IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහින්ද රාජපක්ෂ සාක් පාපන්දු තරගාවලිය දෙසැම්බර් 2 දා සිට

”මහින්ද රාජපක්‍ෂ කුසලාන යටතේ පාපන්දු (ලීග්) තරගාවලිය වාර්ෂිකව පැවැත්වීමට තීරණය කර ඇතැයි කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. මෙම වසරේ සිට පැවැත්වෙන තරගාවලිය ලබන දෙසැම්බර් 2 වැනිදා නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගනයේදී පැවැත්වේ. කී‍්‍රඩා අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඇමැතිවරයා තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව මුල්වී කි‍්‍රයා කළ බැවින් තරගාවලිය දිගටම මහින්ද රාජපක්‍ෂ කුසලාන සඳහා පැවැත්වීමට කලාපයේ රටවල් එකඟවී සිටින බව පැවසීය. ඒ අනුව ලබන වසරේදී තරගාවලිය මාලදිවයිනේ පැවැත්වීමට නියමිතය. කලාපයේ සෙසු රටවල් වලටද එතැන්  සිට තරගාවලියේ සත්කාරය පිරිනැමේ. නාවලපිටියේදී ආරම්භ වන  තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් 15,000ක් (රුපියල් ලක්‍ෂ 19කට වැඩි) හා අනුශූරයන්ට  ඩොලර්  10,000ක් ප‍්‍රදානය කෙරේ. ශ්‍රී ලංකා පාපන්දු  සම්මේලනයේ සහයෝගයෙන් කී‍්‍රඩා අමාත්‍යාංශය පළමු ”මහින්ද රාජපක්‍ෂ” කුසලාන පාපන්දු  තරගාවලියට අනුග‍්‍රහය දක්වයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් තරගාවලියේ සමාප්ත උත්සවය දෙසැම්බර් 8 වැනිදා පස්වරුවේදී පැවැත්වීමට නියමිතය. මහින්ද රාජපක්‍ෂ ශූරතා සාක් පාපන්දු තරගාවලිය පැවැත්වෙන ආකාරය. *දෙසැම්බර් 2 -: බංග්ලාදේශය හා පාකිස්තානය අතර  ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර. *දෙසැම්බර් 4 :- පාකිස්තානය හා මාලදිවයින අතර ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර. දෙසැම්බර් 6 :- මාලදිවයින හා බංග්ලාදේශය අතර ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර. දෙසැම්බර් 8 :- අවසන්  මහ තරගය. (පස්වරු 2ට හා පස්වරු 4ට තරග පැවැත්වේ. වැඩිම ප‍්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබති).



අදහස් (0)

මහින්ද රාජපක්ෂ සාක් පාපන්දු තරගාවලිය දෙසැම්බර් 2 දා සිට

ලලිත් - කටාර් Monday, 19 November 2012 02:03 PM

ඇයි මේ නමම මේකට දාන්න හිතුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site