පසුගිය රජය සමයේ සිදු වු බව කියන බරපතල ප්‍රශ්න සහ දුෂණ පිළිබඳව ප්‍රශ්න කිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල දුෂණ හා වංචා විමර්ශන කොමිෂම හමුවට බදාදා (23) කැදවනු ලැබ සිටීයි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, බරපතල වංචා සහ දුෂණ පිළිබඳ විමර්ශන ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ බදාදා (23) පෙරවරු 9 ට පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇතැයි කොමිසම් ආරංචි කියයි.
ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධින රූපවාහිනි සේවය ඔස්සේ ප්‍රචාරය කිරිමට ගිවිසගත් රුපියල් කෝටි දහයකට අධික දැන්වීම් ප්‍රචාරය කර ඇති බවත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවිම නිසා ස්වාධින රූපවාහිනියට පාඩු සිදුවීම ගැන කරන පරික්ෂණ සඳහා ප්‍රකාශ ගැනීමට ඔහු කොමිසම හමුවට කැදවීමට පියවර ගත් බවත් දැනගන්නට ඇත.
ස්වාධින රූපවාහිනි සේවයේ විගණන අංශය විසින් කරුණු අභ්‍යන්තර විගණනයකදී 2014 නොවැම්බර් 24 වැනි දා සිට 2015 ජනවාරි 05 වැනි දා අතර කාලයේ දී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්විම් පළ කිරිමට ගිවිසගෙන තිබී ඇති අතර ඒ සඳහා රුපියල් 62,639,600 ක් ගෙවා ඇති බව එම පරික්ෂණයේ දී හෙළි වී තිබිණි.
ඒ දැන්වීම් වලට අමතරව රුපියල් 101,773,058 ක් ස්වාධින රූපවාහිනි නාළිකාවක ඔස්සේ විකාශනය කර ඇතැයි ද මෙතෙක් ඒ මුදල් ගෙවා නැතැයි ද විගණන පරික්ෂණයේ දී සොයාගෙන ඇත.
මීට අමතරව රුපියල් 44,678,812 ක දැන්වීම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරිමට ගිවිසගෙන සිටියත් ඉන් විකාශනය කර ඇත්තේ රුපියල් 2,647,812 ආසන්න දැන්වීම් බවත් ඉතිරි මුදල සිරිසේන මහතාට ගෙවීමට සිදුව ඇති බවද පෙන්වා දෙන විගණන වාර්තාව එලෙස ආපසු මුදල් ගෙවීමට සිදුවිම මගින් ද ස්වාධින රූපවාහිනියට පාඩු සිදු වී ඇති බවත් සඳහන් කරයි.
එමෙන්ම රාජපක්ෂ මහතාගේ දැන්වීමක් ප්‍රචාරය කිරිමේදී අය කළ මුදල හා සැසඳීමේදී සිරිසේන මහතාගේ දැන්විමක් ප්‍රචාරය කිරිමේ දී රාජපක්ෂ මහතාගේ දැන්වීම් සඳහා ගත් කාලයට බෙහෙවින් අඩු මුදලක් අයකර එමෙන් දෙගුණයක් සිරිසේන මහතාගේ දැන්වීම් වලින් අයකර ඇතැයි ද විගණන වාර්තාව පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මහින්ද බදාදා ජනපති කොමිසමට’
අස්මිත් Wednesday, 23 September 2015 04:50 AM
ශ්‍රී ලංකාවේ සුපර්මෑන් අයිටීඑන් එකටත් පොල්ල තියලා!කජු කොස් ඇටද මහජන මුදල් දුප්පත් කාන්තාවන් පිටරට බැල මෙහෙවර කම් කරලා එවන සල්ලිවලින් හැම වැඩක්ම කරලා රටේ රජ්ජුරුවෝ යැයි ගරු නාමත් අරගෙන ශ්‍රී ලංකාවේ රාජ පරම්පරාවටම අවමන් දෙන ජීවිතයක් ගෙවලා මුළු ජනමාධ්‍යම අතේ තියාගෙන නටල පොල්ල තිබ්බ (බ)