IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්ද අගමැති වෙන්නේ කොහොමද?

මහ මැතිවරණයේ දී ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයගන්නා නිසා මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ඉල්ලීමට හෝ ඒ පිළිබඳ කතා කිරීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මෙවර නාමයෝජනා නොදුන්නේ ඔවුන්ට එරෙහි දූෂණ චෝදනා ඇති නිසා නොව ඔවුන් තරග කළොත් සන්ධානයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු පරාජය වීමේ අවධානමක් ඇති නිසා යැයි ද ඇමතිවරයා කීවේය.

web1



අදහස් (0)

මහින්ද අගමැති වෙන්නේ කොහොමද?

කමල් Sunday, 19 July 2015 05:35 PM

සෙනරත්, ඔයා කොහොමද එහෙම අභියෝග කරන්නේ? (නි)

:       0       0

දිලිප් Monday, 20 July 2015 04:04 AM

පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉස්සෙල්ලම ගන්න ඕනෙනේ. යන විදිහට ඔය කාටත් බහුතරයක් ගන්න බැහැ. (ම)

:       0       0

හරේන්ද්‍ර Sunday, 19 July 2015 06:24 PM

මහින්ද අගමැති වෙන එක තීරණය කරන්නේ මහජනතාව වන අපි. අපි ඒ තීරණය අවශ්‍ය වෙලාවට දෙන්නම් (නි)

:       0       0

කැටවල Sunday, 19 July 2015 06:57 PM

බලමුකෝ 17 ... (නි)

:       0       0

සකුන්ත Sunday, 19 July 2015 11:15 AM

ඒකතමයි අපිත් කියන්නේ. මොකද මේ කට්ටිය බයවෙලා කෑගහන්නෙ? (නි)

:       0       0

ජයන්ත Sunday, 19 July 2015 11:17 AM

මුළු රටේම ප්‍රධාන මාතෘකාව මහින්ද සහ මහින්දගේ අගමැතිකම. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් දෙගොල්ලෝම එකම ඉලක්කයක් කරා යන බව තමා මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

වීරකෝන් Sunday, 19 July 2015 11:22 AM

අපි බලමුකෝ ඒක වෙන්නේ කොහොමද කියලා 17 දාට (නි)

:       0       0

ශ්‍රීනාත් Sunday, 19 July 2015 07:18 PM

මහින්ද දිනන්නේ නැත්නම් මොකටද නීති කරුණු හොයන්නේ? (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Sunday, 19 July 2015 11:36 AM

නොවෙන දේවල් වලට විවාද කිරීමත් , කාලය අපතේ හැරීමක් , මුළු රටම සහ ලෝකයම දන්නවා , මහින්ද අගමැති නොවෙන බව (බ)

:       0       0

ගමගේ Sunday, 19 July 2015 11:39 AM

එහෙනම් ඔයාටද අගමැතිකම? හුළං තමයි (බ)

:       0       0

සචිත් Sunday, 19 July 2015 12:10 PM

වැඩිපුර හීන දකින්න එපා (නි)

:       0       0

නිහාල් Monday, 20 July 2015 04:55 AM

ඔය නීති පොත්වල තිබුණෙ නැද්ද මේ රට සිංහල බෙෳද්ධ රටක් කියලා.(ම)

:       0       0

දහම් Sunday, 19 July 2015 12:29 PM

පුත් සුමනදාස නම්බර් 2.(බ)

:       0       0

ඉරංගනී Sunday, 19 July 2015 08:46 PM

හරි හරි. අපි ඒකට හරි උත්තරයක් දෙන්නම් (නි)

:       0       0

ඉමල්ක Sunday, 19 July 2015 12:51 PM

තමාගේ ජාතියවත් දන්නේ නැති මෙයා බයිලා කියනවා. (බ)

:       0       0

අධිකාරි Monday, 20 July 2015 05:17 AM

මහින්ද දිනන්නේ නැත්නම් ඔබලා අගමැතිකම ගැන බය වෙන්නේ ඇයි?(ම)

:       0       0

දිනේෂ් Sunday, 19 July 2015 09:16 PM

දැන්ම ඡන්ද දාලා ගැනලා ඉවරවෙලාද ඔයතරම් එයා විශ්වාසයෙන් කියන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 19 July 2015 01:07 PM

පොල්ල දීලා ගස්සගන්න මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ඒක නිසා ඔය ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ.(ම)

:       0       0

බිනරි Sunday, 19 July 2015 09:48 PM

අපි මහින්දව කොහොමහරි අගමැති කරනවා (නි)

:       0       0

චන්න බුවනක Sunday, 19 July 2015 01:12 PM

ඔයා නිකන් කේවට්ටය වගේ වෙන්න එපා. තවම කාටවත් කියන්න බැහැ අගමැති වෙන්නේ කව්ද කියලා . ජන්දය ගණන් කරන කන් ඉන්නවා. (ම)

:       0       0

ඉෂාන්ක Sunday, 19 July 2015 01:13 PM

අගමැති වෙන්නේ කොහොමද කියන එකට අපි දෙන්නම් උත්තරය 17 වෙනිදට (නි)

:       0       0

ලීල් Sunday, 19 July 2015 01:26 PM

අපිටත් මතකයි ඉස්සර ඔයාලා කියපු දේවල්..... (නි)

:       0       0

දොම්පේ Sunday, 19 July 2015 11:10 PM

මහින්ද අගමැති වෙන්නේ වෙන කොහෙමවත් නෙමෙයි, "ඡන්දෙන්" (නි)

:       0       0

සක්විති Sunday, 19 July 2015 01:37 PM

එහෙනම් මොකෝ කට්ටියම ලතෝනි ගහන්නේ.හිත ඇතුලෙන් බයයි නේද? අරෙහෙන් අනුර කෑගහනවා. ඔයාල හීනෙනුත් දකින්නේ මහින්ද දිනන හැටි තමයි. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 19 July 2015 02:07 PM

පුදුම භීතියක්නේ සමහරුන්ට තියෙන්නේ.එයා ගැන සන්ධානයත් ඡන්දය දෙන අයත් බලාගනීවි (නි)

:       0       0

සුනිල් Sunday, 19 July 2015 02:34 PM

මේක සිංහල රට නෙමෙයි කිව්වෙ සිංහල කිව්වාම ජාතිවාදියි කිව්වෙ මේ රට කීපාරක් බුදුරදුන්ට පූජා කළ බුදු දහම රැකි සිංහලයා ජීවත් වුන රට බව දන්නේ නැතිව උපාධිත් අරන් තියනෙ ඔහේගෙ කතා කවුද ගණන් ගන්නේ. (බ)

:       0       0

විරාජ් Sunday, 19 July 2015 02:39 PM

උගතෙක් බුද්ධිමතෙක් ඒ වගේම මැති සබේ සිටිය යුතුම පුද්ගලයෙක් ඔබතුමා, (බ)

:       0       0

නිමාෂා Monday, 20 July 2015 12:51 AM

විරාජ්, ඔබ කියන විදිහටම මෙතුමා උගතෙක් බුද්ධිමතෙක්. ඒ වගේම මැතිසබයේ සිටියයුතුම පුද්ගලයෙක් කියලා තමා මමත් සිතාගෙන හිටියේ. එහෙත් එතුමා ගහලා තියෙන පෝස්ටර් හා කටවුට් දිහා බලන්නකෝ. (නි)

:       0       0

සෙනරත් Sunday, 19 July 2015 03:12 PM

ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීන් සංඛ්‍යාවකගේ කැමැත්ත ලැබෙන ඕනෑම මන්ත්‍රී වරයෙකුට ජනාධිපති විසින් අග්‍රාමාත්‍ය තනතුර පිරිනැමිය යුතුය. එක එක්කෙනාගේ බයිලා අහන්නේ නැතිව කොයි කවුරුත් ව්‍යවස්ථාව කියවා බලන්න. (බ)

:       0       0

ඉන්දික Monday, 20 July 2015 02:56 AM

18 වෙනිදා උදේ වෙනතුරු ඔය අය සිහින දැක දැක නිදාගන්න. (නි)

:       0       0

යහම්පත් Sunday, 19 July 2015 04:35 PM

සෙනරත් මහතාගේ කතාව හරි (නි)

:       0       0

අමන්දා Sunday, 19 July 2015 05:13 PM

ඔබ හරි මැතිතුමනි.ජනපතිට කැමති කෙනා සෑමවිටම අගමැති විය. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 19 July 2015 05:30 PM

මහින්දට මැතිවරණයට ඇවිල්ලා කරලා බලන්න කියන්න.එයාගේ පරණ කැරැට්ටුව දැන් මුළු රටම දන්නවානේ. එහෙවු කෙනෙකුට ඡන්දෙ දෙන්න තරම් ශ්‍රී ලාංකිකයන් මෝඩ නැති වග නොතේරුන නිසා තමයි, ආයෙත් වරක් ඡන්දය ඉල්ලන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site