IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහේන්ද්‍ර දෝණිට වරෙන්තු : විෂ්ණු දෙවියනට ඇඳලා

හින්දූන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විෂ්ණු දෙවියන් ලෙස ඉන්දියාවේ බිස්නස් ටුඩේ සඟරාවේ වෙළෙඳ දැන්වීමට පෙනී සිටීමෙන් ආගමික හැඟීම් කෙළෙසීයැයි ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ නායක එම් එස් දෝණි අත්අඩංගුවට ගැනීමට හයිද්‍රබාද් උසාවියක් වරෙන්තු නිකුත් කළේය.

සිතාසි නිකුත් කර තිබිය දී අවස්ථා තුනක දීම ඔහු උසාවි නොපැමිණි නිසා වරෙන්තු නිකුත් කැරිණි.

ලොකු ගනුදෙනුවල දෙවියා යනුවෙන් දෝණිගේ ඡායාරූපය යටින් එම පුවත්පතේ කවරයේ කතාව පළ කර ඇත්තේ 2013 අප්‍රේල් මාසයේ දීය.

විශ්ව හින්දු පර්ශදය උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරමින් දෝණි හින්දු ආගමට අපහාර කළැයි කියා සිටියේය. ඔහුට එරෙහිව නවදිල්ලිය, පූනේ හා තවත් නගරවල නඩු පවරා ඇත.

 



අදහස් (0)

මහේන්ද්‍ර දෝණිට වරෙන්තු : විෂ්ණු දෙවියනට ඇඳලා

වසන්ත Wednesday, 25 June 2014 08:20 AM

ඔව් ඉතින් රටට හෙන ගැහුවත් ඔහෙලට කමක් නැහැ තමයි (නදී)

:       0       0

zeylanicus Tuesday, 24 June 2014 06:09 PM

කාලයක් භාවනා කරලා විෂ්ණු දෙවියන් ගෙන් අවසර අරගෙන මේ දැන්වීමට පෙනී හිටිය කියල කිව්වනම් හරි. බොරු නම් විෂ්ණු දෙවියන්ගෙන් අහල බලන්න කියන්න..(අ)

:       0       0

රකිත් Wednesday, 25 June 2014 09:01 AM

දෝනි කියන්නේ විෂ්ණු දෙවියන් යැයි විශ්වාස කරන සෑහෙන පිරිසක් ඇති ඉන්දියාවේ. තෙන්ඩුල්කාර්වත් ඔවුන් සලකන්නේ දේවත්වයේ. මොහුව අත් අඩංගුවට ගන්න උත්සාහ කලොත් ඔවුන් හිතයි විෂ්ණු දෙවියන්ව සිර භාරයට ගන්න යනවා කියලා. (නදී)

:       0       0

කමල් Tuesday, 24 June 2014 07:13 PM

ඕනෑම කෙනෙකුට බුද්ධ ධර්මයට, බුදුන්ට අපහාස කරන්න නිදහස තියනවා, නඩු දැම්මොත් මානව හිමිකම් කැඩුවා, ආගමික නිදහස නැති කරනවා කියන්න පුළුවන්, ඒ වාගේම් ඒ වැඩේ කලේ භක්තිය නිසා කියලා කියන්නත් පුළුවන්. (අ)

:       0       0

අමර Tuesday, 24 June 2014 07:29 PM

සල්ලි දෙනවා කිව්වා නම දෙයියොත් එයි. මෙයා ගන්නේ නැතුව දෙයියෝම ගන්න තිබ්බා (අ)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 24 June 2014 07:56 PM

ඒ වෙළඳ දැන්වීම ඉන්ටනෙට් එකේ දැක්කාම මට හිනත් ගියා. කොහොම උනත් මටනම් හිතෙන්නෙ වරද කරල තියෙන්නේ ඡායාරූපය සංස්කරණය කල සහ දැන්වීම ප්‍රචාරය කල අයයි. දෝනි විහින් වරෙන්තු අරගෙන. (අ)

:       0       0

මිනිපෙ Tuesday, 24 June 2014 08:27 PM

අනේ මට ඔය පින්තුරේ හොයල දෙන්නකෝ. දේවාලයක් හදාගන්න. (අ)

:       0       0

නුවන් Wednesday, 25 June 2014 04:15 PM

ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ.ඕන කෙනෙක්ට බුද්ධාගමට නිගරු කරලා ජොලියේ ඉන්න පුළුවන්!(දී)

:       0       0

දුම්මලසූරිය Wednesday, 25 June 2014 10:39 AM

අනේ හැබැටම අපිට කතා කරන්න අපේම කියල ප්‍රශ්න නැති හැටි. අපේ රට ඒ තරමටම සංවර්ධිතයි...සුවන්පොෂිතයි.... (නදී)

:       0       0

පිටිගල Tuesday, 24 June 2014 10:22 PM

අපේ වැඩබිමේ ඉන්නවා විෂ්ණු , යකා, දීපංකර, ක්‍රිෂ්ණා, ජීසස් ඔය සේරම. හැබැයි නේපාලයෙන් ඇවිත් ඉන්න සුළු සේවකයෝ.අහිංසක කොල්ලෝ . ඒ ගොල්ලන්ට නඩු දාන්නේ නැහැ කව්රුවත්. (ස)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 24 June 2014 10:53 PM

මම දැක්ක ඉන්ටනෙට් එකේ අපේ එක්කෙනෙකුත් හින්දු පුජකයෙක් වගේ ඇදගෙන ඡායාරුප අරන් තියනවා එයාටත් වරෙන්තුවක් හම්බ වෙයිද දන්නේ නැ.දැන් ඉන්දියාව මැච් දිගටම පරදිනවනේ .දිනනකොට විතරයි දේවත්වයෙන් සලකන්නේ .පරදිනකොට ගෙවලුත් ගිනි තියනවා .(ස)

:       0       0

සත්‍යා Wednesday, 25 June 2014 02:22 AM

ඉන්දියාවේ වැඩ බලාගන්න මිලියන 1200ක පමණ ජනතාවක් ඉන්නවා. මිලියන 21ක් විතර වූ අපි කලාපයේ විතරක් නොවෙයි ලෝකෙම තියෙන ප්‍රශ්න ඔළුවට ගන්නවා. ඒකයි එක ප්‍රශ්නයක්වත් විසඳිලා නැත්තේ. (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 25 June 2014 05:30 AM

මේවා හොඳ වැඩ නෙමෙයි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 25 June 2014 06:09 AM

එයාට ඕනෑ දෙයක් කරගන්න කියන්න. අපිට නම් කමක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site