IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහින්ද රුහුණෙන් යන හේතු අතුල විජේසිංහ නොදනි

තම හිටපු නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නම් තම උපරිම සහය ඔහුට ලබා දෙන බව වයබ පළාත් හිටපු මහා ඇමති අතුල ජයසිංහ මහතා එසැණට පැවසිය.

එතුමා කුරුණෑගලින් එනවා කියන්නේ අපිට ලොකු ආඩම්බරයක්. මමත් මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා. නමුත් මගේ උපරිම සහය එතුමාට දෙනවා. දයාසිරි ජයසේකර මහා ඇමතිතුමාත් මමත් හොද සහයෝගයෙන් වැඩ කරනවා. මම හිතනවා එතුමත් එතුමාගේ සහය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙයි කියලා.

එදා සිට මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙනා හම්බන්තොට ජනතාව අමතක කර කුරුණෑගලින් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මන්දැයි එසැණ කළ විමසුමට අතුල ජයසිංහ මහතා මෙසේ කීය.

අනේ මම නම් ඒ ගැන කියන්න දන්නේ නැහැ. ඇයි එතුමා කුරුණෑගලට ආවේ කියල එතුමාගෙන්ම තමයි අහන්න ඕනේ.



අදහස් (0)

මහින්ද රුහුණෙන් යන හේතු අතුල විජේසිංහ නොදනි

විද්‍යා Thursday, 09 July 2015 02:15 PM

පරදී කියල බයේ වෙන්න ඇති. ඔක්කොම ඉතින් කුරුණෑගලින් තමයි කෙලවර වෙන්නේ (බ)

:       0       0

නිමලරාජ් Friday, 10 July 2015 05:26 AM

අපි ගම්පහ, ගාල්ල, මාතර අය ගැනනම් දන්නවනේ. මමත් කුරුණෑගල කෙනෙක්. කුරුණෑගල ජනතාවගේ බුද්ධි මට්ටමත් මේකෙන් බලාගන්න පුළුවන්. හොරකම් මැරකම් අනුමත කරනවද නැද්ද? (ස)

:       0       0

කල්ප Friday, 10 July 2015 12:55 PM

අපි නම් මේවා ගැන දැන් වැඩිය හිතන්නේ නැහැ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලීස් Thursday, 09 July 2015 06:42 PM

මොහු මේ විදියට එන්නේ කුමකටද කියන හේතුව අවධානයට යොමු කළයුතු දෙයක්.මට හිතාගන්න පුළුවන් මොහු පරාද වුණාම මොහුගේ මානසික කඩාවැටීම කෙබඳුව තිබෙන්න ඇද්ද කියා.අවසාන වශයෙන් අහන්න තිබෙන්නේ රටේ සම්පත් ගසාකා ඇති බවට චෝදනා පිට චෝදනා තිබියදීත් ඒවා පසෙකට වීසිකර දමා රටේ පාලන ප්‍රවාහයට ඇතුළු වන්නට එන්නේ කුමන පදනමකින්ද කියලයි (නි)

:       0       0

චාන්දනී Thursday, 09 July 2015 06:58 PM

ඔහු කොහෙන් පැමිණියත් අපි හදවතින්ම ඔහු සමඟයි (නි)

:       0       0

අනුෂ Friday, 10 July 2015 06:59 AM

ගමේ ඡන්ද කොහොමත් එතුමාට අනිවාර්යයෙන්ම ලැබෙනවා.රටේම ඡන්ද එතුමාට තියෙන්නේ.කොහෙන් ඉල්ලුවත් එතුමා දිනනවමයි.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 09 July 2015 07:00 PM

කොහෙන් ඉල්ලුවත් අපිට නම් එකයි (නි)

:       0       0

සේන Thursday, 09 July 2015 12:15 PM

අපිටනම් ආරංචිය ඒ පැත්තෙන් ආවොත් ඇපෙත් නැති වෙයිලු. (බ)

:       0       0

සමන් කුමාර Thursday, 09 July 2015 01:46 PM

අවුරුදු 45 දේශපාලනය කළ දකුණු පළාත දාලා යන්නේ ඇයි? (නි)

:       0       0

රුවන් Thursday, 09 July 2015 01:50 PM

දකුණේ ඉන්න පිරිස හුඟක් බුද්ධිමත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site