්නෙ මිනිස්සු එපා කියලනෙ එලියට දැම්මෙ ලැජ්ජාවක් නැහැ ඒකයි

:       7       37

Senarath Thursday, 11 September 2025 08:56 AM

මහින්ද මහත්තයා යුද්ධය නිම කළා විතරක් නෙමෙයි, රටේ විශාල සංවර්ධන වැඩත් කළා. අධිවේගී මාර්ග නොහැදුවානම් අද රටේ මාර්ග තදබදය ගැන හිතගන්නවත් බැහැ. ඒ වගේම 2005දී ඒක පුද්ගල ආදායම USD 1200ක්ව තිබුණේ, ඒක 2015 වෙනකොට USD 3700 දක්වා වැඩි උනේ රටේ යුද්ධයක් තිබුනත්, එතුමා කරපු සංවර්ධන වැඩ නිසා. 2015 සිට 2025 දක්වා කිසිවක්වත් වැඩි උනාද කියලා සැකයි.

:       39       24

අරවින්ද මොණරවිල Thursday, 11 September 2025 01:45 PM

මහින්ද මාතියා යුද්ධය නිමා කෙරුවා කියන මුලාවේ තවමත් රටේ බහුතරයක් ඉන්නවා. නමුත් ඇත්ත ඒක නොවෙයි යුද්ධය නිමා වෙන අවස්ථාවේ එයා රටේ ජනාධිපති වෙලා හිටියා කියන එකයි. මොකද එයා වැඩ පටන් ගත්තේ යුද්ධය මගේ ක්‍රමය නොවෙයි කියලා, ජවිපෙ එල්ටීටීඊයට ගහන්න කියන විට ගහන්නේ කෙහොමද කියලා ඇහුවේ එයා යුද්ධය කරන්න බය නිසායි. සරත් ෆොන්සේකා කියන විදිහට කොටි ත්‍රස්තයන් මාවිල් ආරු සොරොව්ව වැසුව වෙලාවේ යලි එය විවෘත කරන්න හමුදාව මැදිහත් වීම මගින් තුන්වන ඊලාම් යුද්ධය ආරම්භ උනා මිස රාජපක්ෂ සහෝදරයින් යුද්ධ කරන්න කැමැත්තක් තිබුණේ නැහැ කියලා. ඒ නිසා ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් දිනු යුද්ධයේ ගෞරවය අන්තීමට රාජපක්ෂලා තමන්ගේ නමට ලියා ගත්ත එක විතරයි සිද්ධ උනේ.

:       0       0

විපරමා Thursday, 11 September 2025 05:07 PM

මහින්දයා රට සන්වර්දනය කෙරුවේ එයාගේ බූදලෙන් නොවෙයි. සන්වර්දන මුවාවෙන් ගසාකාපුවා කොතරම්ද? හරියට කෙරුවා නම් මුලු රටේම පාරවල් හදන්ඩ තිබුනා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා... පවුලේ උන්වත් කිට්ටූ කරගෙන රටත් කාබාසීනියා කෙරුවා.

:       0       0

AIYO Thursday, 11 September 2025 11:13 AM

ඇමරිකා චීන ඉන්දියා ගේම්, අපේ හරක් රණ්ඩු වෙනවා, උතුරේ ඉඩම් ටික කොල්ල කනවා, මෝඩ පාලකයෙක් ඉන්න රටක්.

:       27       15

Asela Thursday, 11 September 2025 11:58 AM

ඊයේ අර්චුනා ප්‍රකාශ කළේ ප්‍රභා සමයේදී එන්පීපී මන්ත්‍රීවරුන් මේසය යට සැඟවී සිටි බවත් දැන් ඔවුන් ගුහාවෙන් එළියට පැමිණ වීරයන් සහ ගැලවුම්කරුවන් ලෙස කතා කරන බවත්ය. දේශපාලන නායකයා vs හමුදාපති භූමිකාව හඳුනා ගැනීමට නොහැකි තරමට එන්පීපී වහලුන් මොළ සේදීමට ලක් කර ඇත. මෙම නේපාල වර්ගයේ එන්පීපී වහලුන් විසින් අනුර වැනි බොරුකාරයෙකු තෝරා ගැනීම පුදුමයක් නොවේ.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 September 2025 12:26 PM

මේ එක්කම රුපියල් පන්දාහේ කොළත් මාරු කරන්න.

:       0       0

අරවින්ද මොණරවිල Thursday, 11 September 2025 12:49 PM

මා.... ඉතිං යන්න යනවා, මට අවසරයි ! මට අරන් යන්න ඇත්තේ මගේ හොර නාමය විතරයි...

:       0       0

නන්දන පනා-මිලානෝ Thursday, 11 September 2025 01:03 PM

මයින්ද මාතියා බලන්න මම මී පැණියි, මීකිරියි තැඹිලියි අරන් තංගලු යන ගමන් ඉන්නේ….තවම බත් පැකට් එකයි බඩු බාගෙයි ලැබුනේ නෑනේ…

:       0       0

අචලා Thursday, 11 September 2025 01:20 PM

අපි උදෙන්ම මැදමුලනට යනවා. පපරේ බෑන්ඩ් එකක් අරන් ‘මහරජා’ සිංදුව ගහලා මයින්ද මාතියාව පිළිගන්න….

:       0       0

තන්හාය ජායතී සෝකෝ Thursday, 11 September 2025 02:42 PM

බල තන්හාව නිසා උතුර් දකුණ ගිනි ගනිද්දී කැලේ හිටපු නයි පැටවුන්ට කිරිපොවන්න වාසුදේව එක්ක ජිනීවා යන්න ගියා ඊළගට චන්ද්‍රිකා එක්ක 1994 ආණ්ඩුව හදද්දී නයිහාමිලා එකතුකරල ප්‍රසිද්ධියක් හදල දුන්න 1971 හා 88-89 කාලයේ කලදේවල් සදහා දඩුවම් නොකර කිරි පෙව්වා හැමදාම දෙපැත්තම කාපු නයි උනුත් එකයි මුනුත් එකයි කියල මතයකුත් හදල රට හිඟමනේ යන්නෙ හිටපු ජනාධිපතිලාට වරප්‍රසාද සඳහා කියල මතයක් හදල බලය ගත්තා 1970 මැතිවරණය සිට දිගටම බොරුවෙන් ජය ලැබූ බව මේ අයත් දැක්කා ඔවුනුත් ඒකම කලා රටේ හිටපු දේශපාලුවො දූෂමාන ආරංචි පැතිරෙද්දී නිහඩව හිටියා මිසක අධිකරණයකට ගොස් නිදොස් වෙන්න බැලුවේ නැහැ උගන්ඩාවට සල්ලි ගෙනයාම මහදවල් මහ බැංකුව කැඩීම බටලන්ද රටේ ප්‍රචාරය වෙද්දි තමන් වරදක් නොකළා නම් සිදුවෙන අපහාස වෙනුවෙන් අධිකරණයක දී නිදොස් වෙන්න හෝ වරදකරු වෙන්න තිබුණා.

:       0       0

ගුණරත්න Thursday, 11 September 2025 03:35 PM

ආණ්ඩුව මේවා කරන්නේ තමන් පොරොන්දු වුනු දේ ඉටු කරන්න බැරි වීම වහගන්න මහජන අවධානය වෙනත් තැනකට යොමු කරන්න, මේවා නාට්‍ය. එත් මහජන ඉවසීමේත් සීමාවක් තියෙනවා. එදාට නාට්‍ය පෙන්නලා නම් ගැලවෙන්න බැරි වෙයි.

:       0       0

Athula Thursday, 11 September 2025 06:00 PM

මහින්දට කවදාවත් ඔහුගේ සැදෑ සමය සාමකාමීව නිදහසේ ගත කරන්න ලැබෙන්නේ නැහැ. දිට්ඨ ධම්ම වේදනීය කර්ම දැනටමත් පටිසන් දෙනවා. ඒ ආරම්භයක් පමණයි. මහජන මුදල් අවභාවිතයට සහ අනෙකුත් දහසක් චෝදනා වලට පවුල පිටින් හිරේ යනකොට, මනුස්ස ලෝකයේ ඉඳගෙනම සතර අපා දුක් විඳිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 342 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site