IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘මහින්ද - මෛත්‍රී ස්වර්ණමය යුගය 18‘ - විමල් කියයි

මහින්ද මෛත්‍රී ස්වර්ණමය යුගය ලබන අගෝස්තු 18 වැනිදායින් පසු දැකගත හැකිවන බවත් එක්සත් ජාතික පක්ෂයද බැඳුම්කර සුදා, නිධන් සුදා, කරුංකා සුදා, තඹ සුදා, කප්පම් සුදා වැනි ලොකු වැරදි කළ අයට නාම යෝජනා නොදේනම් සුළු වැරදි කළ අපේ අයටත් නාම යෝජනා නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (8) කොළඹදී පැවසීය.

ඔහු සමග මේ සාකච්ඡාවට වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන හා මනූෂ නානායක්කාර එක්ව සිටියහ. බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගටද නාම යෝජනා හිමවූ බවද වීරවංශ මහතා එහිදී පැවසීය.

නාම යෝජනා දෙන නොදෙන අය ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට කෙලින් උත්තර නොදුන් වීරවංශ මහතා 13 වැනිදා නාමයෝජනා දීමෙන් පසු ඒ විස්තර දැනගත හැකියැයි කීවේය.

ඡන්දය දිනීමට එක්සත් ජාතික පක්ෂය බොරු බේගල් ඇද බාන බවටද ඔහු චෝදනා කළේය. 

web1 web2

 

 



අදහස් (0)

‘මහින්ද - මෛත්‍රී ස්වර්ණමය යුගය 18‘ - විමල් කියයි

සුදා Thursday, 09 July 2015 06:49 AM

බලාගෙන ඉඳිමු. තව මාලිගා දෙකක්, හෝටල් 3ක් හදා ගන්න පුළුවන්. (ස)

:       0       0

ශාන්ත Thursday, 09 July 2015 06:54 AM

ඔබලා දවල් සිහින සාගරයක ගිලී ඇති බව පෙනේ (ම)

:       0       0

කුමුදු කුමාර Thursday, 09 July 2015 07:27 AM

ශාන්ත ඔබ කියනව අපි දවල් හීන දකින බව මහින්ද ආවොත් දවල් හීනත් සුන්දර වේවි රනිල් ආවොත් ඔබට පමනක් නොව සිංහල ජාතියටම දකින්න වෙන්නේ දවල් තරු බව අමතක කරන්න එපා ගෙවුන මාස 6ට ඔබ කොහෙද හිටියෙ අපේ හමුදාවෙ කොල්ලො ජීවිත පූජා කරල බේරගත්ත රටට මොකක්ද වෙන්නෙ එ් රට බේරගත්ත විරුවන්ට අද උරුම පොරකය නේද සොයුර පක්ශයක් වෙනුවෙන් අන්ධ වෙන්න එපා මේ ලියන මට පක්ෂ පාට නෑ ඒත් මම රටට ආදරෙයි මම මහින්දටත් ආදරෙයි මොකද රටට සැබෑ ලෙසම ඔහුද ආදරේ කරන නිසා (බ)

:       0       0

ට්‍රිකල් Thursday, 09 July 2015 07:35 AM

රස්සාව බේරාගන්න දඟලන දැඟලිල්ලක් කොහොම සැපක්ද ගන්නවා ඇත්තේ? (ම)

:       0       0

සදා. Thursday, 09 July 2015 07:46 AM

අපි ඕවට නෑ.අපිට ඔව්වා බෑ.(මං කිව්වෙ පෙර යුගයට යන්න) (ම)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 09 July 2015 08:10 AM

මේ එසැන පුවත් තීරුවේ අඩල දොඩලා වැඩක් නැහැ. කදුළු පිහදාගෙන තව අවුරුදු ගානක් විපක්ෂයේ ඉන්න දැන් හිත හදා ගන්න. (ර)

:       0       0

වජිර Thursday, 09 July 2015 04:23 PM

දැන් කතාව වෙනස්වෙලා නේද? (නි)

:       0       0

බටන්ගල Thursday, 09 July 2015 10:48 AM

මේක ස්වර්ණමය කරගත්තොත් ඔය ගොල්ල නම් ගොඩ. එහෙම නේද?(ම)

:       0       0

සමන් Thursday, 09 July 2015 10:53 AM

මේ අර ජනාධිපතිවරණ කාලයේදී අය්යෝ සිරිසේන කියපු විමල්මද????? (ම)

:       0       0

වීරසේකර Thursday, 09 July 2015 10:56 AM

තුම්මුල්ලේ විමලේ පිලිගන්නවා එහෙනම් වැරදි කරපු කට්ටිය ඉන්නවා කියලා. (ර)

:       0       0

ලිස්ටර් Thursday, 09 July 2015 11:06 AM

උප්පැන්න 2 ,නම් 2 ,පාස්පෝට් 2, අප රටේ මිනිසුන්ගේ මනස දියුණු නම් මේ වගේ මෝඩ පුද්ගලයන්ට තවත් ජ්න්ද දෙයිද.(අ)

:       0       0

සමන් Friday, 10 July 2015 06:40 AM

අය්යෝ විමල් !!!!! චාටර්. (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 09 July 2015 07:49 PM

වින්සන්,දේශපාලකයාට දිව දෙකක් තිබෙනවා කියා කියනවනේ.නමුත් සමහර අයට දෙකට වඩා තිබෙනවා.අද ඔවුන් දේශපාලන වශයෙන් පමණක් නොව සදාචාරාත්මකවත් බංකොලොත්බාවයට පත්වෙලා (නි)

:       0       0

වින්සන්ට් Thursday, 09 July 2015 12:07 PM

එදා "අයියෝ සිරිසේන"! අද "මෛත්‍රී සුවර්ණමය යුගය.දේශපාලකයන් අඳින ඇඳුම ඇඳීමට අපි ලැජ්ජාවිය යුතුය.අඬන්නට දොඩන්නට නොව හඬා වැළපෙන්නට තරම් නොසිතෙන්නේ කාටද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 09 July 2015 08:10 PM

කීර්ති,මෙයා මෙහෙම කතා කරන්නේ මෙයා හිතනවා ඇති රටේ අනෙක් අයටත් තිබෙන්නේ මෙයාට සමාන බුද්ධියක් කියලා. ඒක නිසා මොහු කියන දේවල් හිස් මුදුනින් පිළිගන්නවා ඇති කියලයි.මෙහෙම කතාකරන එකත් හොඳයි. එතකොට සමාජය මේ අයගේ කතා තේරුම්ගන්නවා (නි)

:       0       0

මොහාන් Thursday, 09 July 2015 12:27 PM

එකපාරටම භාෂා ශෛලියත් වෙනස්වෙලා.මේ අය කතා කරන්නේ කටින්ද කියලා හිතෙනවා අපිට (නි)

:       0       0

ශක්ති Friday, 10 July 2015 12:24 AM

පක්ෂ භේද නොබලා දැන්වත් ඇස් අරිමු. (නි)

:       0       0

කීර්ති Thursday, 09 July 2015 01:14 PM

මෙයා දැන් කොහොමද මෙහෙම කතා කරන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site